කොහොමද මේ ඉස්කෝලෙ යාම!!!!!
20/11/2011 දින දියග පුවත්පත ඇසුරෙනි.
හැම රටකම දරුවන් පාසල් යනවා. මෙය සුලබ සිද්ධියක්.
එහෙත් චීනයේ 'පිළි' ගම්මානයේ පාසල් දරුවන් තමයි ලොව දුෂ්කරම පාසල් ගමනේ යෙදෙන අය.
දරුවන් වයස 6 සිට 17 දක්වා වූ අයයි. කඳු අතර පිහිටි පිළි ගමේ ජීවත්වන වැඩිදෙනා ගොවීන් සහ එඩේරුන්ය.
ගම විශාල එකක්.
ගමේ පාසල පිහිටියේ සැතපුම් එකසිය විස්සක් ඈතින්.
එයින් සැතපුම් හැත්තෑවක් වාහනවලින් යා හැකිය. ඉතිරි සැතපුම් 50 ම යා යුත්තේ පයින් හෝ ඔටුවන් පිටය. ඇතැම් තැනෙකදී ඔටුවන් නවතා කඳු දිග බඩගාන්නටත් පාසල් ළමයින්ට සිදුවෙනවා. මේ පාසලට යන ළමයින් ලොව දුෂ්කරම පාසල් ගමනෙහි යෙදෙන ළමයින් වීමට ඉඩ තිබෙනවා.
ඉතින් අවුරුද්දකට සිව් වතාවක් මේ ළමයින් ගෙදර එනවා.
"පිළි"ගමට යාමට දින කීපයක් අවශ්‍යයි. බොහෝවිට නිවාඩු කාලය අවසන් වීමෙන් පසු ගමේ දරුවන් පාසලට එන විට එය ඇරැඹී සතියක් පමණ ගත වෙලා.
මේ ගමනේ බියකරුම සහ දුෂ්කරම කොටස වන්නේ කන්දක් උඩින් වැටී ඇති අඩි පාරයි. අඟල් කිහිපයක් පමණක් පළලින් යුත් මේ අඩි පාර දෙපැත්තෙහි තිබෙන්නේ අඩි 1000 ක් ගැඹුරු හෙලක්.

ඒ අඩිපාර පහුවූ පසු මේ දරුවන් ගංගා හතරකුත් තරණය කළ යුතු වෙනවා.

ඒවායේ ජලය අයිස් තරම් සීතලලු.
ඒවා හරහා දමා ඇති ඒ දඬුවැනි පාලම්වල පළල අඩියකි.
ඇතැම් විට කුඩා දරුවන් කරේ තබාගෙන මේ ගංගාවලින් එතෙර කිරීමට ගුරුවරුන්ට සිදුවේ. පසුගිය කාලය තුළ මෙයින් කීප දෙනකුම ගඟටත් වැටුණා.

"පිළි" ගමේ දෙමව්පියන් හිතන්නේ මේ දුෂ්කර ගමනින් පසු පාසලට ළඟාවී අකුරු කරන තම දරුවන් ඕනෑම දුෂ්කර ජීවිතයකට මුහුණ දීමට තරම් ශක්තිමත් පුද්ගලයන් වීමට ඉඩ ඇති බවයි.

හිම කාලයට ගංගා හතර තරණය කිරීම ඉතා පහසුය. මන්ද ඒවායේ ජලය අයිස් බවට පරිවර්තනය වන නිසයි. ඒ මත පයින් යාමටත් හැකියි.

කෙසේ නමුත් "පිළි"ගමේ පාසලට වෙනත් පැත්තකින් පාරක් කැපීම මේ දවස්වල සිදුවෙනවා. පාර හදා ඉවර වෙන්නේ 2013 දීයි.

චීනයේ ජාතික ප්‍රතිපත්තිය වෙන්නේ හැම ළමයකුටම නොමිලේ අධ්‍යාපනය ලබාදීමයි.

Last edited:

e athin lankaava hodai..