ලෝක යුද්ධයක් ඇති නොවෙන්නේ ඇයි?

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ලෝක යුද්ධයක් ඇති නොවෙන්නේ ඇයි?

    මේ දවස් වල යන ලොකු මාතෘකාවක්නේ මේ ඇති වෙන්න යනවා කියන ලෝක යුද්ධයක් ගැන. ඉතින් එළකිරියේ ගොඩක් අය කියන දේවල් අහන ඉන්න කොට මේ දේ ගැන ඇත්ත නොකිය ඉන්නම බැරි උනා.

    NATO-Preparing-For-World-War-3-1.jpg


    මම දැක්ක එලකිරියෙ ගොඩක් අය කැමතියි රුසියාව ඇමරිකාවට ගහනව දකින්න. ඇමරිකාවට සහයෝගය දක්වන අයත් බොහෝවිට ඇමරිකාවට සහයෝගය දෙන්නේ සිරියාව මුස්ලිම් රටක් වන නිසා. ලංකාවේ අය ගොඩක් ඇමරිකානු විරෝධි ප්‍රතිපත්තියක් දැරීමට හේතු අතේ ඇඟිලි ගන්නට වඩා තියනවා.

    ඒත් මම දැක්ක තවම ගොඩදෙනෙක් ඇත්ත තත්වය තවම හරි හැටි තේරුම් අරගෙන නෑ. නැත්නම් ඇත්ත දකින්න කැමති නෑ. වරදක් කියන්න බෑ, කොහොමත් අපි අකමැති දේවල් පිළිගන්න වැඩිය කැමති නෑනේ.:P කවුරු හරි නිකන් කියන එකක් අහල හරි, රුසියාවේ හා චීනයේ යුධ බලය ගැන youtube video කිහිපයක් බලල හරි හුඟ දෙනෙක් හිතන් ඉන්නවා මේ රටවල් දෙකට ඇමරිකාව යුධමය අතින් පරාජ කරන්න පුළුවන් කියල.

    images


    එහෙම පුළුවන් කමක් තියනවනම් ලෝකේ සාධාරණ භාවය මිට වඩා හොඳට ක්‍රියාත්මක වෙයි. හරියට එක හා සමාන බලයකින් යුක්ත ආණ්ඩුවක් හා විපක්ෂයක් රටක තියනව වගේ. නමුත් ඇත්ත තත්වය මිට වඩා බොහොම වෙනස්.:(

    රටක යුධ බලය මනින ප්‍රධානම මිනුම් දණ්ඩ තමයි ඒ ඒ රටවල් යුධ බලය සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය. මොකද රටක සොල්දාදුවන් ගණන කොච්චර වැඩි උනත් වැඩක් නෑ ඒ අයට සහය දෙන්න තාක්ෂනය හා යුධ සැපයුම් හරි හැටි නැතිනම්. දුකෙන් හරි කියන්න ඕන දැන් ලෝකේ හැටියට වැඩියෙන් වියදම් කරන කෙනා යුද්ධය දිනනවා.:angry:

    • හරි, දැන් ඉස්සෙල්ලම බලමු වාර්ෂික යුධ වියදම අතින් ලෝකේ ඉදිරියෙන්ම ඉන්න රටවල් 5 අරගෙන.

    7c3a76ef4b71fa459ad880349b0ff667.png


    පසුගිය දශකයේදී රුසියාව හා චීනය යුධමය අතින් බලවත් උනා තමයි. ඒත් මතක තියාගන්න ඕන ඇමරිකාවත් ඒ කාලයේදී හොරෙන්ම යුධමය බලය වැඩි කලා. විශේෂයෙන්ම bushගේ පාලන කාලයේ. ඇමරිකාව ඒ කාලයේ යුද්ධ කිහිපයක් කලත් මම හිතන්නේ ඒ අය වියදම් කලාට වඩා සල්ලි ප්‍රමාණයක් ඉරාකෙන් තෙල් ගත්ත.

    • මේ වෙනස හොඳටම පේනවා මේකෙන්.

    defence-budgets-and-expenditure---iiss.jpg


    හිතන්න ඕන දෙයක් තමයි මේ එක අවුරුද්දක වෙනස. එතකොට පහුගිය අවුරුදු 10 යේ එකතුව ගත්තොත් කොච්චර වෙනසක් තියෙන්න ඕනෙද කියල හිතාගන්න පුළුවන්නේ. අනික තමයි ඇමරිකාවේ චීනයට සාපේක්ෂව ඉන්න සොල්දාදුවන් ගණන අඩුයි. ඒ කියන්නේ මේ මුදල් ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් යන්නේ තාක්ෂනික් දියුණුවට හා ආයුද රැස් කරගැනීමට. ඒ කියන්නේ මේ සල්ලි වලින් වැඩි ප්‍රමාණක් ඉදිරියට එකතු වන ආයෝජන.

    රටක් ලෝක යුද්ධයක් වැනි යුද්ධයකට අවතීර්ණ වන්නේ ඒ අයට ජයගැනීම සඳහා සාධාරණ ප්‍රතිශතයක් තියනවනම් විතරයි. දැන් පවතින තත්වය අනුව චීනය, රුසියාව, ඉරානය, උතුරු කොරියාව හා කියුබාව එකතු වුවත් ඇමරිකාවේ තනි යුධ බලය ඒ වගේ දෙගුණයකටත් වඩා වැඩි වනවා.

    global-military-spending1.png


    ඇමරිකාව රුසියාවට හා චීනයට බය ලෝකයේ රටවල් අතරින් ඇමරිකාවට රිදෙන්න ගහන්න පුළුවන් ලෝකයේ එකම රටවල් දෙක වන නිසා. ඒත් දැන් පවතින තත්වය අනුව ඒ අයට කීයටවත් ඇමරිකාවට ගහල දිනන්න බෑ. අනික ඇමරිකාව විතරක් නෙමෙයි ලෝකයේ බලවත් රටවල් වැඩි ප්‍රමාණයක් ඇමරිකාව පැත්තේ ඉන්නේ.

    ඉතින් මේ තියෙන්නේ මම මේ සිද්දිය දකින විදිහ. ඇමරිකාවේ බලය ඕනවට වඩා වැඩියි තමයි. ඒක ලෝකයේ සමතුලිත තාවයට ප්‍රශ්නයක්. ඒත් එක්කම හොඳ දෙයක් තමයි ඒක ලෝක යුද්ධයක් වෙන ඒකත් නවත්තනවා. හොඳ හා නරක දෙකම තියනව. කොහොම හරි දැන් තියන තත්වය අනුව ඇමරිකාව යුධමය අතින් පරාජය කරන්න බෑ. ඒක නිසා රුසියාව හා චීනය දැන්ම ලෝක යුද්දෙකට බහින්නේ නෑ. ඒක ඉල්ලන් කනව වගේ වැඩක් වන නිසා.

    වෙනස් අදහසක් තියන ඕන කෙනෙක් ඉදිරිපත් කරන සාධක සාදරයෙන් පිලිගන්නවා. අලුතෙන් දෙයක් ඉගෙන ගන්න පුලුවන්නම් ලොකු දෙයක්නේ.:yes:


    මේ ටික පසුව එකතු කලෙමි.;)



    කට්ටිය කියනවනේ රුසියාවට nuke power එක වැඩියි කියල. මේවයින් active ඒවා විතරයි මේ දැන් පාවිච්චි කරන්න පුළුවන්.

    මේ තියෙන්නේ 2013 වෙනකොට ලෝකේ තියන nuke data.

    country ..................Active/Total

    USA .................................... 2,150/7,700
    Russia ................................. 1,800/8,500
    UK..........................................160/225
    France ................................... 290/300
    China .................................unknown/250
    Israel ................................ unknown/80



     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මම හිතන්නේ ඔයාගේ දත්ත අනුව හරි.ඒත් මෙහෙමත් හිතමුකෝ.
    ඇමරිකාවට ප්‍රහාරක ජෙට් 10,000ක් තියෙනවා රුසියාවට 1000 කියලා.

    ඒත් ඇමරිකාවේ 10000ම අහසට දානවද? නෑ නේ. දාන්නේ සුලු ප්‍රමානයක් විතරයි.ඒත් රුසියාවට ඔක්කොම දාන්න පුලුවන්. උදාහරනයක් විදියට ඇමරිකාව යුද්දෙදී ප්ලේන් 500ක් ර්ලීස් කලොත් රුසියාවටත් ඒ ගාන රිලීස් කරන්න පුලුවන්.

    අමතක කරන්න එපා රුසියන් කාරයෝ හරි මගඩියෝ.උන් ඔක්කොම කරන්නේ හොරෙන්.සෝවිට් දෙශය තියෙන කාලෙ ඉදන්ම එහෙමයි.අදටත් උන්ගෙ යුද ශක්තිය අභිරහසක්.

    මම කියන්නේ මේ රටවල් දෙක අතර යුද්දයක් ගියොත් දෙපාර්ශවයම සම තැනක ඉන්නවා. ගැහුවොත් දෙගොල්ලන්ටම සමව රිදෙනවා.
     
    Last edited:

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    Loka yuddayak athi karaganna oya ratawal 3 ma (US,Russia & China) modayo newei mokada eka ratak hari nuclear power eka use keruwoth mulu lokema iwarai
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඔච්චර වියදම් කලා කියලා වැඩක් නෑ. වැඩ කරන nuke 5,6 තිබුනනම් හොඳටම ඇති. දැනට තියෙන nuke වලින් ලෝකේ කීප පාරක්ම විනාශ කරන්න පුලුවන්. ආරක්ශාවට වියදම කරන ගාන ඒ වගේ රටවල් වලට වැඩක් නෑ. අනික ඇමරිකාවේ තියෙන්නේ බොරු වියදම්, උතුරු කොරියාවට ප#යක් ගියත් ඇමරිකාව බිලියන ගානක් වියදම් කරනවා. රුසියාව චීනේ එහෙම බොරු වියදම් කරන්නේ නෑ..

    ඔන්න මගේ මතය
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔය සත්‍ය තේරුම් නොගන්න උන් තමා බං මෙතන නැව් ටෝක් දෙන්නේ රුසියාව ගැහුවොත් ඉවරයි චීනේ සෙට් උනොත් ඉවරයි කියාගෙන.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කොහොම කවුරුකිව්වත් වැඩියෙන්ම න්‍යෂ්ටික අවි තියෙන්නෙ රුසියාවට. ඒ නිසා අනිත් හමුදා එච්චර වැදගත් සාධකයක් නෙමෙයි. කොහොමහරි දෙගොල්ලොට දෙගොල්ලො බයයි:baffled:
     

    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    ai israyel :cool: un kohomath USA walata support :D un thamai pattama waddo loke inna :cool: anika oya monawa kiwwath russia,USA,China udin pennanawa withara tharahai kiyala yatin un okkoma ekathu wela gema gahanne :D un okkoma balanne muslim ratawal walin thel tika ada ganna
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රුසියන් එක නූක් එක ඇති ඇමෙරිකාව දනගස්සන්න. ඊටපස්සෙ වටේ උන් කියන්නෙ ශේප් කරගන්න කියලා. එහෙම කියලා ඇමෙරිකාව ශේප් වුනේ නැත්නම් අනිවා ඇමෙරිකාවට දුවන්න වදිනව. එතකොට කවුරුවත් ඇමෙරිකාව ගනන් ගන්නෙ නෑ. අනි විදියට දකුනු ඇමෙරිකානු කලාපයම ඇමෙරිකාව එක්ක තරහයි. පට්ට වෛරයි මුන්. ඒ ගැන කවුරුත් කතාකරන්නෙ නැත්තෙ ඇයි.:dull:
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මම නම් හිතන්නෙ යුද්දයක් අති වෙන්නේ නැ කියලා.. අනේ එහෙම වෙන්නත් එපා:no::no:

    තවත් දෙයක් ජපන්නු, චින්නු, උතුරු දකුනු කොරියන් කාරයෝ යුද්දෙකට බැස්සොත් මරාගෙන මැරෙන ජාතියේ එවුන්...:no::no: ලෝකෙම විනසයි තමා අනිවා.:dull::dull::dull:
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔච්චර වියදම් කලා කියලා වැඩක් නෑ. වැඩ කරන nuke 5,6 තිබුනනම් හොඳටම ඇති. දැනට තියෙන nuke වලින් ලෝකේ කීප පාරක්ම විනාශ කරන්න පුලුවන්. ආරක්ශාවට වියදම කරන ගාන ඒ වගේ රටවල් වලට වැඩක් නෑ. අනික ඇමරිකාවේ තියෙන්නේ බොරු වියදම්, උතුරු කොරියාවට ප#යක් ගියත් ඇමරිකාව බිලියන ගානක් වියදම් කරනවා. රුසියාව චීනේ එහෙම බොරු වියදම් කරන්නේ නෑ..

    ඔන්න මගේ මතය

    හොඳ තර්කයක්.:yes:
    ඒත් මම හිතන්නේ nuke පාවිච්චිය එන්නේ ලෝක යුද්ධයක් වෙලා එක පැත්තක් පරදින්න යනකොටම වගේ. මොකද එක පැත්තකින් nuke launch කලා කියන්නේ අනික් පැත්තෙනුත් launch කරනවා කියන එක. ඒ කියන්නේ suicide mission එකක් විදිහට.
    අනික තමයි මම හිතන විදිහට දැන් රටකට nuke ගහන ඒකත් ලේසි නෑ. ඔය හැම රටකම වගේ anti-missile systems කොච්චරනම් තියනවද? අපි නොදන්නා systems කොච්චර ඇද්ද? මම හිතන විදිහට ඕක හිදම තමයි ඇමරිකාවේ හමුදාව වැඩි හරියක් ඇමරිකාවෙන් පිට ඉන්නේ.
    අනික ඇමරිකාව උන්ට වාසියක් නැත්නම් මොනවත් කරන්නේ නෑ. පොඩ්ඩක් පේන්න නාස්ති කලත් මොකක් හරි යටි අදහසක් තියනව. චීනා වගේම තමයි.:rofl:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හොඳ තර්කයක්.:yes:
    ඒත් මම හිතන්නේ nuke පාවිච්චිය එන්නේ ලෝක යුද්ධයක් වෙලා එක පැත්තක් පරදින්න යනකොටම වගේ. මොකද එක පැත්තකින් nuke launch කලා කියන්නේ අනික් පැත්තෙනුත් launch කරනවා කියන එක. ඒ කියන්නේ suicide mission එකක් විදිහට.
    අනික තමයි මම හිතන විදිහට දැන් රටකට nuke ගහන ඒකත් ලේසි නෑ. ඔය හැම රටකම වගේ anti-missile systems කොච්චරනම් තියනවද? අපි නොදන්නා systems කොච්චර ඇද්ද?
    අනික ඇමරිකාව උන්ට වාසියක් නැත්නම් මොනවත් කරන්නේ නෑ. පොඩ්ඩක් පේන්න නාස්ති කලත් මොකක් හරි යටි අදහසක් තියනව. චීනා වගේම තමයි.:rofl:

    anti missle system ekakin missiles okkoma nathara karanna baa... mokada gaha nawanan ekapara 100-200 wage loku ganak thamayi gahanne 1-2 gahanne naa.. ee nisa anti-missle system thibunath okkoma misslies nathara karanna baa..... 2-3 wath aniwa watenawa target walata... owayin ithin 1k watunath athi US wage ratak bankoloth wennama.....
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    anti missle system ekakin missiles okkoma nathara karanna baa... mokada gaha nawanan ekapara 100-200 wage loku ganak thamayi gahanne 1-2 gahanne naa.. ee nisa anti-missle system thibunath okkoma misslies nathara karanna baa..... 2-3 wath aniwa watenawa target walata... owayin ithin 1k watunath athi US wage ratak bankoloth wennama.....

    nuke 2-3ක් වැටුන කියල ඔය එක රටකවත් වැටෙන්නේ නෑ මචන්. අද කාලයේ nuke එකක සාමාන්‍ය බලය 300Kt. ඊට වඩා බලය වැඩි ඒවා missile වලට දාන්න අමාරුයි. 500Kt ඒවා ගත්තත් new york සමතල කරන්න ඒවා 2ක් ඕන.
    මේකෙන් අදහසක් ගන්න පුළුවන් වෙයි.
    original.jpg