ලෝකයේ බලගතුම රේඩියෝ දූරේක්ෂය අද සිට විශ්ව
මෙතෙක් නිපදවූ ලොව බලගතුම රේඩියෝ දූරේක්ෂයවූ ALMA අද සිට විශ්වය පීරීම පටන්ගැනීමට නියමිතයි.
චිලී රාජ්‍යයේ කාන්තාරයක පිහිටුවා ඇති මෙය මීටර් 7 හා 12ක විශ්කම්භයක් සහිත තරංග ග්රාහක ඇන්ටනා 66 කින් සමන්විතයි.
එක්ව ක්‍රියාකරනා මෙම ඇන්ටනා 66න්ම ලබාගන්නා රේඩියෝ තරංග බයිනරි ක්‍රමයට හරවා සැතපුම් 10ක් දිග ෆයිබර් ඔප්ටිකල් කේබල් දිගේ මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත යැවේ.
එහිදී ලැප්ටොප් පරිගනක මිලියන 3ක ධාරිතාවකට සමාන සුපිරි පරිගනකයක් හරහා ඒවා ජායාරූප බවට පත්කෙරේ. එසේ නිපදවෙන ජායාරූපයක් හබල් දූරේක්ෂයෙන් ලබාගන්නා ජායාරූපයකට වඩා 10 ගුණයක තීව්රතාවයෙන් වැඩිය.
එවන් ජායාරූපයක් ලබාගැනීමට නම් පොළොව මත පිහිටවූ සැතපුම් 10ක පලලින් යුක්ත තනි දූරේක්ෂයක් අවශ්‍ය බවයි පැවසෙන්නේ. Atacama Large Millimeter Array හෙවත් ALMA ලෙස මෙම දූරේක්ෂය හඳුන්වන අතර මෙමඟින් අපේ ජීවය පිළිබඳ විශාල තොරතුරු රැසක් සොයාගත හැකි බවට විශ්වාස කෙරෙනවා.
දුශ්‍ය ආලෝකයෙන් නිරීක්ෂණය කිරීමකට වඩා රේඩියෝ තරංග වලින් නිරීක්ෂණය කිරීමේ ඇති වාසිය නම් ඝන වලාවන් හරහාද මෙයින් බලාගත හැකි වීමයි. මෙම ALMA දූරේක්ෂය ඉදිකිරීමට වසර 10ක පමණ කාලයක් ගතවී තිබෙන අතර වැයවී ඇති මුදල ස්ටර්ලිං පවුම් මිලියන 950කි.
මෙම ඇන්ටනා පද්ධතිය පිහිටවීමට චිලී කාන්තාරයම යොදාගන ඇත්තේ වියලි කාලගුණයක් තිබීමත්, කෘතීම ආලෝකයන්ගේ බලපෑමෙන් තොර වූ ප්‍රදේශයක් වීමත්, මුහුදු මට්ටමෙන් මීටර් 4,998ක උසින් යුත් ප්‍රදේශයක් වීමත් නිසාය. (පිදුරුතලාගල කඳු මුදුනට උස මුහුදු මට්ටමේ සිට මීටර් 2,524කි)
ඇන්ටනා මඟින් ග්‍රහණය කරගැනීමට උත්සාහ ගන්නා තරංග, වායුගෝලයේ ඇති ජල වාෂ්ප වලින් උරාගන්නා නිසා වියලි කාලගුනයක් ඇති ප්‍රදේශයක් මෙවන් කටයුත්තක් සඳහා තෝරා ගැනීම ඉතා වැදගත්ය.
ඇන්ටනා සියල්ලෙන්ම ආවරණය වන ප්‍රමාණය වර්ග අඩි 70,000කි. කිලෝමීටර් 16ක ප්‍රදේශයක මෙම ඇන්ටනා පිහිටුවා ඇති අතර මුහුදු මට්ටමින් ඉහලම ඇති ඇන්ටනාව තිබෙන්නේ මීටර් 5,000ක උසින් නිසා මෙහි කාර්යයන් කිරීමේදී අතිරේක ඔක්සිජන් සිලින්ඩරද භාවිතයට ගැනීමට නියමිතයි.
ගත්තේ මෙතනින් www.exgossip.com