ලෝකයේ විශාලතම බිජ ගබඩාව...

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    ලෝකයේ විශාලතම බිජ ගබඩාව...

    නොර්වේ රටේ Svalbard (ස්වල්බර්ඩ්) කියන පාළු ශීත කඳුකර ප්‍රදේශයක පිහිටා තිබෙන මේ ලෝක බිජ සංරක්ෂණ ගබඩාව ගැන ඕගොල්ලෝ බොහොමයක් දෙනා අහලා නැතුව ඇති. මේ බිජ ගබඩාව නිර්මාණය කරලා තියෙන්නේ ඕනෑම ස්වාභාවික ව්‍යසනයකට ඔරොත්තු දෙන්න පුළුවන් ආකාරයෙන්. ඒ කියන්නේ ලෝක විනාසයක් සිද්ධ වුනත් මේ ස්ථානයට පැමිණෙන පුද්ගලයන්ට ජිවත් වීමේ හැකියාවක් පවතිනවා කියලයි පිළිගැනෙන්නේ. මේ ස්ථානයේ ලෝකයේ සෑම රටකම වගා කෙරෙන ධාන්‍ය වර්ග වල සාම්පලද සුරක්ෂිතව ගබඩා කරලා තියනවා. ඒ කියන්නේ බැරි වෙලාවත් ස්වාභාවික ආපදාවකින් මොනයම් හෝ ධාන්‍ය වර්ගයක් මේ ලෝකයෙන් තුරන් වෙලා ගියත් මේ ස්ථානයෙන් එම ධාන්‍ය වර්ගයේ බිජ ගෙනැවිත් නැවත ඒ ධාන්‍ය වර්ගය වගා කිරීමට කටයුතු කිරීමේ හැකියාව පවතිනවා.
    ලෝකයේ නොයෙක් රටවල් වල මේ වන විට ජාන බැංකු (Gene banks) 1,700 කට අධික සංඛ්‍යාවක් ස්ථාපනය කර තිබුණත් ඒ සියල්ලම පාහේ ස්වාභාවික ආපදාතත්ව වලට ලක්වීමේ අවධානමක් පවතිනවා. එසේත් නැතිනම් රටවල් වල පවතින ගැටුම් කාරී තත්ත්ව නිසා මේවාට හානි සිදුවීමේ හැකියාවක් ද පවතිනවා. ඒවාගේම නිසි නඩත්තු කටයුතු සිදු නොකිරීම නිසාත් සිදුවිය හැකි හානි බොහොමයි.
    මේ නිසා ලෝකයේ ඇති ආහාර වර්ග විශේෂයෙන්ම ධාන්‍ය වර්ග වලට ඇති විය හැකි ගැටළු මගහරවා ගැනීම සඳහා ලෝකයේ ඇති සියලුම ධාන්‍ය වර්ග වල සාම්පල ගබඩා කිරීමේ අදහසක් යෝජනා වුණා.ධාන්‍ය වර්ග වලට අමතරව ලෝකයේ ඇති සම විශේෂ ගසකම බිජ මෙහි තියෙනවා. බිජ වර්ග සියල්ල අයිස් බවට පත් වූ පස් තුල ආරක්ෂිතව ගබඩා කර තිබෙනවා. මේ නිසා අනාගතයේ ඇති ආහාර අර්බුද සහ ස්වාභාවික ව්‍යසන වල මුහුණ දීමේදී මෙමගින් විශාල දායකත්වයක් ලැබෙනු ඇති අපේක්ෂා කරනවා.
    මේ ස්ථානයේ ඇති බිජ වලට උපරිම ආරක්ෂාවක් සැලසෙනවා. ඒ මේ ස්ථානයට ලෙහෙසියෙන් ලඟා වීමට නොහැකි නිසායි. මේ ස්ථානයට ලඟා වීමට හැකි වන්නේ එක් ගුවන් යානයක් මගින් පමණයි. මේ ප්‍රදේශයේ වාතයේ තෙතමනයත් ඉතා අවමයි. ඒ වගේම මුහුදු මට්ටමට බොහෝ ඉහලින් පවතිනවා. මේ ප්‍රදේශයේ පස සදාකාලිකවම මිදී පවතින නිසා බිජ ගබඩා කිරීමේ කටයුතු සඳහා අනවශ්‍ය පිරිවැයක් දැරීමට සිදුවන්නේත් නෑ.
    මේ ස්ථානයේ බිජ වර්ග මිලියන 4.5ක් ගබඩා කර තැබීමේ හැකියාව පවතිනවා. ඒ වගේම සෑම වර්ගයකින්ම බිජ 500ක් පමණ තිබෙනවා. ඒ කියන්නේ මුළු බිජ ප්‍රමාණය බිලියන 2.5ක්. දැනටමත් ලෝකයේ විවිධ රටවල් වලින් ලැබෙන බිජ වර්ග 860,000 කට අධික ප්‍රමාණයක් මේ ස්ථානයේ ගබඩා කර තිබෙනවා. විවිධ රටවල් වලට ආවේනික බිජ වර්ග වල ජාන ආරක්ෂා කිරීම සහ එකම ජාන වර්ග පිටපත් වීම වලක්විමත් මේ ස්ථානයේ අරමුණක්. ඒ සඳහා තවත් කාලයක් ගත වනු ඇත. මේ ස්ථානයේ ඇති බිජ සඳහා සුදුසුම උෂ්ණත්වය වන්නේ -18 °C ක්. Three-ply foil වල ඔතලා තමයි මේ බිජ වර්ග ආරක්ෂිතව ගබඩා කරලා තියෙන්නේ.
    මේ බිජ ගබඩාවේ ඇති බිජ වර්ග එක් රටකට ආවේනික ඒවා වන්නට පුළුවන්. ඒ නිසා ඒවා වෙනත් පිරිස් අතට පත් වීම වැලැක්වීම සඳහා ද කටයුතු යොදා තිබෙනවා. එක් එක් රටවල් වලින් ලබා දෙන බිජ වර්ග සඳහා ලඟා වීමේ හැකියාව පවතින්නේ ඒ රටේ ම අදාළ නිලධාරීන්ට පමණක් බවයි දැනගන්න ලැබෙන්නේ.
    සිරියානු යුද්ධය නිසා, පළමු වරට මේ ගබඩාවෙන් බිජ ප්‍රමාණයක් එලියට අරගෙන.


    global-seed-vault1-660x400.jpg


    croptrust2.jpg


    ultimate-seed-bank.jpg


    mg-4903-global-seed-vault-20090922.jpg


    seedvault1.jpg


    76995.ngsversion.1422286154274.adapt.768.1.jpg


    tumblr_mvk6sduFbO1qdj66eo1_1280.jpg
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මන් හිතුව මත්තල ගැන කියන්න එන්නෙ කියල
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    වටිනවා..
    +REP ADDED
    පේජ් එකේ සයිස් එකට දාපිය..
    එහෙ මෙහෙ කොරන් බලන්න ගියාම එපා වෙනවා..
     

    Similar threads