ලෝකය විනාස වන්නේ කවදාද?

Chanux Bro

Member
Oct 31, 2017
71
5
0
ලෝකය විනාස වන්නේ කවදාද?

ඔබ සිතන ආකාරයට මේ ලෝකය විනාස වන්නේ කවදාදැයි ඔබෙ අදහස මෙහි පළකරන්න.

"භයානක කුණාටුවක් මිනිස් ලෝකය මතට පැමින තිබේ. මෙය ලෝක විනාශය කරා ගෙන යනු ලබයි. ලෝකය සුරැකීමට එක් මාර්ගයක් පමණක් වන අතර, එය "ධර්මය" තුළින්ම වේ. යමෙක් ධර්මිෂ්ඨ මාර්ගයේ ගමන් නොකරන්නේ නම්, මෙම දුෂ්කර ලෝකය නිසැකව ම විනාශ වනු ඇත. එමනිසා ආත්මිකත්වයේ මාර්ගය අනුගමනය කර ඔබේ පණිවිඩකරුවන්ට මෙම පණිවුඩය ව්‍යාප්ත කරන්න. මාගේ භාවනා කිරීමේ මෙහෙයුම ගැන අවිශ්වාසයක් කිසිවිටක නොතබන්න. මම ඔබට මඟ පෙන්වන්නෙමි; නමුත් ඔබ එය තනියම අවබෝධ කල යුතුය. මම කුමක් කරයිද? මා කරන දේ ඉදිරි කාලයේදී එළිදරව් වනු ඇත. සියලු සත්වයින්ගේ ගැලවීම මාගේ ඉලක්කය සහ මාගේ මාර්ගයයි. මා මේ දුක්ඛිත ලෝකය ගැන කල්පනා කිරීම මොහොතකට හෝ මග හැරී නොගොස් ඇත. මාගේ ජීවිතය සදාකාලයටම මා ප්‍රතික්ෂේප කරමි. සියලු සත්වයින්ව ගලවාගැනීම සඳහා කටයුතු කරමි. නමුත් මේ විවේචනාත්මක ලෝකය තුළ මාගේ ජීවිත කතාව හුදු විනෝදයකට පමණක් සීමා වී ඇත. බොහෝ බුදුවරුන්ගේ උත්සහය හා කැපවීම ලෝකයාගේ අභිවෘද්ධිය සඳහා කටයුතු කිරීමයි. එය අත්‍යවශ්‍ය වන නමුත් එය ප්‍රායෝගික කිරීම හා වටහා ගැනීම ඉතාමත් අසීරුය. නමුත් මේ අඥාන පැවැත්ම මෙහෙයවීම පහසුය, මිනිස්සු එක් දවසක මේ අවිනිශ්චිත ලෝකය අත්හැර මරණය අත්කරගන්නා බව තේරුම් ගෙන නැත. ලෝකය සමඟ ඇති අපගේ දිගු බැඳීම් අපව අපිරිසිදු බවට පත් කරනු ඇත. එබැවින්, සියලු සත්වයින්ව මුදා ගැනීම සඳහා මම බුද්ධ විය යුතුය. මේ සඳහා මා නිවැරදි මාර්ගය අවබෝධ කර ගත යුතුය. එබැවින් මාගේ මාර්ගයට බාධා නොකරන්න. මේ ක්‍රියාවලියේදී මාගේ ආත්මය මාගේ ශරීරයෙන් ඉවත් කරයි. මෙම තත්ත්වය තුළ ගිගුරුම් හඬ සමඟ විවිධ දෙවිවරු පැමිණෙන අතර සියලු අහස් කුස පුරා දේවතාවන් නමස්කාර කරමින් සිටිති. ඉතින් මා ප්‍රකාශ කරන තෙක් මෙහි නොපැමිණෙන්න. ප්‍රඥාව ඔබ සතු වනු ඇත."

collision.jpg
 
Last edited:

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    ලෝකය විනාස වන්නේ කවදාද?
    මනුෂ්‍යන්ගේ සිතේ කෙලෙස් (නරක සිතුවිලි)වැඩි උනහම.
    මනුෂ්‍යන්ගේ ආයුෂ 10 දක්වා අඩුවේ. පලවෙනි විනාශය

    දෙවැනි විනාශය
    මෛයිත්‍රී බුදුන් බුදු වෙලා කාලයක් ගියහම සම්පූරණයෙන්ම මනු ලොව ඇතුලු තවත් ලෝක (දේව ලෝක හා සමහර බ්‍රහ්ම ලෝක) විනාශ වේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලෝකෙ නං මන්ද ඒ වුනාට මේ අපි ඉන්න ශිෂ්ඨාචාරෙ නං කඩං වැටෙන්න ආසන්නයි :yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නිවුක්ලියර් වෝ එකකින් හරි උල්කාපාතයක් කඩාගෙන වැටීම වගේ එකකින් පොලොව ජිවින්ට පවතින්න සුදුසු නැති වෙන්න ඉඩ තියනවා , ඩයිනොසර්ල නැති උනෙත් උල්කාපාතයක් කඩාගෙන වැටුන නිසා , ඊට පස්සේ ටික කාලෙකින් ජීවයක් ඇති වෙන්න ඉඩ තියනවා , හැබැයි මිනිස්සු මේ විදිහටම ඇති වෙයි කියල හිතන්න බැහැ ,වෙනත් වෙනත් ජීවින් වර්ග ඇති වෙයි
     
    මේ විදියට මිනිස්සු ආයේ කවදාවත් බිහිවන එකක් නැද්ද? මං අහලා තියෙනවා මිනිස් පරිණාමය ඉතා විරල සංසිද්ධියක් කියලා.
     
    Chanux Bro

    Member
    Oct 31, 2017
    71
    5
    0
    ලෝකෙ නං මන්ද ඒ වුනාට මේ අපි ඉන්න ශිෂ්ඨාචාරෙ නං කඩං වැටෙන්න ආසන්නයි :yes:

    විද්‍යාඥයෝ දැන් කියනවා පෘථිවිය මිනිස් වාසයට සුදුසු ලෙස පවතින්නේ තව අවුරුදු බිලියන 4යි කියලා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    විද්‍යාඥයෝ දැන් කියනවා පෘථිවිය මිනිස් වාසයට සුදුසු ලෙස පවතින්නේ තව අවුරුදු බිලියන 4යි කියලා.

    ඒ බිලියන 4යන්න කලිං අපි මේක මිනිස් වාසයට සුදුසු නැති තැනක් කරනව :sorry:
     
    Chanux Bro

    Member
    Oct 31, 2017
    71
    5
    0
    ඒ බිලියන 4යන්න කලිං අපි මේක මිනිස් වාසයට සුදුසු නැති තැනක් කරනව :sorry:

    ගොඩක් දුරට එහෙම වෙන්න ඉඩකඩ වැඩියි. :yes:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    නිවුක්ලියර් වෝ එකකින් හරි උල්කාපාතයක් කඩාගෙන වැටීම වගේ එකකින් පොලොව ජිවින්ට පවතින්න සුදුසු නැති වෙන්න ඉඩ තියනවා , ඩයිනොසර්ල නැති උනෙත් උල්කාපාතයක් කඩාගෙන වැටුන නිසා , ඊට පස්සේ ටික කාලෙකින් ජීවයක් ඇති වෙන්න ඉඩ තියනවා , හැබැයි මිනිස්සු මේ විදිහටම ඇති වෙයි කියල හිතන්න බැහැ ,වෙනත් වෙනත් ජීවින් වර්ග ඇති වෙයි

    ඔව්. මේ නිව්ක්ලියර් කතාව නං මටත් හිතෙනවා වෙන්න පුළුවන් කියලා.