ලෝකාන්තයට පනින්න පෙර සිතා බලන්න

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    ලෝකාන්තයට පනින්න පෙර සිතා බලන්න

    ලෝකාන්තයට පනින්න පෙර සිතා බලන්න




    loka1.jpg




    වසරක්‌ පාසා ලෝකාන්තයට පැන සියදිවි නසා ගන්නා අය ගැන මාධ්‍ය මගින් ජනතාවට දැන ගන්නට ලැබේ. මෙම මරණ සිදුවීමෙන් පසුව මෘත ශරීර සොයා ගන්නා අයුරුත් ඒවා අදාළ පරීක්‌ෂණ සඳහා ගෙන එන ආකාරයත් ගැන ඇසෙන කතා ඉතා ශෝචනීයය. ඒ සැමටත් වඩා මියගිය අයගේ ඥතීන් විඳින හිරිහැර සහ ආර්ථික අපහසුතා පිළිබඳව මෙම සැඟවුණු අදහස්‌ අපට හෙළි කළේ බළන්ගොඩ නාගරික හදිසි මරණ පරීක්‌ෂක එච්. ඩී. රූබන් පීරිස්‌ මහතාය.

    අවුරුද්දකට ලෝකාන්තයට පැන්න අයගේ මරණ කීපයක්‌ ගැනම පරීක්‌ෂණ පවත්වන්න යන්න සිදු වෙනවා. පසුගිය දිනක අවුරුදු 70 ක කාන්තාවක්‌ මෙසේ මියගියා. එම මළසිරුර සොයාගත් පසු (මහ පාරට) වාහනයක්‌ යා හැකි ස්‌ථානයකට ගෙන ඒමට කිලෝමීටර් දහයක්‌ පමණ පයින් යා යුතුයි. ගිරිදුර්ග, වන දුර්ග, ගල්පර සහ දිය කඩිතිවලින් බේරී ගමන් කිරීම අති දුෂ්කරය. මෙම කාර්යය සඳහා කරිවත්ත, නන්පෙරිල්වත්ත යන ප්‍රදේශවල ද්‍රවිඩ වැසියන්ගේ සහාය ලබාගන්නේ ඔවුන් යා යුතු මාර්ගය දන්නා බැවිනි.

    පසුගිය දිනක පැන්න කාන්තාවගේ මෘත ශරීරය ගෙන ඒමට රුපියල් අසුදහසක්‌ පමණ ඔවුන් ඉල්ලා සිටියා. මෙහිදී ඥතීන් අත එතරම් මුදලක්‌ නොතිබූ හෙයින් ඉන් අඩක්‌ ලබාදී ඉතිරි මුදල සිරුර ගෙනවිත් දුන් පසු ලබාදෙන බව කීවත් ඔවුන් ඊට එකඟ නොවී මඳ දුරක්‌ ගෙන ආ සිරුර එහි තබා මුදල් ගෙන යැමට පුද්ගලයන් දෙදෙනකු පැමිණියා. මේ හේතුව නිසා මෙම සිරුර ගෙන ඒමට දිනක්‌ ප්‍රමාද වුණා.

    මේ වසරේදීම විදේශිකයකුගේ මළසිරුරක්‌ ගෙන ඒමට මොවුන් රුපියල් හැටපන්දහසක්‌ මිල නියම කළා. තවත් ඉතාමත් දිළිඳු පවුලක පුද්ගලයකුගේ ඥතියකුගෙන් සිරුර ගෙන ඒමට මෙම වසරේදීම රුපියල් හතළිස්‌දහසක්‌ ලබා ගත්තා. මෙම තත්ත්වය නිසා සියදිවි නසා ගන්නට ලෝකාන්තයට පැනීම සිදු කරන අයට ජීවත් වන අය සාප කරන අවස්‌ථාද අපි අහල තිබෙනවා. එනිසා යම් හෙයකින් ලෝකාන්තයෙන් වැටුණු කෙනකුගේ මළසිරුර ගෙන ඒමට යුද හමුදාවේ හෝ සහාය ලබා ගැනීමට යම් වැඩපිළිවෙළක්‌ යෙදීම ඉතාම වැදගත්. මෙවැනි මරණයක්‌ සිදුවූ අවස්‌ථාවලදී ඔවුන්ගේ ඥතීන් විඳින අපමණ පීඩාවන් මෙතකැයි කියා නිමකළ නොහැකි කනගාටුදායක තත්ත්වයක්‌ බවද මරණ පරීක්‍ෂකවරයා පැවසීය.

    සියදිවි නසා ගැනීම පහසුය. ජීවත් වීම අපහසුයි. එහෙත් සතුන්ට වඩා බුද්ධියක්‌ නුවණක්‌ තිබෙන මිනිසාට සියදිවි නසා ගන්නට සිතක්‌ පහළ වූ විට දෙවරක්‌ සිතා බලන්න හැකියි. අපහසුවෙන් වුවද ජීවත්වීම උදාර ගුණයක්‌ බවද මෙනෙහි කරන්න යෑයි ලෝකාන්තයට ආසන්න බෙලිහුල්ඔය ශ්‍රී සුවිසුද්ධාරාම විහාරාධිපති පූජ්‍ය පණ්‌ඩිත කොස්‌ගම විනීතජීව ස්‌වාමීන් වහන්සේ පෙන්වා දුන්නේ මෙම ශෝචනීය තත්ත්වය පිළිබඳ කරන ලද කතාබහකදීය.




    divaina
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    නුවරඑළියෙන් ඇරඹි බලන්ගොඩින් අවසන්වන ”ලෝකාන්තය”



    ‘‘ලෝකාන්තය’’ ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයේ පිහිටි අපූරු ස්වාභාවික නිර්මාණයකි. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව ඇති ‘‘ලෝකාන්තය’’ පිහිටියේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ඉහළ කදුකරයේ පිහිටි හෝර්ටන් තැන්නේය.

    මුහුදු මට්ටමින් අඩි 6900ත් 7500ත් (මීටර් 2100-2300) අතර උසකින් පිහිටි හෝටන්තැන්න හෙක්ටයාර් 3160 කින් සමන්විතය. 2010 වර්ෂයේ ලෝක උරුමයක් බවට පත්වූ මේ හෝටන්තැන්නේ කෙළවරක ‘‘ලෝකාන්තය’’ පිහිටා තිබේ.

    ක‍්‍රිස්තුවර්ෂ 1831-1837 කාලයේ ශ‍්‍රී ලංකාවේ සිටි බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ සර් රොබට් විලියම් හෝටන් මහතා විසින් සබරගමුව රටේ මහත්තයා සමග ගිය ගමනකදී 1836 දී එම ස්ථානය සොයාගෙන ඇති බව ඉතිහාසයේ සදහන්වෙයි.

    හෝටන්තැන්නේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2000කි. ඉතා ශීතල දේශගුණයක් පවතින මෙහි ඇතැම් කාලවල රාත‍්‍රියට සෙල්සියස් අංශක පහක් දක්වා උෂ්ණත්වය අඩුවෙයි. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක දහතුන සාමාන්‍ය උෂ්ණත්ව පරාසය වන අතර ඇතැම් කාලවල සෙල්සියස් අංශක විසිහතක උපරිමය පෙන්වයි.

    අග‍්‍රාඔය, බෙලිහුල්ඔය, උමාඔය, බගවන්තලා ඔය, හෝටන්තැන්නෙන් ආරම්භ වෙයි. නුවරඑළියේ සිට කිලෝමීටර් 32ක දුරක් ලෝකාන්තයට ඇත. අඹේවෙල පට්ටිපොල හරහා ලෝකාන්තයට පිවිසිය හැකිය. ලිදුල ආගරපතන හරහාද පැමිණිය හැකිය. එසේම ඔහිය හරහාද පැමිණිය හැකිය. මේ මාර්ග මධ්‍යම පළාතේ පිහිටා ඇති අතර හෝටන්තැන්නේ වනජීවී කාර්යාල පිහිටි පිවිසුම් ස්ථානය දක්වා වාහනයකින් පැමිණිය හැක. එතැන් සිට පාගමනින් කිලෝමීටර් තුනකට වැඩිදුරක් ‘‘ලෝකාන්තය’’ වෙත පයින් යා යුතුය. එකවරම අඩි 2854ක් හෙවත් මීටර් 870ක මහා ප‍්‍රපාතයට ‘‘ලෝකාන්තය” යැයි කියයි. එතැන සිට තව කෙටිදුරක් බේකර්ස් ඇල්ල දෙසට ගියවිට අඩි 886ක හෙවත් මීටර් 270ක එවැනි කුඩා ප‍්‍රපාතයක් හමුවෙයි. එය ‘‘පුංචි ලෝකාන්තයයි’’.

    මේ ‘‘ලෝකාන්තයෙන්’’ පහළ බැලූවිට ගිනිපෙට්ටි ප‍්‍රමාණයට ගොඩනැගිලි කිහිපයක් දිස් වෙයි. ඒ පෙනෙන්නේ නන්පේරියල් වත්තේ ‘‘අපර් ඩිවිෂන්’’ හෙවත් ‘‘උඩ කොටසයි’’. රත්නපුර දිස්ත‍්‍රික්කයේ බළන්ගොඩ මැතිවරණ කොට්ඨාසයට එම ප‍්‍රදේශය අයත්වෙයි. මේනිසා ලෝකාන්තයෙන් පහළට වැටුනොත් හමුවන්නේ බළන්ගොඩින් යැයි විශ්වාසයක් ජනතාව අතර ඇත.

    ‘‘ලෝකාන්තය’’ බැලීමට රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් ද පැමිණිය හැකි මාර්ගයක් තිබේ. ඒ බදුල්ල- කොළඹ ප‍්‍රධාන මාර්ගයේ බෙලිහුල්ඔය සහ පඹහින්න අතර ඇති නන්පේරියල් හන්දියෙන් ඉහළට ඇති නන්පේරියල් වත්ත හරහා පාරයි. මේ පාරේ එනවිට ලෝකාන්තයේ බේකර්ස් ඇල්ල සොයාගත් සැමුවෙල් බේකර්ස් මහතා පදිංචිව සිටි නිවෙසද පසුකර නන්පේරියල්වත්තේ තේ කර්මාන්තශාලාව තෙක් කිලෝ මීටර් 12ක් පැමිණ එතැන් සිට තවත් කිලෝමීටර් 8ක් නැග්රැුක් දක්වා ගොස් එතැන් සිට පයින් කිලෝ මීටර් හතරක් පමණ ගියවිට ‘‘ලෝකාන්තයට’’ යා හැකිය. මෙය ඉතා බැවුම් සහිත අවදානම් මෙන්ම අනතුරුදායක පාරකි. නන්පේරියල් තේ කම්හල තෙක් තරමක් පහසුවෙන් වාහනයක් පැමිණිය හැකි වුවත් එතැන් සිට නැග්රැක් දක්වා වු මග අතිශයින් දුෂ්කරය.

    ලෝකාන්තයෙන් පහළට කෙනෙකු වැටුණොත් හොයන්නට යන්නේ මේ නන්පේරියල් වත්තේ උඩකොටස හරහාය. උඩ කොටස තෙක් වාහනයක් යාහැක. එයද දුෂ්කර මගකි. තද බැවුම් මෙන්ම මහ කදුවලින් යුතු පටු මගකි. උඩකොටස වතු නිවාස අසලට පමණක් පයින් යාහැකි අතර එතැන් සිට උඩ බැලූවිට ඉහළින් පෙනෙන්නේ ලෝකාන්තයයි.

    ඇතැම් අවස්ථාවල ලෝකාන්තයෙන් පහළට වැටුණු අයගේ සිරුරු සොයා හරස් මාර්ග ඔස්සේ කිලෝමීටර් හතඅටක් පයින් යා යුතුය. ඝෘජුව කන්ද නැගිය නොහැකි නිසා යායුත්තේ හරස් අතටය. හොදින් හිරු එළිය නොමැතිවූ විට මීදුම ගලාවිත් ප‍්‍රදේශයම වැසීයයි. ඒනිසා වෙනත් ප‍්‍රදේශයක මෙන් දිවාකාලයේ පැය හයක් හතක් හැර ඉතිරි කාලය මීදුම නිසා සාමාන්‍ය වැඩවලට බාධා එල්ලවේ.

    ඒ නිසා ‘‘ලෝකාන්තයෙන්’’ වැටුණ කෙනෙක් නන්පේරියල් වත්තේ උඩකොටසින් හොයාගෙන තවත් කිලෝමීටර් තිස්පහක් පමණ පහළ පිහිටි බළන්ගොඩ මූලික රෝහලට ගෙනයා යුතුය. ඕස්ටේ‍්‍රලියාවේ සිට සංචාරයකට පැමිණි පනස්තුන් හැවිරිදි ක‍්‍රිස්ටෝපර් ෆිල්ටඞ් කටුස්සෙකුගේ ඡයාරූපයක් ගැනීමට ගොස් ‘‘ලෝකාන්තයෙන්’’ පහළට වැටී ජිවිතක්‍ෂයට පත්විය. 31 වැනිදා ඔහුගේ සිරුර බළන්ගොඩ රෝහලට රාත‍්‍රී හත හමාර වනවිට ගෙනාවේද මෙකී දුෂ්කර මග ඔස්සේය.




    IMG_9775.jpg


    IMG_9771.jpg


    IMG_9832.jpg


    IMG_9833.jpg


    60913731.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113