ලෝකයේ_ජනප්‍රියම_පරිගණක_මෘදුකාංග_පාවිච්ච&

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    ලෝකයේ_ජනප්‍රියම_පරිගණක_මෘදුකාංග_පාවිච්ච&


    ලෝකයේ ජනප්‍රියම පරිගණක මෘදුකාංග පාවිච්චි කරන ඔබ මේ ගැනත් දැන සිටියාද?

    13030015p3-app%20icons.jpg



    පරිගණකය වර්ථමානයේදී අපි කාටත් එදිනෙදා ජීවිතේදී අපේ වැඩ කටයුතු සිදුකරගන්න නැතුවම බැරි උපාංගයක් වෙලා අවසානයි. සිංහල Roar වෙබ් අඩවියේ පාඨකයෙක් වෙන ඔබ, අපේ ලිපි කියවන්නේ ඩෙක්ස්ටොප්/ලැප්ටොප් පරිගණකයක් හරි එහෙමත් නැත්නම් ටැබ්ලට් පරිගණකයක් හෝ අඩුම වශයෙන් ස්මාට් ෆෝන් එකක්වත් පාවිච්චි කරලාම වෙන්න ඕනේ. සුප්‍රකට ෆෝබ්ස් සඟරාවට අනුව 2015 අවුරුද්ද වනවිට අන්තර්ජාලයට සම්බන්ධ කරලා තියෙන පරිගණක සහ ඒ ආශ්‍රිත උපාංග සංඛ්‍යාව බිලියන 15ක්. මේ සංඛ්‍යාව 2020 අවුරුද්ද වෙනකොට බිලියන 40ක් විතර වෙයි කියලයි එයාලා පුරෝකථනය කරලා තියෙන්නේ. ලෝකේ ජනගහනය තවම බිලියන 7.4ක් වෙද්දි, ඒ වගේ දෙගුණයකටත් වැඩි පරිගණක උපාංග ප්‍රමාණයක් ලෝකේ පාවිච්චි වෙනවා කියන එකෙන් අපිට පැහැදිලි වෙනවා පරිගණකය කියන්නේ අපිට කොයිතරම් අත්‍යවශ්‍ය උපකරණයක්ද කියන එක.

    මෘදුකාංග ගැන අපි දන්නැති දේවල්


    ඔබ දන්නවාද, ලෝකේ තියෙන හැම මෘදුකාංගයකටම ලියාපදිංචි සහතිකයක් තිබෙන බව? ප්‍රධාන වශයෙන් මෘදුකාංග දෙවිදියකට ලියාපදිංචි කරනවා. එකක් තමයි හිමිකම් සහිත මෘදුකාංග (Proprietary Software). මේකෙදි මෘදුකාංගය සඳහා සියළු හිමිකම් සහ අයිතිය තියෙන්නේ ඒ මෘදුකාංගයේ නිර්මාපකයට හෝ නිර්මාණය කරපු සමාගමට. ඔවුන්ගේ අවසරය මත තමයි ඒ මෘදුකාංගය භාවිතා කරන්න පවා අපිට හැකියාව තියෙන්නේ. අනිත් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය තමයි නිදහස් සහ විවෘත මෘදුකාංගයක් (Free & Open Source Software) විදියට ලියාපදිංචි කිරීම. මේකෙදි මෘදුකාංගය පාවිච්චි කරන කෙනාට විශාල නිදහසක් සහ මෘදුකාංගයට අයිතියක් ලබාදෙනවා ඒ මෘදුකාංගයෙන් තමන්ගේ වැඩ කටයුතු සිදුකරනවාට අමතරව.

    එතකොට මොකක්ද මේ මෘදුකාංග මංකොල්ලය කියන්නේ?

    යම්කිසි මෘදුකාංගයක් එහි හිමිකරුගේ අවසරයකින් තොරව භාවිතා කිරීම, පිටපත් කිරීම, බෙදාහැරීම, යළි නිශ්පාදනය කිරීම, පරිගණකවලට ස්ථාපනය (install) කිරීම හඳුන්වන තනි වචනය තමයි මෘදුකාංග මංකොල්ලය එහෙමත් නැත්නම් Software Piracy කියලා කියන්නේ. කණගාටුවට කරුණ වෙන්නේ තමන් මෘදුකාංග මංකොල්ලයේ යෙදෙන බව බොහෝ දෙනා දන්නේ නැතිවීම. අපි මෘදුකාංගයක් මිලදී ගනිද්දි ඒ මෘදුකාංගය එක්කම ඒක පාවිච්චි කරන්න අවශ්‍ය ලියාපදිංචියත් මිලදී ගන්නවා. ඒ ලියාපදිංචි සහතිකයේ තමයි අපි එම මෘදුකාංගය භාවිතා කළයුතු ආකාරය පිළිබඳව කරුණු දක්වා තියෙන්නේ. උදාහරණයක් විදියට ඒ මෘදුකාංගය පරිගණක කීයක ස්ථාපනය කරන්න පුළුවනිද, ඒ මෘදුකාංගය තවත් පරිගණකයකට පිටපත් කරන්න පුළුවනිද, අන්සතු කරන්න පුළුවනිද වගේ මෘදුකාංගය භාවිතා කිරීම ගැන කොන්දේසි ගණනාවක් මේ ලියාපදිංචි සහතිකයේ අන්තර්ගත වෙනවා. ඒ ලියාපදිංචි සහතිකයේ කොන්දේසි කඩකරමින් අදාළ මෘදුකාංගය භාවිතා කරන එක තමයි මෘදුකාංග මංකොල්ලය. අපේ රටේ වගේම ලෝකයේ බොහෝ රටවල මෘදුකාංග මංකොල්ලය අධිකරණයෙන් දඬුවම් ලැබිය හැකි වරදක්.

    මෘදුකාංගයක් පාවිච්චි කරන එක වැරැද්දක් වෙන්නේ කොහොමද?

    පරිගණක මෘදුකාංගයක් කියන්නේ බුද්ධිමය දේපළක්. ඉතින් ඒකේ හිමිකරුගේ නිසි අවසරයකින් තොරව ඒ මෘදුකාංගය පාවිච්චි කරන එකෙන් වෙන්නේ බුද්ධිමය දේපළ මංකොල්ලයක්.

    මෘදුකාංග මංකොල්ලය සහ ශ්‍රී ලංකාවේ අපි

    Stats-New-e1468928953686.jpeg

    මෘදුකාංග මංකොල්ලයේ ශ්‍රී ලාංකීය සළකුණ. (globalstudy.bsa.org)

    නිකමට කල්පනා කරලා බලන්න ඔබේ පරිගණකයේ තියෙන මෘදුකාංග ගැන. ඒ මෘදුකාංගවලින් කොපමණ ප්‍රමාණයක් ඔබ විසින් මිලදීගත් හෝ හෝ නීත්‍යානුකූල ආකාරයට අන්තර්ජාලයෙන් බාගත කරපු ඒවාද නැතිනම් කාගෙන් හරි ඉල්ලගෙන හෝ මොකක් හරි ක්‍රමයකින් අන්තර්ජාලයෙන් බාගත කරගෙන පාවිච්චි කරන මෘදුකාංගයක්ද කියලා. ඔබගේ පරිගණකයේ තිබෙන මෘදුකාංග නීත්‍යානුකූල විදියට අන්තර්ගත කරගත් ඒවා බවට ඔබට තහවුරු කරන්න බැරිනම්, බොහෝ විට ඔබත් මෘදුකාංග මංකොල්ලයේ යෙදෙන්නෙක් වෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි. සමස්ථයක් වශයෙන් ආසියානු කළාපයේ රටවල් අතරින් ශ්‍රී ලංකාව මෘදුකාංග මංකොල්ලයේ යෙදෙන ප්‍රධාන පෙළේ රටක් හැටියටයි ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයන්හි සඳහන් වෙන්නේ. විශේෂයෙන් මීට වසර කීපයකට පෙර 2009 වසරේදී, ආසියානු කළාපයේ මෘදුකාංග මංකොල්ලයේ යෙදෙන රටවල් අතර දෙවන තැන හිමිකරගෙන සිටියේ ශ්‍රී ලංකාවයි. නමුත් අද වෙද්දි මෘදුකාංග මංකොල්ලය පිළිබඳ නීති දැඩිවීම සහ නීතිය යම් තරමකට හෝ තදින් ක්‍රියාත්මක කිරීම නිසා මේ තත්ත්වය යම් තරමකට අඩුවෙලා තියෙනවා. නමුත් 2015 වර්ෂයේදීත් අපේ රටේ ස්ථාපනය කරපු මෘදුකාංගයන්ගෙන් 79%ක්ම අනවසරයෙන් ස්ථාපිත මෘදුකාංග බව කියන්න වෙන්නේ බොහොම කණගාටුවෙන්. ඒ මෘදුකාංගවල වාණිජ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 163ක්. මෙම වසරේ මැයි මාසයේ ලෝක වාණිජ මෘදුකාංග සංගමය විසින් එළිදැක්වූ ලෝක මෘදුකාංග සමීක්ෂණ වාර්ථාවට අනුව මෘදුකාංග මංකොල්ලකරණය අතින් තවමත් අපි ඉන්නේ ආසියා පැසිපික් කළාපයේ 4වෙනි තැන. ඒක කිසිසේත්ම යහපත් තත්ත්වයක් නෙමෙයි කියලා අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ නේද.

    මෘදුකාංග මංකොල්ලයට එරෙහිව අපේ රටේ නීතිය

    Act-New.jpg

    2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත. (nipo.gov.lk)

    පරිගණක මෘදුකාංග හිමිකම අපේ රටේ නීතියට අනුව ආර
    ක්ෂා වෙන්නේ 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත යටතේයි. පරිගණක මෘදුකාංගයක් යනු බුද්ධිමය දේපළක්. යම් කිසි පුද්ගලයෙකු අනවසරයෙන් පරිගණක මෘදුකාංග භාවිතා කරනවානම්, ඔහු නීතිය කඩකරන පුද්ගලයෙක් බවට පත්වෙනවා. මහේස්ත්‍රාත්වරයෙකු ඉඳිරියේ සිදුකරන නඩු විභාගයකින් අනතුරුව ඔහු වරදකරුනම්, එම වරදට දඬුවම විදියට රුපියල් ලක්ෂ 5කට නොවැඩි දඩ මුදලක්, මාස 6කට නොවැඩි සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකටම යටත් කළ හැකියි.

    ඉතින් ඇත්තටම ඔය නීති ක්‍රියාත්මක වෙනවද?

    Crime-New.jpg


    අපරාධය සහ දඬුවම. (blog.digicert.com)

    ඔව්. පහුගිය අවුරුදු කීපය පුරා බොහෝ අවස්ථාවලදී මේ සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම් සහ නීතිය ඉඳිරියට ගෙන ඒම සිදු වුනා. අදත් එය සිදුවෙමින් පවතිනවා.

    පරිගණකය වගේම එහි භාවිතාවෙන මෘදුකාංග කියන්නේ අපට අත්‍යවශ්‍ය මෙවලම්. ඒ මෙවලම්වලින් අපගේ කටයුතු සිදුකරගන්න නීත්‍යානුකූල වගේම නිවැරදි ක්‍රම භාවිතා කරන එක යහපත් නේද?




    ඉඩක් තිබුනොත් ටිකක් මගෙ බ්ලොග් එක පැත්තෙ ටිකක් ඇවිල්ල " ලයික් " එකක් එහෙම දාලා යන්න.… ඒකේ ගුනාත්මක බව පවත්ව ගැනීමට ඔයාලගෙ අදහස් ගොඩාක් වැදගත් වේවි.

    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!




    http://upullive.blogspot.com/

    images


     
    Last edited:

    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    කතාව ඇත්ත උනත් ඔය කියන විදිහට අපිට software purchase කරන්න තරම් හැකියාවක් තියෙනවද කියල අපි අපෙන්ම අහල හිටියොත් හොදයි නේද සහෝ...
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    කතාව ඇත්ත උනත් ඔය කියන විදිහට අපිට software purchase කරන්න තරම් හැකියාවක් තියෙනවද කියල අපි අපෙන්ම අහල හිටියොත් හොදයි නේද සහෝ...

    ඕක තමයි අවුල බන්. .
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,778
    1,411
    113
    Sri Lanka
    ekko un apita salli deela ganna puluwan gaanakata ewa wikunannaona machn...... nath nam api crack karapu ewa gannawa. wena karanna deyak na. nath nam pc ekakata windows daala ona softwares tika daagannakota apita pc eka hadanna giya gaanata wadaa wadi gaanak yanawa. e nisa oya budhdhimaya depala kathaawa wadakata na.......