ලෝක ප්‍රකට ඉපැරණි බෞද්ධ බිතුසිතුවම්.
ඉන්දියාවේ ඖරංගබාද් සිට කි.මී. 104ක් දුරින් පිහිටි පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වශයෙන් වැදගත්කමක් උසුලන, යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් (World Heritage Site) ලෙස පිළිගෙන ඇති ස්ථානයකි. අජන්තා ලෝක ප්‍රකට වී ඇත්තේ එහි පිහිටි ඉපැරණි ලෙන් විහාර හා බිතුසිතුවම් නිර්මාණ නිසාය.
අජන්තා බිතුසිතුවම් නැරඹීමට නම් ඖරංගබාද්හී සිට කි.මී. 104 ක් යා යුතු වේ. ජාල්ගෝන් දුම්රිය පොළේ සිට ඇත්තේ කි.මී. 52කි. මේ ලෙන් කපා ඇත්තේ වගුර්ණා ගංගාවට ඉහළින් සත්යගිරි කඳුකර වනාන්තරයේ පිහිටි යමහල් (ගිනිකඳු) ලාවා වලින් තැනුණු ගිරිකුළුවලය. මෙහි වටාපිටාව ඉතාමත් සිත්කලූය. වනාන්තරයෙන් වැසී තිබුණු මේවා 1819 දී දඩයමේ යද්දී අහම්බෙන් කපිතාන් ජෝන් ස්මිත් විසින් සොයා ගනු ලැබීය.
කි‍්‍ර. පූ. 200 දී පමණ ඇරැඹුණේ යැයි සැලකෙන මෙම ලෙන්වල කි‍්‍ර. ව. 250 වන තෙක් විටින් විට කරන ලද ලෙන් විහාර හා චිත්‍ර මෙහි දැක්ක හැකිය. බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් ඉදිකරවන ලදැයි සැලකෙන ලෙන් විහාර 30ක් පමණ මීට අයත් වෙයි. ඍජු කඳු බෑවුමක අඩි 250ක් පමණ ඉහළින් යාර 600ක් පමණ ප්‍රදේශයක අඩකවාකාර ව පිහිටා ඇති මෙම ලෙන් සැරසී ඇත්තේ බුද්ධ චරිතය හා ජාතක කතාවන් නිරූපණය කරන විවිධ චිත්‍ර හා කැටයම් වලිනි. ඒවායේ බිත්ති, සිවිලිම් හා කුලූනු ආදිය එදා මේ සිතුවම් හා විවිධ මෝස්තරවලින් පිරී තිබුණත් අද ඒවායින් ශේෂ ව ඇත්තේ ස්වල්පයක් පමණි. අද සංරක්ෂණය කර ඇති එම අජන්තා බිතුසිතුවම්වලින් එකල සිත්තරුන් තුළ පැවති කුසලතාව මොනවට පැහැදිලි වේ. අජන්තාවේ ඇති සුවිශේෂත්වය වන්නේ වාස්තු විද්‍යාත්මක තාක්ෂණය, මූර්ති කලාව හා චිත්‍ර කලාවන් එකට ගළපා ඇති අන්දමය. බෞද්ධ සියවස් හතරක පමණ කාලවකවානුවලට අයත් ථෙරවාද(හීනයාන) හා මහායාන ආගමික පුරා වස්තු එහි දැක්ක හැකිය.