ලෝකයේ විශාලතම තල්මස් රංචුව ශී‍්‍ර ලංකාවේ

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    ලෝකයේ විශාලතම තල්මස් රංචුව ශී‍්‍ර ලංකාවේ

    1.jpg

    ඉන්දියන් සාගරයේ ශී‍්‍ර ලංකාව ආශි‍්‍රත මුහුදේ තල්මසුන් හා ඩොල්පින් රංචු ගැවසෙන බව ලෝපතල කරුණක්. ඒත් ලොව විශාලතම තල්මස් ගහණය ජීවත්වන්නේ ශී‍්‍ර ලංකාව ආශි‍්‍රතව බව හෙළිවුණේ මේ මෑතකදියි. ඒ තල්මසුන්ගේ ‘කල්කිරියාව’ හොයන්නට ශී‍්‍ර ලංකා නිල් තල්මස් ව්‍යාපෘතිය ආරම්භ කළාට පසුවයි. මේ ව්‍යාපෘතිය යටතේ කළ සමීක්ෂණ අනුව මේ තොරතුරු හෙළිකළේ සාගරජීව විද්‍යාඥවරියක් වන ආශා ඩි වොස් (Asha de Vos) ශී‍්‍ර ලාංකික කාන්තාවක් වන ඇය දැනට බටහිර ඔස්ටේ‍්‍රලියානු විශ්ව විද්‍යාලයේ සාගර විද්‍යායතනයේ ආචාර්ය උපාධියක් සඳහා අධ්‍යයන කටයුතුවල යෙදෙනවා. ඇය කලින් සැන්ට් ඇන්ඞ්රූස් හා ඔක්ස්ෆර්ඞ් යන විශ්ව විද්‍යාලවල උපාධිධාරණියක්. නිල් තල්මස් ව්‍යාපෘතිය ආරම්භ කරන්නට පෙර ඇය ලොව පුරා සාගරජීවි පර්යේෂණ ගණනාවකට සහය වී තියෙනවා. තල්මසුන්ගේ හැසිරීම් රටා පමණක් නොව ඔවුන් නිකුත් කරන ශබ්ද පිළිබඳවත් ඇය පර්යේෂණ කර තියෙනවා.
    2.jpg

    පසුගිය කාලයේ ඇය ශී‍්‍ර ලංකාවට ආවේ තල්මසුන් පිළිබඳ විශේෂඥවරියක් හැටියටයි. ඇය කියන විදියට ඉතා පහසුවෙන් තල්මසුන් නරඹන්න හොඳම තැනක් තමා ශී‍්‍ර ලංකාවේ මිරිස්ස ආශි‍්‍රත ප‍්‍රදේශය. වැලිගම් බොක්ක අසල වෙරළට ආසන්නවම මේ තල්මසුන් දර්ශනය වූ බව සඳහන් වෙනවා. ශී‍්‍ර ලංකාවේ රට වටේ මුහුදු ප‍්‍රදේශය තල්මසුන්ගේ වර්ගයා බෝ කරන බිම් ලෙසයි, හැඳින්වෙන්නේ. ශී‍්‍ර ලංකා සංචාරක මණ්ඩලය සම්බන්ධ කර ගෙන සංචාරක ආකර්ෂණයක් ලෙස තල්මසුන් නැරඹීම ව්‍යාප්ත කළ හැකි ආකාරය ගැන සාකච්ඡා කෙරෙන වැඩ සටහනකට ආශා සම්බන්ධ වුණා. ඇය එහි දී කීවේ තල්මසුන්ගේ ජීවිතයට තර්ජනයක් නොවන ආකාරයට එය කළ යුතු බවයි. වසර 30ක් පැවති යුද්ධය නිසා ධීවර කටයුතු ඔවුන්ගේ පරිසරයේ සිදු නොවුණු නිසා තල්මස් ගහණය වැඩි වී ඇති බවයි, ඇය කියන්නේ. දැන් නිදහස ඇති නිසා තල්මසුන්ට හිරිහැරයක් වෙන විදියට සංචාරකයන් හැසුරුණොත් අපට ඔවුන් අහිමි යා හැකියි කියන ඇය වරක් තමා මෙහි සංචාරය කරද්දී ශී‍්‍ර ලංකාවේ මුහුදේ එක් තල්මසෙක් වට කර ගෙන සංචාරක බෝට්ටු 12ක් තිබූ බව කියනවා. තල්මසුන් නැරඹිය යුත්තේ ඔවුන්ට නොදැනෙන්න දුර සිට බවයි, ඇය කියන්නේ.

    ශී‍්‍ර ලංකාව අවට තල්මසුන් විශේෂ 23ක් ඉන්නවා. ඒත් අපේ රට වටේ ඉන්නා නිල් තල්මහ නම් ලෝකයේ විශාලතමයා නෙවෙයි. ලොව විශාලතම නිල් තල්මසුන් ඉන්නේ කැලිෆෝනියාවේ වෙරළාශි‍්‍රත මුහුදේයි. ඒ වර්ගයේ වැඩුණු සතකු මීටර 30ක් විතර දිගයි. ශී‍්‍ර ලංකාවේ ඉන්නේ පිග්මි නිල්තල්මසුන් විශේෂයයි. ඒ වර්ගයේ වැඩුණු සතකු මීටර 25කට වඩා නැහැ.

    තල්මසුන් හා ඩොල්පින් අයත් වන්නේ එකම ගෝත‍්‍රයකටයි. එය හැඳින්වෙන්නේ සෙටාසේ Cetacea කියායි. ලෝකයේ විශාල තල්මසකු ටොන් 150ක් බරයි. ලොකු ඇතුන් 20කු තරම් විශාලයි. ආඩම්බර නැද්ද මේ වගේ යෝධ අසල්වැසියකු අප සමග ජීවත්වීම ගැන. ඒ ආඩම්බරය දිගටම තියාගන්න නම් ඔවුන්ගේ ලස්සන විඳින ගමන් ඔවුන් ආරක්ෂා කරන්නත් අපි හැමෝම ඉදිරිපත් වෙන්න ඕනෑ.
    06.jpg

    තවත් විස්තර දැන ගන්න ඕනැ නම් Asha de Vos ගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

    ශී‍්‍ර ලංකාවේ තල්මසුන් ගැන ආශාගේ වීඩියොව බලන්න.


    ගත්තෙ මෙතනින්:cool:
    රිපොස්ට් නම් සොරි:(
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් නිදහස ඇති නිසා තල්මසුන්ට හිරිහැරයක් වෙන විදියට සංචාරකයන් හැසුරුණොත් අපට ඔවුන් අහිමි යා හැකියි කියන ඇය වරක් තමා මෙහි සංචාරය කරද්දී ශී‍්‍ර ලංකාවේ මුහුදේ එක් තල්මසෙක් වට කර ගෙන සංචාරක බෝට්ටු 12ක් තිබූ බව කියනවා. තල්මසුන් නැරඹිය යුත්තේ ඔවුන්ට නොදැනෙන්න දුර සිට බවයි, ඇය කියන්නේ.


    මෙක නම් ඇත්ත බන්:yes::yes::yes: ලංකාවෙ එවුන් සංචාරකයො කිව්වම ඊට වඩා දෙයක් නෑ පුලුවන් නම් තල්මහ මරල හරි පෙන්නයි :oo::oo:.අපි මේ සතුන් ගැනත් හිතන්න ඕනෙ උන්ගෙ නිදහසෙ ඉන්න දෙන්න ඔනෙ :D:Dනැත්තම් මේ සුන්දරත්වය වැඩි දවසක් තියෙන එකක් නෑ.
    :no::no:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo

    mewage ewa nam eka parak neme 10parak repost wunath awulak na yaluwa niyama post eka


    ටොයින්


    මෙක නම් ඇත්ත බන්:yes::yes::yes: ලංකාවෙ එවුන් සංචාරකයො කිව්වම ඊට වඩා දෙයක් නෑ පුලුවන් නම් තල්මහ මරල හරි පෙන්නයි :oo::oo:.අපි මේ සතුන් ගැනත් හිතන්න ඕනෙ උන්ගෙ නිදහසෙ ඉන්න දෙන්න ඔනෙ :D:Dනැත්තම් මේ සුන්දරත්වය වැඩි දවසක් තියෙන එකක් නෑ.
    :no::no:

    good post bro..
    rep nm ne.. :(
    Thx Friend Comment & Rep walata:D