ලෝක වර්තාවක් තියන්න යන සාරා රත්මලානට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_1578ed8dc6.jpg


    මයික්‍රෝ ලයිට් තනි එන්ජින් ගුවන්යානයකින් ලෝකය වටා තනිව පියාසර කල ලාබාලතම ගුවන් නියමුවරිය ලෙස ලෝක වාර්ථාවක් තැබීමට සූදානම් වන්න බෙල්ජියම් ජාතික දහනවහැවිරිදි තරුණියක වන සාරා රදර්ෆර්ඩ් (Zara Rutherford) මෙනවිය රත්මලාන ගුවන් තොටුපලට අද දහමල් පැමිණියාය.

    රත්මලාන ගුවන්තොටුපොළේදී ඇය පැමිණි සැහැල්ලු ගුවන්යානයට ජල ආචාරය දක්වා ඇය කොළඹ ගුවන් තොටුපලේ කළමනාකරු අරුණ රාජපක්ෂ මහතා විසින් පිළිගනු ලැබීය.

    පසුගිය අගෝස්තු මස 13 වන දින බෙල්ජියමෙන් ගමන් ආරම්භ කර ඇති ඇය ඇමරිකාව බ්‍රිතාන්‍ය රුසියාව ඇතුළු රටවල් ගණනාවක් හරහා මේ වන විට ගමන්කොට ඇත.

    ඇය ගමන් ගන්නා ගමන් මාර්ගයේ 40 වැනි රට හැටියට ලංකාවට පැමිණ සිටින ඇය ගුවන් තොටුතොටුපළවල් 52ක නැවතුම් සිදුකර පැමිණ ඇත.

    රටවල් පනස් දෙකක් මහත්දීප පහක් ඔස්සේ ගුවන් සැතපුම් කිලෝ මීටර් 51000 මග ගම්න් කිරීමට බලාපොරොත්තු වන ඇයගේ ගුවන් ගමනට යොදාගත් ගුවන් යානය ඉහළ කාර්ය සාධනයක් සහිත ultralight තනි එන්ජින් ගුවන් යානයකි.

    එම ගුවන් යානයේ වේගය පැයට කිලෝ මීටර් තුන්සීයක් පමණය.

    අද දින ලංකාවේ ගතකරන ඇයගේ මී ළඟ නැවතුම ඉන්දියාව බව ඇය කීවාය.

    රත්මලාන ගුවන් තොටුපලේ කළමනාකාර අරුණ රාජපක්ෂ මහතා සහ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සේවාවනිතා සභාපතිනිය මේනකා සොනාලි නානායක්කාර මහත්මිය යන දෙදෙනා ඇයට සමරු තිබිණද පිළිගැන් වූහ.

    image_c18d512c4b.jpg


    image_d7a1c41005.jpg


    image_73e140db74.jpg

    image_7d6a93d5a0.jpg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,698
    113
    Colombo
    ජල ආචාරය දක්වා ඇය කොළඹ ගුවන් තොටුපලේ කළමනාකරු අරුණ රාජපක්ෂ මහතා විසින් පිළිගනු ලැබීය.

    කෙලී නාවල ගෙට අරන් තියෙන්නෙ...
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,199
    11,229
    113
    Forest
    වැරදි රටකට බැස්සේ. ඔය plane එකේ රෝදයක්වත් අපේ සෙට් එක ඉතුරු කරන එකක් නෑ බැලුවේ නැත්තන් :P
     
    • Haha
    Reactions: SLK_sri

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මෙයාට ‍ මොකුත් ලංකාවෙ සම්භවයක් නැද්ද මචන්.. අඩුමගානෙ ලොකු පුංචි අම්මා බැදපු බාප්පා ගෙ තාත්තා වත් ශ්‍රී ලාංකිකයෙක් වත් වෙලා නැද්ද බලපන් හොදට
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    හත්තිලවුවෙ.. ඔය අම්මණ්ඩිට කියපං ලංකාවෙන් නං තෙල් ගහන්න එපාය කියල.. ප්ලේන් දෙකතුනක් දැනටමත් පත බෑවුනා.. ෂුවර් එකටම අහස් යාත්තරා වල තෙල් කොලිටිය බාල කරල ඇති ජනතාවට සහන දෙන්න.. ඔය අම්මන්ඩිට ත් වෙන්නෙ සාගරේට ලෑන්ඩ් කරන්න තමයි මෙහෙන් තෙල් ගැහුවොත්... ලෝක සවාරියත් ඉවරයි එතනින් ම...