ලෝක ඉතිහාසය සෙලවූ මහා සාගත

Bobmaly

Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com

    මිලියන ගණනින් මිනිස් ජීවිත අහිමි කරමින් ලෝක ඉතිහාසය සෙලවූ මහා සාගත​

    1. රාජස්ථානයේ රාජ්පුටානා සාගතය 1869​

    worst-famines-that-killed-millions-1.jpg


    වර්ග සැතපුම් 296,000ක් පුරා පැතිරී ගිය රාජ්පුටානා සාගතය නිසා මිනිසුන් මිලියන 44ක් පමණ විපතට පත් වූහ. ස්වභාවයෙන්ම රාජස්ථානයේ වියලි කලාපයට අයිති රාජ්පුටානාවට 1868 මෝසම් වැස්ස ප්‍රමාද විය. ලැබුන වැසි ප්‍රමාණයද අඩුය. එසේම 1869 දීද මෝසම් වැස්ස වගා කටයුතුවලට ප්‍රමාණවත් නොවීය. කිරිවදිමින් තිබූ වගාවන්ට කණකොකා හඬන්නට විය. වර්ෂයක් පුරාවටම තිබූ මේ සාගතය 1870 දී අවසාන විය.



    2. රුසියානු සාගතය 1601-1603​

    worst-famines-that-killed-millions-2.jpg


    රුසියානු සාගතය නිසා ලක්ෂ විස්සක් හෙවත් මිලියන දෙකක පමණ ජනතාවක් මිය පරළොව ගියායැයි සැලකේ. උත්තර ධ්‍රැවය ආසන්න රටක් වන රුසියාවේ 1600 වර්ෂයේ ශීත කාලය දැඩි විය. පීරු රටේ දී විදාරණය වූ හ්වයිනපුටිනා ගිනි කන්දේ අලු මෙට්‍රික් ටොන් ගණනක් සල්ෆර් ඩයොක්සයිඩ් සමග වාතයට එකතු විය. මෙම සල්ෆර් ඩයොක්සයිඩ් සහ රසායනික අඩංගු දූවිලි වලාව ලොව පුරා කාලගුණ විපර්යාස ඇතිකරන්නට විය. එයින් නරකම බලපෑම සිදුවූයේ රුසියාව, පෝලන්තය, ලිතුවේනියාව වැනි රටවලටය. එයින් රුසියානු කලාපයේ සාගතය වර්ෂයකට වඩා පැවති අතර එයින් විශාල පිරිසක් අවතැන් වූහ.



    3. මහා පර්සියානු සාගතය 1870-71​

    worst-famines-that-killed-millions-3.jpg


    මහා පර්සියානු සාගතය මිලියන 2කට ආසන්න ජනතාවකගේ ජීවිත ගිලගත්තේය. මේ සාගතයට හේතුව නියඟය විය. මේ නියඟය හේතුවෙන් පර්සියාවේ එවකට සිටි මිනිස්සු මෙන්ම සතුන්ද පීඩාවට පත් විය. 1871දි ඇදහැළුණු වැස්ස හේතුවෙන් එම නියංසාය දුරුවී සාගත තත්ත්වය අවසාන විය.



    4. මහා ජාවා සාගතය 1942​

    worst-famines-that-killed-millions-4.jpg


    දෙවන ලෝක යුද්ධයේ අවි වලටත් වඩා ප්‍රබල වූ සාධකයක් ලෙස ඉතිහාසඥයෝ සාගතය දක්වති. ජපානය විසින් ජාවා රට හෙවත් දැනට ඉන්දුනීසියානු කලාපය යටත් කරගත්තේය. දැඩි ලෙස වද දෙමින් ඉන්දුනීසියානුවන් පෙලූ ජපන්නු ඉන්දුනීසියානු සාමකාමී ගොවි ජීවන රටාව උඩු යටිකුරු කළෝය. ඒ හේතුවෙන් එවකට ජාවා රටේ ජීවත් වූ ජනතාව බොහොමයක් සාගතයෙන් පීඩාවට පත් වූහ. එම පිරිස මිලියන 2.4ක් යැයි සැලකේ. ජර්මානු අන්තයට වඩා දෙවන ලෝකයේ ජපාන අන්තයේ සාගත තත්ත්වය දරුණු විය. ඇතැම් පැසිෆික් දුපත් වල සිර වූ ජපාන සොල්දාදුවන් පවා නිසි ආහාර සැපයුම් නොමැතිව දුකසේ මිය පරලොව ගියහ.



    5. රුසියානු සාගතය 1921​

    worst-famines-that-killed-millions-5.jpg


    1917 රුසියානු විප්ලවයෙන් ලෙනින්ගේ සමාජවාදී කඳවුර රුසියාවේ බලය අල්ලාගත්තේය. එහෙත් 1921 දී ඇති වූ සාගතයෙන් රුසියානු ජනතාව මිලියන 5ක් පමණ මරු වැළඳ ගත්හ. වොල්ගා සහ ඌරල් ගංගා ධාරයේ ඇති වූ මෙම සාගතය නිසා මිනිස්සු මිලියන ගණන් අනාථ විය. ඇතැම් ජනයා කන්නට දෙයක් නොමැති තැන මිය ගිය මිනිසුන් පවා ආහාරයට ගත් බව වාර්තා වල සඳහන් වේ. මේ සාගත තත්ත්වය නැති කරන්නට ඔවුන්ට අධාර උපකාර දුන්න මුත් තත්ත්වය සම්පූර්ණයෙන් සමනය කරන්නට එය ප්‍රමාණවත් නොවීය.



    6. මහා බෙංගාල සාගතය 1770​

    worst-famines-that-killed-millions-6.jpg


    බෙංගාලය යනු අද මෙන්ම එදා ද මහත් ජනතාවක් වාසය කළ පළාතකි. 1769-1773 කාලයේ ඇති වූ මහා බෙංගාල සාගතය අද බංග්ලාදේශය ඉන්දීය කල්කටාව තිබෙන ප්‍රදේශ වල ව්‍යාප්ත විය. ඒකාලය ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍යය බිඳවැටී ඉංග්‍රීසින් පැමිණි කාලය විය. 1769 ඇති වූ නියං තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආහාර හිඟකමට විසඳුම් සෙවීමට මෝගල් අධිරාජ්‍යයත් අලුත් ඉංග්‍රීසි පෙරදිග වෙළඳ සමාගමත් අපොහොසත් විය. මිලියන දහයක් සෙනග කෑම නැති කමින් මිය පරලොව ගිය මේ සාගතයට බලපෑම් කළ හැකි තරම් ආහාර පසුව හෝ ලබුනේ නැත. මේ හේතුවෙන් එවකට එම පළාත් වල සිටි ජනතාවගෙන් තුනෙන් එකක් මෙලොවෙන් සමුගත් බව වාර්තා වල සඳහන් වේ.



    7. චලිසා සාගතය 1783-84​

    worst-famines-that-killed-millions-7.jpg


    ඉන්දියාවේ දිල්ලිය, තමිල්නාඩුව ඇතුලු පළාත් ගණනාවකට බලපෑ මෙම මහා සාගතය නිසා මිලියන 11ක් එනම් දැනට ලංකාවේ සිටින ජනතාව මෙන් බාගයක් පමණ මිය ගියෝය. කාලගුණ විපර්යාසවල එල් නිනෝ නම් වූ හදිසි තත්ත්වය නිසා ඇතිවූ නියං සාය මේ සාගතයට බලපෑවේය. දැනටත් ලෝකයේ ජනතාවගෙන් 27%ක් වාසය කරන දකුණු ආසියාවේ ජීවිත, මෝසම් වැසි මත කෙලින්ම රඳා පවතී.



    8. මහා චීන සාගතය 1859-61​

    worst-famines-that-killed-millions-8.jpg


    චීනයේ ඇතිවූ මෙම සාගතයෙන් මිය ගිය ගණන සාමාන්‍යයෙන් මිලියන 15ක් යැයි දැක්වේ. එහෙත් කමියුනිස්ට් චීනයේ වාර්තා මතින් සැඟවූ ප්‍රමාණයත් සමග මෙම චීන සාගතයෙන් මිය ගිය සංඛ්‍යාව මිලියන විස්සකටත් වැඩි විය හැකි බව ඇතැම් ඉතිහාසඥයෝ මත පළකරති. මාවෝ සේතුංගේ සමාජවාදී ප්‍රතිසංස්කරණ හේතුවෙන් මෙම සාගත තත්ත්වය ඇති වී යැයි විශ්වාස කෙරේ.



    9. දෙවන ලෝක යුද්ධයේ බෙංගාල සාගතය 1943​

    worst-famines-that-killed-millions-9.jpg


    ඉංග්‍රීසින් පැමිණීමට පෙර බෙංගාල හෙවත් අද බංග්ලාදේශය ඇතුලු සීමාවේ ජනතාව ලංකාවේ ජනතාව මෙන් වී වගා කරමින් ජීවත් වූහ. එකල ඔවුන්ට ආහාර හිඟයක් ඇති වූයේ නියං කාලයේදී පමණි. එහෙත් සුද්දා පැමිණ බෙංගාල ජනතාවට කපු සහ ඕපියම් වැනි බව බෝග හඳුන්වා දී ඒ බෙංගාල ජනතාවට අවශ්‍ය වී හාල් ආදී ධාන්‍ය ද්‍රව්‍ය යාබද මියන්මාරයෙන් ආනයනය කරන්නට විය. දෙවන ලෝක යුද්ධයේදි මියන්මාර හෙවත් එවකට බුරුම දේශය ජපනාට යට විය. ඉතින් බෙංගාලයේ මිනිසුන්ට කන්න නැති විය. මේ හේතුවෙන් බෙංගාලයේ මිනිසුන් මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් අකාලයේ මිය ගියේය. දෙවන ලෝක යුද්ධයේ මහ විරුවන් ලෙස සලකන බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් වැනි අයවලුන් පවා බෙංගාලයේ මිනිසුන්ගේ සාගතය ගැන වැඩි අවධානයක් දුන්නේ නැත. අවසානයේ යුද්ධයකට මැදි නොවුන බෙංගාල ජනතාව යුද්ධය හේතු කොට ගෙන සාගතයෙන් තොගපිටින් මරු තුරුළට ගියෝය.



    ලෝකයේ රටවල අභිමානයට, බල තණ්හාවට යුද්ධ, කළකෝලහාල ඇති වේ. ඒ යුද්ධ වල අවිගත් සටන්කරුවන්ගේ රූපරාමු අපි සිනමාවේ සහ අන්තර්ජාලයේ දකිමු. එහෙත් යුධමය තත්ත්වයන් නිසා කන්න නැතුව මැරෙන ජනතාවද සිටී. කාලගුණ තත්ත්වයන් හේතුවෙන් ඇතිවන නියං නිසාද ලොව පුරා ජනතාව තැනින් තැන පීඩාවට පත් වේ. ලෝක විනාසය පිටසක්වල ජීවින්ගෙන් සිදුවනතුරු බලාගෙන සිටියත් මහා සාගත අවස්ථාවන් ඇතිවුවහොත් මිනිස් ජීවිත නම් මිලියන ගණනින් ලොවට අහිමි වන බව අපිට මේ සාගත ඇසුරෙන් දැනගත හැකිය.