ලෝකයේ සිටින අරුම පුදුම සත්තු

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113

    ලෝකයේ සිටින අරුම පුදුම සත්ත්ව විශේෂ​




    ලෝකයේ සිටින අරුම පුදුම සත්ත්ව විශේෂ පිළිබඳව ඔබ නොදත් දේ​

    පෘථිවියේ සත්ත්ව විශේෂ මිලියන 8.7ක් සිටින බව පර්යේෂකයන් ඇස්තමේන්තු කර ඇත.ඒ අතරින් ලොව පුරා කැපී පෙනෙන ලක්ෂණ සහ හැසිරීම් විදහා දක්වන සත්ත්ව විශේෂ සිටී.

    Bilby (බිල්බි)​

    බිල්බි යනු ඕස්ට්‍රේලියාවේ දුර්ලභ කාන්තරවල වාසය කරන සතෙකි. දිගු වලිගය, සේද ලොම් සහ විශාල කන් සදහා මේ බිල්බි ප්‍රසිද්ධය. රැබිට් බැන්ඩිකූට් ලෙසද හැදින්වෙන බිල්බි ඕස්ට්‍රේලියාවේ පාස්කු සංකේතයක් බවට පත් වී ඇති අතර පාස්කු බනී වෙනුවට භාවිතා කරන චොක්ලට් පාස්කු බිල්බි අලෙවියෙන් ලැබෙන ආදායම ඉතා ඉහළය. බිල්බ්ගේ ශක්තිමත් පෙර පාද සහ හොදින් වර්ධනය වූ නියපොතු මගින් වළවල් හැරීමට හොද හැකියාවක් බිල්බිස්ට ලබා දී ඇත.

    Chinese Water Deer​

    යැංසි ගංවතුර තැනිතලාවට සහ කොරියාවේ සමහර ප්‍රදේශවලට ආවේණික වූ චීන ජල මුවා සැබෑ මුවෙකු වන කස්තුරි මුවෙකුට වඩාත් සමීපව සම්බන්ධ වේ. පිරිමි සතුන්ට අං නොමැති අතර ඒ වෙනුවට ඔවුන්ට දිගු ඇත්දළ පිහිටා ඇත. චැම්පියර් මුවන් යන අන්වර්ථ නාමයෙන් ද මෙම මුවන් හදුන්වන්නේ බියජනක පෙනුම නිසාය. දළ බොහෝදුරට ආහාර සොයාගැනීමට භාවිතා කරයි. ඔවුන් වල් පැලෑටි, තෘණ සහ ඖෂධ පැලෑටි අනුභව කිරීමට වැඩි කැමැත්තක් දක්වයි.

    Ili Pika​

    1983 දී චීනයේ ටියෑන් ෂාන් කදුකරයෙන් ප්‍රථම වරට සොයා ගන්නා ලද ඇදහිය නොහැකි තරම් දුර්ලභ ඉලි පිකා 2014 වන තෙක් නැවත දැකගත නොහැකි වී ඇත. මැජික් හාවා ලෙසද හදුන්වනු ලබන අතර 1000කට වඩා අඩු සංඛ්‍යාවක් ජීවත්වන බව සොයාගෙන තිබේ. ටෙඩි බෙයාර් මුහුණක් සහිත කෙටි කන් ඇති හාවෙකු මෙන් පෙනෙන ඉලි පිකා තණකොළ, ඖෂධ පැළෑටි, සහ කදුකර පැලෑටි අනුභව කිරීමට කැමැත්තක් දක්වයි. ඔවුන් ග්‍රීෂ්ම කාලය ගත කරන්නේ ආහාර එකතු කිරීම සදහාය. ඔවුන් ආහාර පාෂාණ අතර පිදුරු ගොඩවල් තුළ ගබඩා කරති. ටියෑන් ෂාන් කදුකරය වටා පිහිටුවා ඇති කැමරා මගින් මෙම හුරුබුහුටි සත්ත්වයා තම ජීවීතය ගතකරන ආකාරය පිළිබඳව වඩා හොද අදහසක් පර්යේෂකයන්ට ලබා දුන්නද දුර්ලභ ඉලි පිකා වනයේ දක්නට ලැබෙන්නේ කලාතුරකිනි.

    Sunda colugo​

    කොලුගෝ සතුන් ජීවත් වන්නේ අග්නිදිග ආසියාවේ වනාන්තරවල ගස් කදන් අල්ලාගෙනය. ඒ සදහා ඔවුන්ගේ අළු හා දුඹුරු ලොම් ප්‍රයෝජනවත් වන අතර ඒවා විශිෂ්ට ලෙස ක්‍රියා කරයි. ඔවුන්ට ගසෙන් ගසට ලිස්සා යාමට ශක්තිය ඉතිරි කර ගැනීමට සහ විලෝපිකයන් වළක්වා ගැනීමට පැටජියම් නම් සම තට්ටුවක් උපකාරී වේ. පැටවුන් මව ආහාර සොයමින් ඇවිදින විට මවගේ බඩ අල්ලාගෙන සැගවී සිටී. මෙම ලැජ්ජාශීලී හුරුබුහුටි සතුන් ගොදුරු සොයන්නේ නැත. ඔවුන් ශාක භක්ෂකයන් වේ.

    Raccoon Dog​

    රකුන් බල්ලන්ගේ වඩාත්ම අසාමාන්‍ය දෙය නම් ඔවුන් කිසිසේත් රකුන් සතුන් සමග සම්බන්ධ නොවීමයි. රකුන්ට සමාන මුහණුවරක් තිබුණද තනුකි ලෙසද හැදින්වෙන මෙම නැගෙනහිර ආසියානු සුනඛයන් වඩාත් සමීපව සම්බන්ධ වන්නේ හිවලුන්ට ය. පුරාණ කාලයේ සිටම ජපන් ජනප්‍රවාදයේ රකූන් බල්ලන් පිළිබඳව තොරතුරු සදහන් වේ. ජනප්‍රවාදයේ කතාවල ඔවුන් දගකාර ලෙස නිරූපණය කර ඇති අතර බොහෝ ජපන් නිවෙස්වල පොත් රාක්කවල රකූන් බල්ලන්ගේ කුඩා ප්‍රතිමාවක් ඇත.

    quolls​

    හුරුබුහුටි මෙම සතුන්ගේ අලංකාර පැල්ලම් සහිත සමක් ඇත. ඕස්ට්‍රේලියාවේ සහ පැපුවා නිව්ගීනියාවේ සමහර ප්‍රදේශවල නිජබිම වන මෙම මාංශ භක්ෂක සතුන් මාර්සුපියල් මයෝසීන යුගයේ සිට පැවත ඒ. කුඩා පක්ෂීන් , කටුස්සන් හා කෘමීන් මොවුන්ගේ ආහාර වේ. කනගාටුදායක ලෙස ඕස්ට්‍රේලියාවට උක් මැඩියන් හදුන්වා දීමෙන් පසු කුවෝල් සතුන්ගේ සංඛ්‍යාව පහත වැටී ඇත. උතුරු ඕස්ට්‍රේලියාවේ ටස්මේනියාවේ මෙම සතුන්ගේ අභිජනන වැඩසටහන් නැවත දියත් කර ඇත.

    Okapi (forest giraffe)​

    මෙම ශාක භක්ෂක සතුන් ජිරාෆ්වරුන්ගේ සමීප සහෝදරයන් වන අතර දිගු දිවක් ඔවුන්ට ඇත. ජිරාෆ්ට සමාන හිසක් සහ කෙටි බෙල්ලක් ඇත. ඔකාපි පිරිමි සතුන්ගේද ජිරාෆ්ගේ අංවලට සමාන අං දක්නට ලැබෙයි. ඇහිබැම සහ කන් පිරිසිදු කිරීමටත් ඔවුන්ගේ බෙල්ලෙන් කෘමීන් ගසා දැමීම සදහාත් මෙම දිව උපකාරී වේ. ඔවුන්ගේ ආහාරය ප්‍රධාන වශයෙන් තණකොළ සහ ශාක පත්‍ර වලින් සමන්විත වේ. වැසි වනාන්තරවල යටි පදුරු මත ඇති කොළ, පළතුරු ආදී ඕනෑම දෙයක් අනුභව කරයි.අප්‍රිකානු මහද්වීපයේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ හි මෙම සත්ත්වයන් දක්නට ලැබේ. සියලුම ශාක භක්ෂකයන් මෙන් ඔකාපිස් සත්ත්වයන් විලෝපිකයන්ට විශේෂයෙන් දිවියන්ට සහ දඩයක්කරුවන්ට ගොදුරු වේ. ඔකාපිස්ට සටන් කිරීමට හැකි පරිදි විශිෂ්ට ස්වභාවික ආරක්ෂාවක් ඇත. ඔවුන්ගේ විශාල කන් ආසන්න අනතුරක් ගැන අනතුරු අගවන සුළු ශබ්දයක් පවා හදුනා ගැනීමට පරිපූර්ණ ය. ඝර්ම කලාපීය වනාන්තර වල වාසය කිරීම සදහා ඔවුන්ගේ තට්ටම්වල දුඹුරු සහ සුදු සලකුණු පිහිටා ඇත. මෙම ජීවීන් ලැජ්ජාශීලී සහ හුදෙකලා වන අතර වනයේ දී ඔවුන් නිරීක්ෂණය කිරීමට පහසු වේ. ඔකාපිගේ සහකරු අවුරුද්ද පුරා සිටින අතර ගැහැණු සතා මාස 14කට පසු එක් පැටවෙකු බිහි කරයි. මව්වරුන් තම පැටවුන් සමග සන්නිවේදනය කරන්නේ මිනිසුන්ට ඇසෙන්නේ නැති 14Hz පමණ වන ඇමතුම් මගිනි. ඔවුන්ට ගද ගසන පාද ද ඇත. සෑම පාදයකම සුවද ග්‍රන්ථි ඔවුන්ගේ භූමිය සලකුණු කිරීම සදහා ඇලෙන සුළු තාර වැනි ද්‍රව්‍යයක් ඉතිරි කරයි.

    Bump Ekak Danna, ඉතුරු ටික දාන්න.

     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113

    Wallaby​

    වොලබීස් යනු ග්‍රීක වචනයෙන් විශාල පාදය යන්නයි. මෙම ක්ෂීරපායින් වඩාත් ක්‍රියාශීලී වන්නේ සවස් කාලයේදී ය. ඒ තණකොළ සහ ඖෂධ පැළෑටි ආහාර ලෙස සොයා ගැනීමටයි. තමාර් වොලබීස් යනු අද්විතීය අනුවර්තනයක් ඇති සත්ත්ව විශේෂයක් වන අතර මොවුන්ට මිරිදිය නොමැති නම් ජීවත්වීමට මුහුදු ජලය පානය කිරීමට හැකියාවක් ඇත. බෙනට්ස් වොලබීස් වියළි කාලවලදී තෙතමනය සහිත ගස් මුල් මත ජීවත් වේ. දකුණු ඕස්ට්‍රේලියාවේ සංචාරයක දී කැන්ගරු දූපතේ තමාර් වොලබීස් සහ මාරියා දූපතේ බෙනට්ස් වොල්බීස් දැකගත හැකිය.

    Wombat​

    කෝලාගේ සාමීපතමයෙක් වන වොම්බට් ටැස්මේනියානු ලෝක උරුම වන ප්‍රදේශයේ කොටසක් වූ ලේක් සෙන්ට් ක්ලෙයාර් ජාතික වනෝද්‍යානයේ විශාල වශයෙන් දක්නට ලැබේ. හිම දුම්මල් ගස් හා වල් ඕකිඩ් පොකුරු පසු කරමින් සංචාරකයන් මෙම ජීවීන් සොයා අලුයම සහ සන්ධ්‍යාවේ ගමන් කරනු ලබයි. වොම්බට් ඔවුන්ගේ ශක්තිමත් පාද සහ නිය වලින් වොරන්ස් ලෙස හදුන්වන බහු කුටීර වලවල් හාරනු ලබයි. මෙම පුළුල් උමං මාර්ග ලැව්ගිනිවලින් පලා යන සතුන්ට උපකාරී වෙයි.

    Galago ( bush baby)​

    වනාන්තර සහ පදුරු බිම් වල මෙම සතුන් ජීවත් වේ. ගලගෝ ලෝකයේ වඩාත්ම අසාමාන්‍ය හා කුඩාම සත්ත්ව විශේෂය වේ. ළදරුවෙකුගේ වැනි හඩක් නගා කෑ ගසන බැවින් බුෂ් බබා යන නමද භාවිතා කරයි. ඔවුන්ට ඝන ලොම් සහ විශාල ඇස් ඇති අතර එමගින් මෙම නිශාචර සතුන්ට සුවිශේෂී රාත්‍රි දර්ශනයක් ලබා දේ. ඔවුන්ට විශාල කන් සහ දිගු වලිගයක්ද ඇති අතර ඒවා සමබර වීමට උපකාරී වේ. ගැලගෝස්ගේ වඩාත් සුවිශේෂී ලක්ෂනය වන්නේ දිවවල් දෙකක් තිබීමයි. ඔවුන්ගේ නිත්‍ය දිව යටින් කාටිලේජයෙන් සෑදුනු දිවක් ඇත. මෙය වැදගත් කාර්‍යභාරයක් ඉටු කරයි. මොවුන් සර්ව භක්ෂකයන් වන අතර කුඩා පක්ෂීන්, බිත්තර, පලතුරු සහ මල් ද අනුභව කරන නමුත් ඔවුන්ගේ ප්‍රියතම ආහාරය තණකොළ පෙත්තන් වේ. මෙම කුඩා සත්ත්වයන්හට ඔවුන්ගේ යටි පාදවල ප්‍රත්‍යස්ථ සන්ධි ඇති බැවින් තප්පර කිහිපයකින් යාර දහයක් ආවරණය වන පරිදි වාතයේ අඩි 6ක් පැන යාමට හැකියාවක් ඇත. ගැලගෝ ජීවත් වන්නේ ඔවුන්ගේ දරුවන් සමග කුඩා පවුල් කණ්ඩායම් ලෙසය. පැටවුන් තිදෙනකු පමණ වරකට බිහි කරයි. සුවිශේෂී කරුණ වන්නේ ගසින් ගසට පනින විට තම අත්වල මූත්‍රා කරමින් සුවද විහිදුවමින් ගැලගෝ තම භූමිය සලකුණු කරයි.

    Tasmanian devil​

    1936 දී ටස්මේනියානු ව්‍යාඝ්‍රයාගෙ වදවී යාමෙන් පසු ලොව විශාලතම මාංශ භක්ෂක සත්ත්වයා බවට පත් විය. භයානක පෙනුම, කෑගැසීම සහ භයානක සපාකෑම් සදහා ප්‍රසිද්ධය. සංචාරකයන්ට සවස් වරුවේ වනජීවී අභයභූමියකට යන ගමනකදී මෙම නොපෙනෙන නිශාචර විශේෂය දැකීමට දුර්ලභ අවස්ථාවක් ලැබෙනු ඇත. අභයභූමී අනාත පැටවුන් රැකබලා ගන්නා අතර එහි අභිජනන වැඩසටහන් හරහා වදවීමේ තර්ජනයට ලක්ව ඇති මෙම විශේෂය නැවත වනයට හදුන්වා දීමට කටයුතු කරයි.

    Bat- Eared Fox​

    කෙටි තණකොළ සැවානා සහ වියළි තණබිම්වල මොවුන් ජීවත් වේ. අසාමාන්‍ය අප්‍රිකානු වනජීවී විශේෂයක් වන අතර වවුල් කන් ඇති නරියා ලෙසද හදුන්වයි. මෙම හිවලුන්ට අති විශාල කන් ඇති අතර ඒවා අගල් 5ක් දක්වා දිගය. ඔවුන්ට ඇදහිය නොහැකි ශ්‍රවණයක් එයින් ලබා දෙයි. මෙම වවුල් කන් ඇති නරියා කෘමීන් භක්ෂකයෙකි. මොවුන්ගේ ආහාර වේල වැඩි වශයෙන් කුහුඹුවන්, පළගැටියන් සහ වේයන්ගෙන් සමන්විත වේ. වවුල් කන් ඇති නරියාට තම ගොදුර දැනෙනවිට පොළොවෙන් මාර්ගයක් හාරා පහර දෙයි. ගැහැණු සතුන් ආහාර සොයා යන අතර පිරිමි සතුන් පැටවුන් බලාගෙන ගුහාව ආරක්ෂා කරයි. මෙම හිවලුන් ඉතා සමාජශීලී වන අතර ඔවුන් එකිනෙකා සමග සන්නිවේදනය කිරීමට විවිධ ඇමතුම් 9ක් භාවිතා කරයි. වවුලන් කන් ඇති නරියාට අතිශයින්ම උල් වූ දත් ඇති අතර එමගින් ආහාර දිරවීමට පෙර ඉක්මනින් හා කර්‍යක්ෂමව හපන්නට හැකියාව ලැබේ.

    Angora Rabbit​

    ඇන්ගෝරා යනු සියලුම හාවන් අතරින් දිගු සිනිදු ලොම් ඇති හාවාන් ය. ඔවුන්ගේ අමතර දිගු සිනිදු ලොම් නිසා ඔවුන් නිවෙස්වල බෝ කරනු ලබයි. ඔවුන් සුරතල් සතුන් ලෙසද භාවිතා කළ හැකිය. ඔවුන් සිනිදු සහ සාමාන්‍යයෙන් හුරුබුහුටි වන අතර ඔවුන් ලොව පුරා වඩාත් ස්පර්ශ කළ හැකි සහ සිත් ඇදගන්නා සතුන් අතරට නම් කර ඇත. ඇන්ගෝරා හාවන් තුර්කියේ බිහි වී ඇති අතර යුරෝපයට සහ එක්සත් ජනපදයට වේගයෙන් ව්‍යාප්ත විය. වසරකට තුන් හතර වතාවක් මෙම සතුන්ගේ වටිනා ලොම් ලබා ගැනීම සිදු කරයි. ඔවුන්ගේ ලොම් ප්‍රයෝජනවත් වන්නේ එය වඩාත් නිර්දේශිත සහ ඉල්ලුම ඇති රෙදි අතර වන බැවිනි. සාමාන්‍ය බැටලු ලොම් වලට වඩා ඇන්ගෝරා රෙදි දළ වශයෙන් උණුසුම් වන අතර හොද සුවපහසුවක් ලබා දෙන බව කියනු ලැබේ. මෙම හාවන් ශීත ඍතුවේදී හෝ සිසිල් ප්‍රදේශවල තබා ඇතිවිට වඩාත් හොදින් වර්ධනය වේ.

    The Fossa​

    සාමාන්‍යයෙන් Cryptoprocta ferox ලෙස හදුන්වන Malagasy fossa මැඩගස්කරයේ මාරාන්තික විලෝපිකයන් අතර වේ. ඔවුන්ට හිසකෙස් නැති බළලුන්ගේ සාමාන්‍ය පෙනුම ඇත. ඔවුන්ට ඇදහිය නොහැකි වර්ධන වේගයක් ඇති අතර ඔවුන්ට අඩි 6ක් තරම් විශාල දිග ශරීරයක් ඇත. මෙම ප්‍රකට දරුණු විලෝපිකයන්ට අර්ධ ආපසු ඇද ගත හැකි නියපොතු ඇති අතර එමගින් ඔවුන්ට ගස්වලට නැග පහසුවෙන් බැසීමට ඉඩ සලසයි. විශේෂයෙන් බොහෝ සතුන්ට එය කළ නොහැකිය. මෙම දක්ෂ දඩයක්කරුවන් දිවා කාලයේ හෝ රාත්‍රි කාලයේ ප්‍රචන්ඩ ලෙස හැසිරේ. ඔවුන්ගේ වඩාත් කැපී පෙනෙන දෙය නම් ඔවුන්ගේ ගැහැණු සතුන් පරිණත වනතුරු පිරිමි සතුන් මෙන් වීමයි. මෙම සතුන්ට සුවද ග්‍රන්ථි ඇති අතර ඒවා වෙනත් සතුන්ගෙන් ආරක්ෂා වීමට උපකාරී වෙයි. ඔවුන් කෝපයට පත් වූ විට හෝ බියට පත් වූ විට වෙනත් සතුන් බිය ගැන්වීම සදහා දුර්ගන්ධයක් පිට කරයි.


    ඔක්කොම එකපාරට දාන්න දෙන්නේ නැ නේ.​

     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113

    Margay​

    මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ පතනශීලී, නිවර්තන,උප නිවර්තන සහ වලාකුළු වනාන්තරවල Margay ජීවත් වේ. හුදෙකලා ජීවිතයක් ගත කිරීමට නැඹුරු වන කුඩා වල් බළලෙකු මෙන් වන මෙම සත්ත්වයා ගස් හරහා නැග මීයන්, ගස් ගෙම්බන් සහ ලේනුන් වැනි සතුන් ආහාර ලෙස සොයා ගනී. මෙම සත්ත්වයන්ට පැල්ලම් සහිත මුහුණක් ඇති අතර margay ගේ ප්‍රධාන වෙනස්කම් කීපයක් දැකිය හැකී.එකක් නම්, මෙම සතාගේ වලිගය උගේ පසුපස පාදයට වඩා දිගු වන අතර, අනෙක් පාදය කෙටි වේ. කනගාටුවට කරුණක් නම්, 1990 ගණන්වල නීති විරෝධී වනජීවී වෙළෙඳාම නිසා මෙම සතුන් අවදානමට ලක් වී ඇත. මෙම සත්ත්වයන් වදවීමේ තර්ජනයට ආසන්න සත්ත්ව විශේෂයක් ලෙස වර්ගීකරණය කර ඇත.

    Loris​

    මන්දගාමී ලොරිස්ගේ වටකුරු ඇස් ඇති අතර ඔවුන් බොහෝවිට තම පාද භාවිතා කරමින් උඩු යටිකුරු ලෙස ගස්වල අතුවල වාසය කරයි. මෙම ලක්ෂණය ඔවුන්ට ගස්වල සිටියදී පවා තම දෑතින් ආහාර ගැනීමට ඉඩ සලසයි. මොවුන් සාමන්‍යයෙන් සන්සුන් සතුන් වුවද විලෝපිකයන්ට සහ ප්‍රතිවාදීන් ට සැලකිය යුතු හානියක් කළ හැකි අතිශයින්ම විෂ සහිත සපා කෑමක් සිදු කරයි. මන්දගාමී ලොරිස්ට රහසිගත ගුණාංගයක් ඇත. අනතුරක් හමුවේ සම්පූර්ණයෙන්ම නිශ්ශබ්දව සිටීමේ හැකියාවක් ඇති අතර අවධානයට ලක් නොවේ. ඔවුන්ට දිවවල් දෙකක් ඇත. එක් දිවක් දති පිරිසිදු කිරීම සදහා ඇති අතර එය වකුටුය. මල් පැණි උරා බීමට තවත් දිගු දිවක් ඇත.

    Fairy Penguin​

    පෙන්ගුයින් විශේෂ අතරින් කුඩාම වන මෙම පක්ෂීන් අඩියකට වඩා අඩු උසකින් යුක්ත වේ. මෙම පක්ෂීන් ජලජ සතුන් වන සාඩින් සහ කුඩා දැල්ලන් ආහාර ලෙස ලබා ගන්නා අතර දිනකට පැය 18ක් වෙරළබඩ ජලයේ ගත කරති. පිරිමි සහ ගැහැණු සතුන් ලෙස පැටවුන් ඇති දැඩි කිරීමේ රාජකාරි වෙන වෙනම මෙම සත්ත්වයන් බෙදාගෙන සිටි. Tasmania ජාතික වනෝද්‍යානයේ සුදු වැලි වෙරළ තීරයේ සංචාරකයන්ට මෙම කුඩා නිල් පෙන්ගුයින් රාත්‍රිය සදහා ඔවුන්ගේ කූඩු කරා යන අයුරු අදුරත් සමග දැකගත හැකිය.

    Markhor​

    කදුකරයේ මහලු මිනිසා ලෙස හැදින්වෙන මෙම අසාමාන්‍ය එළුවා හමුවන්නේ ඊසානදිග ඇෆ්ගනිස්තානයේ සහ පකිස්ථානයේ ඈත කදුකරයේ පමණි. පාකිස්තානයේ ජාතික සත්ත්වයා ලෙසද නම් කර ඇත. කනගාටුවට කරුණක් නම් මෙම නම ලෝකයේ වඩාත්ම වදවී යාමේ තර්ජනයට ලක් වී ඇති වනජීවී ලැයිස්තුවේ ද වේ. Markhor යනු අලස ලෙස ආහාර අනුභව කරන්නන් වන අතර ඔවුන් ආහාර වමාරා ගන්නා විට ඔවුන්ගේ මුඛයෙන් කෙළ බිම වැටි වියළී යයි. ප්‍රදේශවාසීන් ඒවා බිමෙන් ඉවත් කිරීම සිදු කරයි.

    සටහන
    චමෝදා නෙත්මිණී අභයරත්න
    චායාරූප අන්තර්ජාලය ඇසුරිනි
    මූලාශ්‍ර - https://www.farandwide.com/s/unusual-animals-df1268b9b9634a40
    උපුටාගැනීම - https://mihisaraeducation.blogspot.com
     

    Similar threads