ලෝක බෞද්ධ උරුමය රැකගැනීමට තව ඇත්තේ දින ගණ&#350

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,863
    2,175
    113
    Galle
    ලෝක බෞද්ධ උරුමය රැකගැනීමට තව ඇත්තේ දින ගණ&#350



    ඇෆ්ගනිස්තානයේ Mes Aynak හි පිහිටි වසර 1,600ක් පැරණි බෞද්ධ විහාර සංකීර්ණයක් මෙම වසර අවසානයේදී තඔ පතලක් සඳහා චීන සමාගමකට පැවරීමට නියමිත පුවතක් මීට හරියටම මාස 2කකට පෙර
    ගොසිප්9 විසින් හෙළිකල බව ඔබට මතක ඇති.

    2001 වසරේ බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළ තලෙයිබානුවන්ට බැන බැන නොසිට ඇස් පනාපිට මෙම වසරේ දෙසැම්බර් මාසයේ අගදී විනාශ වී යාමට නියමිත මෙම ලෝක උරුම බෞද්ධ විහාර සංකීර්ණය රැකගැනීම අප කාගේත් යුතුකම බවයි එම ලිපියෙන් අප එහිදී මතක් කළේ.


    මේ පිළිබඳව ලංකාවේ කිසිදු මාධ්‍යයක අවධානයක් යොමු නොවූ නමුත් එය වැලැක්වීම සඳහා වූ අන්තර්ජාල පෙත්සමට මේ වනවිට අත්සන් 65,426ක් ලැබී ඇති නමුත් තවත් 34,574 ක අවශ්‍යතාවයක් තිබෙනවා.


    කෙසේ වුවද අදින් ඇරඹෙන මෙම දෙසැම්බර් මාසය තුළ එය වැලැක්වීමට නොහැකි වුවහොත් ලෝ පුරා බෞද්ධයන්ට සිදුවන්නේ තලෙයිබාන්වරුන්ට බනින අතරතුරේ තඹ පතල හෑරීම සිදුකරනා චීනයටත් බැනීම පමණකි.


    මෙම අන්තර්ජාල පෙත්සම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කල චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වන Brent E. Huffman මහතා විසින් මේ පිළිබඳව The Buddhas of Mes Aynak නමින් වාර්තාමය චිත්‍රපටයක් නිපදවා තිබෙන අතර එය භාෂා කිහිපයකින් හඬ කැවීමට නියමිතයි.


    මෙම සංග්‍රාමය සඳහා ඩොලර් 40,000ක මුදලක් එකතු කිරීම ආරම්භ කල අතර දින 20ක් ඇතුලත ලෝ වටා බෞද්ධයන්ගෙන් එම මුදලින් 98%ක් මේ වනවිට එකතුවී තිබෙනවා.


    එම චිත්‍රපටය පිළිබඳ වැඩි විස්තර
    මෙතනින්.

    මෙම ලෝක උරුමය රැක ගැනීම සඳහා
    යුනෙස්කෝව වෙත යොමු කිරීමට එක් අන්තර්ජාල පෙත්සමකුත්, ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට තවත් පෙත්සමකුත් ආරම්භ කර තිබුණා.

    යුනෙස්කෝ පෙත්සම
    මේ වනවිට අවසන් කර ඇති අතර අනෙක් පෙත්සමට අත්සන් කිරීමට තව දුරටත් ඔබට අවස්ථාව තිබෙනවා.

    ඔබ තවමත් මෙම අන්තර්ජාල පෙත්සමට අත්සන් නොකලා නම් අත්සන් කිරීමට
    මෙතනින්.

    මේ පිළිබඳව විස්තර සහිත ෆේස්බුක් පිටුවට
    මෙතනින්.

    The Buddhas of Mes Aynak චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්.




    උපුටා ගැනිම
    gossip9
     
    Last edited:

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,863
    2,175
    113
    Galle
    එලකිරියේ ඉන්න සහෝදර, සහොදරියෝ හැමොම වගේ වගේ මේකට උදවු කරාවි කියලා මම හිතනවා..
     
    Oct 31, 2012
    535
    31
    0
    A27dTG9
    A27dTG9.jpg