ලෝකයේ ඇති ආරක්ෂාව වැඩිම වාහන

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    ලෝකයේ ඇති ආරක්ෂාව වැඩිම වාහන

    වාහන විත්ති 347 - වොල්වෝ, ‘පෝල් ස්ටාර් 2’

    4LQlRGM.png




    වාහන විත්ති 347 - වොල්වෝ, ‘පෝල් ස්ටාර් 2’ .

    ‘පෝල් ස්ටාර්’ හෙවත්, ‘උතුරු තරුව’ ගැන කෙනෙක් සමහරවිට අසා තියෙන්නට පුළුවන. නැගෙනහිර ක්ෂිතිජයේ දකින්නට හැකි මේ තාරකාව දෙස බලා, පුරාණ නාවිකයන් මුහුද මැද යාත්‍රා කරන දිශාව සොයා ගත්හ. එය එකළ ප්‍රසිද්ධ වූ තාරකාවක් විය. ස්වීඩනයේ වොල්වෝ සමාගම ඒ නම භාවිතා කරමින් විදුළි වාහනයක් තනා ඇත්තේ Polestar 2 ලෙසිණි. එහෙත් එය එදා කියූ අයුරෙන් , ‘උතුරු තරුව’ සේ ප්‍රසිද්ධ වේදැයි නොදනිමු.

    වොල්වෝ වාහන ලෝකයේ ඇති ආරක්ෂාව වැඩිම වාහනය සේ ප්‍රසිද්ධියක් ලබා ගෙන තිබේ. ලංකාවේද දකින්නට ඇති මේ සමහර වාහන මොඩල වල ඉස්සරහා ඇති බෆර් එක, වාහනයේ බොඩියට සවි කර ඇත්තේ ‘ස්ප්‍රින්' දෙකකින් බව ඔබ සමහරවිට නිරීක්ෂණය කරන්නට ඇත. එයින් අනතුරකදී ඇතිවන ක්ෂණික වේගයේ අඩුවීම නිසා වන චාලක ශක්තිය අවශෝෂණය කර ගනී.

    ‘ටෙස්ලා මොඩල් 3’ වාහනයට තරඟයක් දීමට ඔවුන් මේ වාහනය නිර්මාණය කර ඇත. ප්‍රධාන සහ ප්‍රසිද්ධ වාහන නිෂ්පාදකයෙක් වන ස්වීඩනයේ වොල්වෝ සමාගම පවා කලබල වී ඇත්තේ ටෙස්ලා සමාගමේ නිෂ්පාදන වල දියුණුවට බව, මේ තරඟකාරිත්වයෙන් පෙනේ. නමුත් මේ ආකාරයේ තරඟකාරීත්වයක් වාහන සමාගම් අතර ඇති වීම පාරිභෝගිකයාට වාසියකි.

    විශේෂයෙන්ම ෆොසිල නොවන වාහන නිර්මාණය කරන සමාගම් අතර තරඟ කාරිත්වයක් ඇතිවීම පාරිභෝගිකයාට වාසියක් වන්නේ, එවැනි වාහන නිර්මාණයට පසු මහා පරිමාණයෙන් විකිණෙන විට, ෆොසිල වලින් දිවෙන වාහනයකට සාපේක්ෂ වශයෙන් මිළ අඩු වීම හේතුවෙනි. මක්නිසාදයත් මිළ අධික උපාංග ඇති එන්ජිමක් හෝ එන්ජිමකට අවශ්‍ය අනෙක් දේවල් මේ වාහන වල නැති හෙයිණි.

    ලංකාව වැනි රටකට මේ තත්වය ඉතා වාසි සහගතය. එනම් මේ ආකාරයේ වාහනයක් මිළදී ගැනීමට බොහෝ අයට නොහැකි නිසා, ඔවුන් සඳහා චීනා විසින් අඩු මිලැති වාහන නිර්මාණය කරන හෙයිණි.

    2017 වසරේ ප්ලග් ඉන් හයිබ්‍රිඩ් [PHEV] වාහන තැනූ වොල්වෝ සමාගම ඔවුන්ගේ ප්‍රථම විදුළි වාහනය වන Polestar 1 තනා අද දින එහි නවතම මොඩලය වන Polestar 2 නිර්මාණය කර ඇත. එහි කාර්මික දත්ත මෙසේ වේ. රෝද හතරටම බලය සැපයෙන පරිදි මෝටර් දෙකකින් එය ධාවනය වේ. එයින් ඇති කරන බල ශක්තිය කිලෝ වොට් 300 ක්, ව්‍යාවර්ථය [Torque] නිව්ටන් මීටර් 660 ක් වන මෙහි ඇත්තේ පැහැදිළිවම ලිතියම් අයන් බැටරි විය යුතුය. එය කිලෝ වොට් පැය 27ක් යයි සඳහන් වේ.

    තත්පර පහකින් ශුන්‍ය වේගයේ සිට පැයට කිලෝ මීටර් 100 වේගයක් මේ වාහනය ලබා ගනී. සම්මත තත්වයන් [WLTP cycle] වාහනයෙන් කිලෝ මීටර් 500 ක් ධාවනය කල හැක. ඇමරිකාවේ මේ දුර ගණනය කරන ක්‍රමය වන සම්මත තත්වය යටතේ [EPA range] කිලෝ මීටර් 275ක් ධාවනය කල හැක. බැටරි බෑන්ක් එක ස්ථාපිත කර ඇති ආකාරය අනුව වාහනය ඉතා ස්ථාවර බවද ඇතුලේ ඇතිවන ශබ්දය අවමයක් බවද කියැවේ.

    ශබ්දය මනින ඒකකය, ‘ඩෙසිබල්' වේ. මේ වාහනය බැටරි බෑන්ක් එක තබා ඇති ආකාරය හේතුවෙන් මෙන්ම එන්ජිමක් නැති හෙයින් එවැනි ෆොසිල ඉන්ධන වාහනයක ශබ්දයට වඩා ඩෙසිබල් 3.7 කින් අඩු බව සඳහන්ය. සාමාන්‍යයෙන් ඕනෑම විදුළි වාහනයක් මගින් ඇති කෙරෙන ශබ්දය අවමයක් වේ.

    ටෙස්ලා මොඩල් 3 වාහනයට වඩා මෙහි ඇති විශේෂයක් වන්නේ, විශාල පරිඝනක තිරයක් නැති වීමත්, පෝල්ස්ටාර් 2 වාහනයේ පාලක පූවරුව සාමාන්‍ය වාහනයක ආකාරය වීමත්ය. සමහරවිට මේ වාහනය පැරණි ආකාරයේ වාහන අගය කරන පාරිභෝගිකයන් සඳහා යොමු කිරීමට එසේ නිර්මාණය කරන්නට ඇත.

    මේ වාහනයේ ‘පරිඝනක භාෂාව’ වන්නේ, බොහෝ ස්මාර්ට් දුරකථන වල ඇති ‘Android’ ක්‍රමයයි. ටෙස්ලා මොඩල් 3 වාහන වල එය ‘Linux’ ක්‍රමය වේ. මේ නිසා, Google maps, Google assistant, Google play වැනි ක්‍රමවලට කෙලින්ම අනුගත වීමට හැකියාව ඇත. මෙවැනි පරිඝනක ක්‍රම වල වාසිය නම්, වාහනය එය හිමි තැනැත්තාගේ අවශ්‍යතා අනුව ඉබේම හැඩ ගැසීමට සැලැස්විය හැකි වීමය.

    උදාහරණයක් සේ එවැනි වාහනයක් උණුසුම් රටක භාවිතා වන්නේ නම්, වාහනය ධාවනයට පෙර එහි ඇතුළත උෂ්ණත්වය වායු සමීකරණ යන්ත්‍රය ක්‍රියාත්මක වී සිසිල් වීම ගත හැක. පාරිභෝගිකයා ඒ උණුසුම් කිරීම කිහිප වතාවක් කල විට, වාහනයේ පරිඝනකය එය මතකයේ තබා ගෙන එය ඉබේම ක්‍රියාත්මක කිරීමයි.

    3EeSXw4.png


    මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ, මෙයට දශකයකට පෙර වාහනයක ගුණ අගුණ සාකච්චා කරන විට, මෙවැනි පරිඝනක දත්තයන් කිසි සේත් මෝටර් කර්මාන්තයට අදාළ නැති වීමය. එහෙත් අද දින එය වෙනස් වීම, පාරිභෝගිකයාගේ පැත්තෙන්ද වාසි සහගත වේ. එනම් පරිඝනක තාක්‍ෂණය වාහන තාක්ෂණයට සම්බන්ද වන තරමට වාහන වල මිළ පහත යන හේතුවෙනි.

    වාහන ක්‍ෂේත්‍රය, පසුගිය දශක කීපය තුල පරිඝනක තාක්‍ෂණය සේ දියුණු වූවා නම්, විදුළි කරණය වූවා නම්, සාමාන්‍ය වාහනයක් ඩොලර් දහයකට වඩා මිළ වැඩි වන්නේ නැත.

    එහෙත් එය සිදු වීමට, කොච් සහෝදරයෝ, මාර්ස් පව්ල, ‘රොකෆෙලර් පව්ළ’ වැනි ඇමරිකානු සුපිරි ධනවතුන් සහ ඔවුන්ගේ හීලෑ සුනඛයන් වූ අරාබි තෙල් හිමියන් මේ කාර්‍යය සිදු කරන්නට විශාල ප්‍රතිරෝධයක් දැක් වූහ. එහෙත් ඔවුන්ට ඒ ප්‍රතිරෝධය දැක්වීමේ ඉඩකඩ අද දින වේගයෙන් නැති වන බව පෙනේ.

    චීනයේ නිෂ්පාදනය වන මේ වාහනය, බෙල්ජියම, එංගලන්තය, කැනඩාව, ඇමරිකාව, චීනය ජර්මනිය, නෝර්වේ හී විකිණෙනු ඇත. කෙසේ වුවද ඉතා වේගයෙන් ජනප්‍රිය වූ, ටෙස්ලා මොඩල් 3 වාහනයට තරඟයක් දීමට මේ වාහනයට හැකි වේද යන්න අනාගතයේ තීරණය වනු ඇත
    Lalith Karunaratna
    වාහන විත්ති 347 - වොල්වෝ, ‘පෝල් ස්ටාර් 2’
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    23+

    23+

    23+

    20+

    23+


    You must spread some Reputation around before giving it to sidathsaumya again.

    TFS leaf eka wikunala mekak ganna apuwama.
    23+
    ඒක විකුණලා බෑ
    1000 km per month for < 3000 rs / total CEB bill ;)
    23+
     
    Last edited:

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    366
    215
    43
    මචෝ මේකෙ ආරක්ෂාව අනිත් ඒවට වැඩි වෙන්නෙ කොහොමද කියත් දාපන්