ලෝක කම්කරු දිනයේ ඉතිහාසය

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    ලෝක කම්කරු දිනයේ ඉතිහාසය

    125 වන ලෝක කම්කරු දිනය අදට යෙදී ඇත.....

    10325535_10152080841487688_3902184924496227996_n.jpg


    ලෝකයේ කම්කරුවන් නම් වූ වැඩ කරන ,නිර්ධන පන්තියේ ජනතාවක් සිටින බව අද අපට මතක් කර දෙයි..
    අද වන් වූ දිනකට එහා ගිය මැයි දින ඉතිහාසය යළි සිහි කරමු...

    ජෝර්ජ් සීටීවන්සන් වාෂ්ප එන්ජිම සොයා ගැනීමත් සමගම ලෝකයේ
    කාර්මික විප්ලවයක් ඇති විය..
    නිර්ධන පන්තියේ කම්කරු මිනිසුන් වහල්ලුන් සේ සිය හාම් පුතුන් වෙනුවෙන් පැය 24 ම සේවය කළා.. පසු කලෙක මේ මිනිසුන් තව දුරටත් වහළුන් නොවන බව තේරුම් ගත්තා..
    තමුන්ව වහල්ළු ලෙස යොදා ගනිමින් ධනපති පන්තිය ධනය ‍රැස් කරන විදිහ කම්කරු මිනිසුන් දැක්කා...

    ඒ අනුව, වැඩ කරන ජනයාගේ අයිතීන් වෙනුවෙන් “ඉර නැඟීමේ සිට බැසීම දක්වා වැඩ කිරීමට එරෙහි ව්‍යාපාරය” 1827 දී අමෙරිකාවේ පිලඩෙල්පියා ප්‍රාන්තයේ දියත් වෙනවා ලෝකයේ පළමු වැනි සංවිධානාත්මක කම්කරු අරගලය සිදුවුණේ 1834 දී නිව්යෝර්ක් වල. නමුත් මැයි දිනය ආරම්භ වන්නේ 1886 වර්ෂයේදී ඇමරිකාවේ හේමාකට් චතුරස‍්‍රයේදීය. ඒ වැඩකරන ජනතාව පැය 8 ක වැඩමුරයක් ඉල්ලාය.

    කම්කරු ජනතාවගේ මෙම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ චිකාගෝ කර්මාන්ත ශාලා හිමියන් තම කර්මාන්ත ශාලාව වසා දැමීමට තීරණය කිරීම නිසා තත්ත්වය උණුසුම් විය.හාම්පුතුන්ගේ දරදඬු පාලනයට විරුද්ධ වූ කම්කරු ජනතාව පාරට බැස්සේය....අරගල දියත් කළේය.මෙයින් කම්කරු ජනතාව කිහිප දෙනෙක් ජීවිතයෙන් සමුදුන් අතර දෙසීයකට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
    කම්කරු නායකයින්ට එරෙහිව නීතිය ක්‍රයාත්මක විය.සමහරුන්ට මරණ දඩුවමද නියම විය.මේ නිසා ආවේගයට පත් දහස් ගණන් වන ජනයා චිකාගෝ හේමාකට් චතුරස‍්‍රයට ගලා එන්නට පටන් ගත්හ. මෙසේ රැස් වූ ජනයා අයුක්තියට අසාධාරණයට එරෙහිව පෙළ ගැසෙන්නට විය.

    චිකාගෝ සුපිරි කම්හල් හිමි ධනේශ්වරයින්ගේ මෙම කි‍්‍රයාවලිය එදා එහි සිටි පොලිසිය අනුමත කළත් ලොව කිසිඳු ජන වර්‍ගයක් අනුමත කළේ නැත. ඒ නිසාම ලෝකය පුරා පැතිර ගිය ජාත්‍යන්තර කම්කරු අරගලයකට මුල පිරීය.පැය 08 ක වැඩ මුරයක් හා සර්වජන ඡන්ද බලයක් ලබා ගැනීම සඳහා මුළුමහත් කම්කරු ජනතාවම එක්සත්ව සටන් කළහ.ඒ අනුව 1889 ජුනි මාසයේ පැරිස් නුවරදී “ පෙඩ්ඩ‍්‍රක් එංගල්ස්ගේ “ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු කම්කරුවන්ගේ දෙවන ජාත්‍යන්තර සමුළුවේදී චිකාගෝ නුවර හේමාකට් චතුරස‍්‍රයේදී ඇති වූ කම්කරු සටන් අනුස්මරණය මැයි පළමුවැනි දාට යොදා ගත්තේය. නමුත් ප‍්‍රථම වරට මැයි දිනය සමරන ලද්දේ 1890 දීය.

    මේ වන විට මේ දිනය සෑම රටක්ම මැයි 1 වැනිදාට සමරන්නෙ නෑ. විශේෂයෙන් ධනපති හා ලිබරල් රටවල් කම්කරු දිනය සමරන්නේ මැයි 1 වැනිදා නෙවෙයි. අමෙරිකාව පවා එය එදිනට සමරන්නේ නෑ. ආසියානු, ලතින් අමෙරිකානු ආදී රටවල් නම් තවමත් ලෝක කම්කරු මැයි 1 වැනිදා සමරනවා.
    කෙසේ වෙතත් අද අපි සමරන්නේ 125 වන ලෝක කම්කරු දිනයයි.


     
    • Like
    Reactions: chathurachami