ලෝක ඉතිහාසයේ වැදගත් ජයාරූප කීපයක්

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ලෝක ඉතිහාසයේ වැදගත් ජයාරූප කීපයක්

මුලින්ම කියන්න ඕනේ සමහරවිට ඔයාලා මේ පින්තුර දැකලත් ඇති, එළකිරි එකේ repost වෙන්නත් පුළුවන්. එහෙම නම් කියන්න තියෙන්නේ :sorry::sorry::sorry: කියලා තමයි.

තව වැදගත් දෙයක්: මේක බලලා මට රෙප් දෙන්න එපා. මීට වඩා වැදගත් thread එකකට දෙන්න තියාගන්න. බම්ප් එකක්, කමෙන්ට් එකක් දැම්මොත් හොදටම ඇති.


part-017.jpeg



dorothy-counts.jpg


image_08_01_01_R05-2010.jpg


මේ ඉන්න "ඩොරති කවුන්ට්" (Dorothy Counts) ඇමරිකාවේ වර්ණබේදවාදය තදින්ම තිබුන කාලයේදී (1957) ඩොරති Harding High School එකට ඇතුල්වුනේ ඒ විදුහලේ මුල්ම "කළු" ශිෂ්‍යාව විදියටයි. හැබැයි එයාට ඒ විදුහලේ ඉන්න පුළුවන් වුනේ දවස් 3 ක විතරයි. මේ පින්තුර බලපුවාම හේතුව හිතා ගන්න පුළුවන්නේ. ඒ දවස් තුනේදී ඇතිවෙච්ච අඩත්තේට්ටම් හා මරණ තර්ජන නිසා ඩොරතිගේ පියා තීරණය කළා තමන්ගේ දුවව පාසලින් ඉවත්කරගන්න.


part-005.jpeg


මේ 1960 ජනවාරි 12 වෙනිදා ජපානයේ සමාජවාදී පක්ෂයේ නායක Asanuma විරුද්ද පක්ෂයේ ශිෂයෙක් විසින් ඝාතනය කරන්න තප්පර කීපයකට කලින් ගත්තු පින්තුරයක්.

part-009.jpeg


1188.jpg


මේ 1963 දී "Thich Quang Duc" කියන දකුණු වියට්නාම බෞද්ධ භික්ෂුව වියට්නාම රජයේ දරුණු නීති වලට විරෝදතාවයපෑමක් විදියට සියදිවිනසාගත් ආකාරයයි. කියවෙන විදියට මේ භික්ෂුව කිසිම හඩක් නොනගා එකම ඉරියව්වෙන් තමයි මේ විදියට මියගිහින් තියෙන්නේ.

part-012.jpeg


මේ 1962 දී වැඩිදුර විස්තර සදහන් නොවන යුද්දයකදී "ස්නයිපර්කරුවෙක්ගේ" වෙඩි ප්‍රහාරයකට ලක් වෙච්ච සෙබලෙක් පියතුමෙක්ගේ අත්ලේ අවසන් හුස්ම හෙලන විදියයි.

part-004.jpeg


මේ 1966 දී වියට්නාම් යුද්දයේදී ඇමරිකානු හමුදාවට අහුවෙච්ච වියට්කොං ගරිල්ලාබටයෙක්ව වධ දීමෙන් පසුව ඇමරිකානු යුද්ද ටැංකියක ගැටගහලා ඇදගෙන යන හැටියි.

මචන්ලා තව පින්තුර ටිකක් තියනවා. එව්වගේ විස්තර බලලා හෙට උදේට දාන්නම්.


මෙන්න අලුත් ටිකක් 2 වෙනි පිටුවේ.

http://www.elakiri.com/forum/showthread.php?t=1460725
 
Last edited:

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
part-013.jpeg


v15_02010519.jpg


1968 පෙබරවාරි 1 වෙනිදා වියට්නාම් පොලිසියේ ප්‍රධානියා විසින් වියට්කොං ගරිල්ලෙක් විදියට සැක කරන තරුනයෙක්ව ඝාතනය කරන විදියයි මේ.

part-010.jpeg


මේ 1973 දී චිලී වල බලයට පත්වුණා නව ජනාධිපති Salvador Allende කුමන්ත්‍රණයක් මගින් ඝාතනය වෙන්න තප්පර කීපයකට කලින් ගත්තු ජයාරූපයක්.

part-018.jpeg


මේ සත්‍ය ජායාරුපය නිව් යෝර්ක් නගරයේ ඇතිවුන ගින්නකින් බේරෙන්න අම්මත් දුවත් උත්සහ කරද්දී පඩිපෙළ කඩාගෙන ඒ දෙන්නා බිමට වැටෙන හැටියි.

part-016.jpeg




1989 දී චීනයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වලට විරුද්දව චීන තරුණයන්ගේ නැගී සිටීමෙදේ ගත්තු ජායාරුපයක් මේ. මම ඒ සිදුවීමේ වීඩියෝ එකකුත් හොයා ගත්තා.

part-003.jpeg


මේ 1994 දී රුවන්ඩාවේ ඇතිවෙච්ච ටුට්සි සහ හුටූ වාර්ගික ගැටුම්වලදී වද හිංසාවන්ට ලක්වෙච්ච සෙබළෙක. මෙයාව මෙහෙම දඩුවම් කරලා තියෙන්නේ ටුට්සි ගරිල්ලන් එක්ක සම්බන්ධව හිටියයි කියලයි. ඔයාලා "Hotel Ruwanda" චිත්‍රපටිය හොයාගෙන බැලුවොත් මේ ගැටුම ගැන හොදට තේරුම් ගන්න පුළුවන්.

part-014.jpeg


මේ 2001 දී ඇතිවෙච්ච ඇෆ්ගන් යුද්දයේදී අනාථ වෙච්ච ළමයෙක් පකිස්ථානයේදී මියගියාට පස්සේ බුමදානය සදහා සුදානම් කරන විදියයි.

 
Last edited: