ලෝකයේ රටරටවල වැඩ කිඩ

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ලෝකයේ රටරටවල වැඩ කිඩ

    ලෝකයේ රටවල් රැසක් පාදකකරගනිමින් කරන ලද සමීක්ෂණයක වාර්තාවක් එළිදක්වා තිබෙනවා. ඒ අනුව ලොව වැඩිම සතුටින් යුතු ජනතාවක් සිටිනුයේ කොළොම්බියාවේය.‍ වැඩිම මරණ වාර්තාවන රට ලෙස පෙන්වා දෙන්නේ දකුණු අප්‍රිකාවයි.
    නව මාධ්‍ය අංශයෙන් ඉදිරියෙන්ම සිටිනුයේ පින්ලන්තයයි. වේගවත්ම වයි ෆයි ලබාදෙන රට වන්නේ ලිතුවේනියාවයි.
    වැඩිම මධ්‍යසාර පානය කරන්නන් සිටිනුයේ බෙලරූස් රාජ්‍යයේය. වැඩිම කාන්තා ප්‍ර‍තිශතයක් සිටිනුයේ ලැට්වියා රාජ්‍යයේය. පිරිමින් වැඩිම ප්‍ර‍තිශතයක් සිටිනුයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේය.
    අපේ අසල්වැසියා වන ඉන්දියාව කෙසෙල් සඳහා මුල් තැන ගෙන තිබෙනවා. පකිස්ථානය පිරිමි සමලිංගික වීඩියෝ වැඩියෙන්ම නරඹන රට බවට පත්ව තිබෙනවා. මෙම සමීක්ෂණයට ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ දකුණු ආසියානු රටවල් ඇතුළත්ව නැත.
    මැලේසියාව හොඳම රබර් අත්වැසුම් නිපදවන්නා වනවා. හොඳම සහල් තායිලන්තයෙනි. මාධ්‍යවේදීන් වැඩිම පිරිසක් සිරගතකර ඇති රට චීනයයි. ලොව හොඳම තේ නිපදවන්නා ලෙස ශතක ගණනාවක් ශ්‍රී ලංකාව රැකගෙන ආ “කළු තේ“ කිරුළ කෙන්යාවට හිමිව තිබෙනවා.


    01-9.jpg



     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,151
    54,902
    113
    Colombo
    පකිස්ථානය පිරිමි සමලිංගික වීඩියෝ වැඩියෙන්ම නරඹන රට බවට පත්ව තිබෙනවා. :P:rofl::eek:


    You must spread some Reputation around before giving it to jodubaba again.