ලෝකයේ ලොකුම පාවෙන සූර්යකෝෂ බළාගාරය චීනයේ

ලෝකයේ ලොකුම පාවෙන සූර්යකෝෂ බලාගාරය නොබෝදා චීනයේ අන්හුයි ප්‍රදේශයේ දී ක්‍රියාත්මක කරවූවා. මෙගාවොට් 40ක බලයක් ජනනය කරමින්, නිවෙස් 15,000කට විදුලිය සැපයිය හැකි මෙය ඇන්හුයි ප්‍රදේශයේ කෘත්‍රිම විලක් මත ඉදිකොට තිබෙනවා. ඇන්හුයි පලාත චීනයේ ගල් අඟුරු නිපදවන ප්‍රධාන ප්‍රදේශයක් වන අතර, මේ කෘත්‍රිම විල සෑදී ඇත්තේ අතිවිශාල ගල් අඟුරු පතලක් කඩා වැටී පොලොව ගිලා බැසුනු ප්‍රදේශයක ජලය පිරීමෙනි.
දැඩි පරිසර දූෂණයකට මුහුණදෙන චීනය, පුනර්ජනනීය විදුලිබලය නිෂ්පාදනයට දැවැන්ත ආයෝජනයන් සිදුකරන අතර 2020 වනවිට ඩොලර් බිලියන 360 අතිවිශාල මුදලක් විවිධ පුනර්ජනනීය විදුලි නිෂ්පාදන ව්‍යාපෘති සඳහා ආයෝජනය කරන්නට චීනය බලාපොරොත්තු වනවා. මේ ආයෝජන වල අරමුණ 2022 වනවිට ගිගාවොට් 320ක් සුලං හා සූර්ය බලයෙන් නිපදවීමයි.
dutunudutu.info

Last edited: