ලෝකයේ ප‍්‍රධාන අධිවේගී මාර්ග

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලෝකයේ ප‍්‍රධාන අධිවේගී මාර්ග

    ලෝකයේ අධිවේගී මාර්ග ජාතික හා අන්තර්ජාතික වශයෙන් වර්ගීකරණයට ලක්කොට ඇත. මෙම මාර්ග විවිධ වාර්තාවලට හිමිකම් කියයි. මෙහි ලියැවෙන්නේ ලෝකයේ ප‍්‍රධාන පෙළේ අධිවේගී මහා මාර්ග කීපයකි.

    1. ජාත්‍යන්තර අධිවේගී මාර්ග අතරින් දිගින් වැඩිම අධිවේගී මාර්ගය වන්නේ ලතින් ඇමෙරිකානු රටවල් අතර ඉදිකොට ඇති කිලෝ මීටර 47,958 ක දිගින් යුතු මාර්ගයයි. ලතින් ඇමෙරිකානු අධිවේගී මාර්ග කොන්ග‍්‍රසය මගින් පාලනය කරනු ලබන මෙම මාර්ගය ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, මැක්සිකෝව, ගෝතමාල්, එල්සැල්වදෝරය, හොන්ඩුරාස්, නිකරගුවා, කෝසටාරිකාව, පැනමා, කොලොම්බියා, ඉක්වදෝර්, පේරු, චිලී හා ආජන්ටිනාව එකිනෙක සම්බන්ධ කරමින් දිවයයි.

    2 ලෝකයේ ඉදිකැර ඇති අධිවේගී මාර්ග අතරින් වැඩිම උසකින් පිහිටි අධිවේගී මාර්ගය වන්නේ චීනයත් පාකිස්ථානයත් අතර කරාකෝරම් කඳුවැටිය මතින් දිවෙන අධිවේගී මාර්ගයයි. එහි උසින් වැඩිම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 15,397 ක උසින් පිහිටා තිබේ.

    3 ලොව පළලින් වැඩිම අධිවේගී මාර්ගය වන්නේ ඇමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ හූස්ටන් නගරය හරහා දිවෙන අධිවේගී මාර්ගයයි. කැටී නිදහස්මග ලෙස නම්කොට ඇති මෙය 2007 දී මං තීරු 26 දක්වා පුළුල් කැර තිබේ.

    4 ඕස්ටේ‍්‍රලියාවේ ඉදිකැර ඇති හයිවේ 01 නැමැති මෙතෙක් ලොව එක් රටක ඉදිවූ දිගම තනි අධිවේගී මාර්ගය වන අතර කිලෝ මීටර 14,500 දුරකින් යුතුය. ඕස්ටේ‍්‍රලියාව වටා මෙම මාර්ගය ඉදිකොට තිබේ.

    5 ලොව දිගින් දෙවැනි ස්ථානය ගන්නා අධිවේගී මාර්ගය වන්නේ අන්තර් සයිබීරියා අධිවේගී මාර්ගයයි. රුසියන් සමූහාණ්ඩුවේ නිර්මාණයක් වූ මෙය රුසියාවේ සිට අත්ලන්තික් සාගරයේ පිහිටි බෝල්ටික් මුහුද දක්වාද තවත් පසෙකින් පැසිපික් සාගරයේ ජපන් මුහුද දක්වා ද දිවයයි. රුසියන් සමූහාණ්ඩුව බිඳ වැටිමෙන් පසු මෙය රටවල් කිහිපයකට අයත්ව ඇති බැවින් දැන් එය ආසියාවේ අධිවේගී මාර්ග පද්ධතිය ලෙස පිළිගැනේ. ඒඑච් 6 ලෙස නම්කොට ඇති මෙම මාර්ගය කිලෝ මීටර 11,000 ක් දිගැතිය.

    6 තනි රටක ඉදිකළ අධිවේගී මාර්ග අතරින් ලොව දිගින් තෙවැනි ස්ථානය ගන්නා අධිවේගී මාර්ගය පිහිටා ඇත්තේ කැනඩාවේය. කිලෝ මීටර 8,030 ක් දිගින් යුතු එය කැනඩාවේ ප‍්‍රාන්ත දහයක් එකිනෙක යා කරමින් ඉදිකැර තිබේ. 1962 දී ජනතා අයිතියට පත්කරන ලද මෙම අධිවේගී මාර්ගයේ දිනකට වාහන මිලියනයකට වඩා ගමන් කරන බව පැවසේ.

    7 ලොව විශාලතම අධිවේගී මාර්ග ජාලයට හිමිකම් කියන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. අන්තර් ප‍්‍රාන්ත අධිවේගී මාර්ග පද්ධතිය ලෙස ප‍්‍රසිද්ධියට පත්ව තිබෙන මේ මාර්ග පද්ධතියේ සියලූම මාර්ගයන්හි දිග සැලකූ විට එය
    කිලෝ මීටර 6,430,366 කි. මේ මාර්ගය මගින් ඇමරිකාවේ සියළුම ප‍්‍රධාන නගර එකිනෙකට සම්බන්ධ කොට ඇත.

    8 ලොව පිළිගත් අධිවේගී මාර්ග නීති රීති අනුව ලෝකයේ ප‍්‍රථම අධිවේගී මාර්ගය නිර්මාණය කැර ඇත්තේ ඉතාලියයි. ඒ 1922 වර්ෂයේ ඔටෝස්ට‍්‍රාඩා 8 ලෙස එය නම්කැර තිබේ.

    9 ලෝකයේ වඩාත් කාර්ය බහුල අධිවේගී මාර්ගය ලෙස පිළිගැනෙන්නේ ඇමෙරිකාවේ කිංග්ස් හයිවේ 401 නැමැති මාර්ගයයි. දකුණු ඇමෙරිකාව, මධ්‍යම ඇමෙරිකාව සහ නැගෙනහිර ඔන්ටාරියෝ සම්බන්ධ කරමින් විහිදී යන මෙම මාර්ගයේ දිනකට වාහන ලක්ෂ පහකට වඩා ධාවනය වන බව ගණනය කොට තිබේ.


    සටහන සහ ඡායාරූප - සජීව විජේවීර

    freeway-interchanges-92.jpg

    freeway-interchanges-52.jpg

    freeway-interchanges-62.jpg

    carlifonia.jpg

    edward-burtynsky-23.jpg

    freeway-interchanges-16.jpg

    freeway-interchanges-72.jpg

     
    • Like
    Reactions: AselaAsanka

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Good Post Machan...... :)
    ස්තුතියි මචං..

    Accidents walata dima 3rd party claim ekak ganna highway, Gal mul prahara walata lakwana highway, wadipurama ballo cross karana highway.
    E01
    අපෝ ඔවු බං.. :lol::lol: දුක් සීන් එකකට තියෙන්නේ හම්බානෙක සත්තු මැරිලා ඉන්නවා නේ බං.. :(:(