ලෝක මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට කෝටි 16,000ක්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,413
    32,122
    113
    රටේ ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(I.M.F) ඇමරිකානු ඩොලර් මිලියන 800ක මුදලක් (රුපියල් කෝටි 16,000) ලබන අගෝස්තු මාසයේදී පිරිනැමීමට තීරණය කර ඇතැයි මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

    මෙය ප්‍රදානයක් මිස නැවත ගෙවිය යුතු ණය මුදලක් නොවේ යැයිද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

    ලෝක කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය සාමාජික රටවලට අමරිකානු ඩොලර් බිලියන හය සිය පනහක් පිරිනැමීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකාවට ඉහත මුදල ලබා දෙනුයේද ඒ වැඩපිළිවෙළ යටතේ යැයි කබ්රාල් මහතා පැවසුවේය .

    ලෝක ආර්ථික අවපාතයක් පැවැති කාලයේදීද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය සාමාජික රටවලට මෙවැනිම ප්‍රදානයක් කළ අතර එකල එම වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 510 ක මුදලක් ලැබුණු බවද මුදල් රාජ්‍ය ඇමැතිවරයා සිහිපත් කළේය.

    මෙසේ ලැබෙන මුදල් රටේ ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා යෙදවීමට අපේක්ෂා කරන බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් කීවේය.

    Source: https://www.lankadeepa.lk/news/ලෝක-මූල්‍ය-අරමුදලෙන්-ශ්‍රී-ලංකාවට-කෝටි-16-000ක්/101-594547
    arunge ginithiyagaththuwage wandi widihata gani...........
     
    • Like
    Reactions: Kolama

    Similar threads