ලෝකුරු නයිදේ

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ශ්‍රී ජයවර්ධනපුර රාජ්‍ය සමයෙහි කොත්මලේ දිසාව වෙනුවෙන් රාජ්‍ය සේවයට ගිය වන්දිභට්ටයා ලෝකුරු නයිදේ නම් වූ බව කොත්මලේ ජනප්‍රවාද වල සදහන් වෙයි. මෙම චරිතය අපට වැදගත් වන්නේ සිරිපා කරුණා කරන සැදැහැවතුන් සියල්ලක්ම පාහේ ගායනා කරන පුරාණ තුන් සරණේ කවි වල නිර්මාතෘ මෙම ලෝකුරු නයිදේ වන බැවිනි. ඔහු විසින් ගයන ලද කවි ඉතා රසවත් මෙන්ම හරවත් වීම නිසා ඔහු එවකට එහි විසූ ප්‍රසිද්ධ කවිකාරයෙක් විය. එමෙන්ම ලෝකුරු නයිදේ හා තරඟයට කවි කීමට තරම් හපනෙක් නොවුණු බවද තවදුරටත් සඳහන් වේ.

    ලෝකුරු නයිදෙගේ බොරු හතේ කවිය

    කිලි කුණු නැති වඳිගෙ පුතෙක් ඇඳගෙන නිල්වලා කඩක්
    මිරිඟු දියෙන් නානයකර පැලඳ දිඹුල්මල් වඩමක්
    තුරඟ අඟින් රථය තනා අඹරා ඉබි ලොමින් යොතක්
    කුහුඹු අඟින් කෙවිට තනා දැක්කිය සුරපුරට උදක්

    මෙවන් සාරවත් කවි රැසක් තවමත් කොත්මලය ප්‍රදේශයේ ජනතාව අතර මුඛපරම්පරාගතව ඉදිරියට පැමිණ ඉතිරිව පවතී.

    ආශ්‍රිත – කොත්මලේ පුරාවෘත්ත, පී. බී. කෙහෙල්ගමුවේ