ලෝක ප‍්‍රකට ඉපැරණි බෞද්ධ බිතුසිතුවම්.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ලෝක ප‍්‍රකට ඉපැරණි බෞද්ධ බිතුසිතුවම්.

    ඉන්දියාවේ ඖරංගබාද් සිට කි.මී. 104ක් දුරින් පිහිටි පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වශයෙන් වැදගත්කමක් උසුලන, යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් (World Heritage Site) ලෙස පිළිගෙන ඇති ස්ථානයකි. අජන්තා ලෝක ප‍්‍රකට වී ඇත්තේ එහි පිහිටි ඉපැරණි ලෙන් විහාර හා බිතුසිතුවම් නිර්මාණ නිසාය.

    1.jpg


    අජන්තා බිතුසිතුවම් නැරඹීමට නම් ඖරංගබාද්හී සිට කි.මී. 104 ක් යා යුතු වේ. ජාල්ගෝන් දුම්රිය පොළේ සිට ඇත්තේ කි.මී. 52කි. මේ ලෙන් කපා ඇත්තේ වගුර්ණා ගංගාවට ඉහළින් සත්‍යගිරි කඳුකර වනාන්තරයේ පිහිටි යමහල් (ගිනිකඳු) ලාවා වලින් තැනුණු ගිරිකුළුවලය. මෙහි වටාපිටාව ඉතාමත් සිත්කලූය. වනාන්තරයෙන් වැසී තිබුණු මේවා 1819 දී දඩයමේ යද්දී අහම්බෙන් කපිතාන් ජෝන් ස්මිත් විසින් සොයා ගනු ලැබීය.


    4.jpg


    කි‍්‍ර. පූ. 200 දී පමණ ඇරැඹුණේ යැයි සැලකෙන මෙම ලෙන්වල කි‍්‍ර. ව. 250 වන තෙක් විටින් විට කරන ලද ලෙන් විහාර හා චිත‍්‍ර මෙහි දැක්ක හැකිය. බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් ඉදිකරවන ලදැයි සැලකෙන ලෙන් විහාර 30ක් පමණ මීට අයත් වෙයි. ඍජු කඳු බෑවුමක අඩි 250ක් පමණ ඉහළින් යාර 600ක් පමණ ප‍්‍රදේශයක අඩකවාකාර ව පිහිටා ඇති මෙම ලෙන් සැරසී ඇත්තේ බුද්ධ චරිතය හා ජාතක කතාවන් නිරූපණය කරන විවිධ චිත‍්‍ර හා කැටයම් වලිනි. ඒවායේ බිත්ති, සිවිලිම් හා කුලූනු ආදිය එදා මේ සිතුවම් හා විවිධ මෝස්තරවලින් පිරී තිබුණත් අද ඒවායින් ශේෂ ව ඇත්තේ ස්වල්පයක් පමණි. අද සංරක්ෂණය කර ඇති එම අජන්තා බිතුසිතුවම්වලින් එකල සිත්තරුන් තුළ පැවති කුසලතාව මොනවට පැහැදිලි වේ. අජන්තාවේ ඇති සුවිශේෂත්වය වන්නේ වාස්තු විද්‍යාත්මක තාක්ෂණය, මූර්ති කලාව හා චිත‍්‍ර කලාවන් එකට ගළපා ඇති අන්දමය. බෞද්ධ සියවස් හතරක පමණ කාලවකවානුවලට අයත් ථෙරවාද(හීනයාන) හා මහායාන ආගමික පුරා වස්තු එහි දැක්ක හැකිය.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ඉන්දියාවේ පිහිටි අජන්තා ලෙන්වල ඇති ලෝක ප‍්‍රකට ඉපැරණි බිතුසිතුවම් සිය වස් 22කටත් වඩා පැරණිය. මෙම බිතුසිතුවම් අතර ඉහළට මතු වූ අල්පෝන්නත (bas-relief) බිතුකැටයම් ද ඉපැරණි බෞද්ධ ගෘහනිර්මාණ ශිල්පය ඉස්මතු කරන ඉදිකිරීම් ද දැක්ක හැකිය. ඉන් කැපී පෙනෙන කීපයක් මෙසේය.

    4.jpg



    ලෙන් අංක 1 හි ඇති බිතුසිතුවම් අතර ලෝක ප‍්‍රකට පද්මපානී හා වජිරපානී බෝධිසත්ව රූප ද වෙයි. ඊට ඇතුළු වන මඟ දෙපස මාර පරාජය හා යමාමහ පෙළහර පෑම ද සිවි, සංඛපාල, මහාජනක ආදී ජාතක කතා සිතුවම් කර ඇත.


    1.JPG


    site_0242_0002-500-333-20110415171108.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ලෙන් අංක 2 හි සිවිලිමෙහි කළ චිත‍්‍ර සුවිශේෂය. මහාමායා දේවිය දුටු සිහිනය, සිදුහත් උපත ආදියත්, හංස හා විදුර ජාතකත්, සිතුවමට නඟා ඇත. ලෙන් අංක 9, 10, හා 12 ලෙන් ථෙරවාද සමයට අයත් ඒවාය. මෙහි අංක 10 මුල් කැණීම්වලට අයත් වෙයි. මෙහි ඇති චිත්තාකර්ෂණීය බෞද්ධ විහාර ගෙවල් කි‍්‍ර.පූ. 2 වන සියවසට අයත් බව පිළි ගෙන ඇත. මෙහි සාම හා ඡුද්දන්ත ජාතක චිත‍්‍රයට නගා ඇත. ලෙන් අංක 14, 15 හා 16 මහායාන සමයට අයත් ඒවාය. ඉන් 16 ලෙන් චිත‍්‍ර සුවිශේෂය. නන්ද කුමරු බුදුන් දැකීම, යමා මහ පෙළහර, බුදුරදුන් යශෝධාරාවගෙන් හා රාහුල පුතුගෙන් දන් පිළිගැනීම, හස්ති හා මහා උම්මග්ග ජාතක ආදී සිතුවම් ඊට ඇතුළත් වෙයි. වැඩි ම චිත‍්‍ර සංඛ්‍යාවක් සුරැකිව ඇත්තේ 17 වැනි ලෙනෙහිය. සිත්කලූ බුදු රූ පෙළක් හා වලාකුළු අතරින් ඉන්ද්‍ර (සක්) දෙවියන්, රැඟුම් පානා දිව්‍ය අප්සරාවන් පිරිවරා ගෙන එන ආකාරයත්, බුදුරදුන්ගේ නාලාගිරි දමනය, දෙව්දත් බුදුන් හිසට ගලක් පෙරළු අයුරු, මෙන්ම සද්දන්ත, වෙස්සන්තර, මහාකපි, සුතසෝම, මාතු පෝසක, සාම, නිග්‍රෝධමිග ආදී ජාතක කතාත් දැක්වේ. 19 වැනි ලෙනහි ඇත්තේ ගලෙන් නෙලන ලද අලංකාර චෛත්‍යයකි.

    site_0242_0007-500-333-20110415171340.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ලෙන් 21 සිට 24 දක්වා ඇත්තේ අවසන් නොකළ බිතුසිතුවම්ය.

    site_0242_0006-333-500-20110415171256.jpg


    site_0242_0001-500-333-20110415171012.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ela , bohoma pin, dambadiwa yana pethata wada hungak durada meka thiyenne

    machan bus eke nam dawas deka hamarak withara yanawalu bombe Idala.

    Ape dabadiwa yana kawruwath mewa balanna yanne naha. habai machan balanna watina pot ekak.