ලෝක විනාශය අද

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    image_7179959c60.jpg


    අප සෞරග්‍රහ මණ්ඩලයට ඇත්තේ ග්‍රහලෝක 8 කි. ප්ලූටෝ ග්‍රහලොවක් ලෙස සැළකෙන්නේ නැත. ග්‍රහලොවකට අයත් ලක්ෂණ නොමැති වීම නිසා එය සැළකෙන්නේ කුරු ග්‍රහයකු කියාය. කෙසේ නමුත් සෞරග්‍රහ මණ්ඩලය කෙළවර තාරකා විද්‍යාඥයන්ට මෙතෙක් හමු නොවුණු සැඟවුණු ග්‍රහලොවක් ඇති බවත්, සෑම වසර 3,600 කට වරක්ම, මෙම ග්‍රහයා අප හිරු වටා ගමන් කරන බවත්, එසේ ගමන් කරද්දී, මෙම ග්‍රහලොව පෘථිවියේ ගැටී ලෝකාවසානය සිදුවනු ඇති බවත් ඇතැම් විද්‍යාඥයන් අතරේ මතයක් පවතී.

    ‘නිබුරු’ සහ ‘ප්ලැනට් එක්ස්’ යන නමින් හැඳින්වෙන මෙම අබිරහස් ග්‍රහයා පාථිවියේ හැපෙනවා යැයි අනාවැකි පළ කරනු ලැබුවේ ක්‍රිස්තියානි අංක විද්‍යාඥයකු වන ඬේවිඞ් මේඞ් විසිනි. ඒ, ඔහු විසින් සිදු කළ ගණනය කිරීම්වලින් පසුවය. මේඞ් අනාවැකි පළ කළේ සැප්තැම්බර් 23 වැනිදා නිබුරු පෘථිවියේ හැපෙනු ඇති බවය. වාසනාවකට එවැන්නක් සිදු නොවුණු අතර, පෘථිවියේ අප සැවොම තවමත් යහතින් පසුවන්නෙමු.
    නිබුරු බොරුවක් නොවන බවත් එය පෘථිවිය දෙසට ඇදෙමින් පවතින බවත්, නිබුරුගේ බලපෑමෙන් පෘතිවියේ මහා භූමි කම්පා හටගෙන අද එනම් නොබැම්බර් 19 වැනිදා, ලෝක විනාශයක් සිදුවේවි යැයි පසුගිය ඔක්තෝබර් 27 වැනිදා අනාවැකි පළ කෙරුණි. ඒ, නිබුරු ගැන විශ්වාසය පළ කරන වෙනත් තාරකා විද්‍යාඥයන් විසිනි. නිබුරු ගැන විශ්වාස කරන එම විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට නිබුරු සෙමින් සෙමින් පෘථිවියට ළං වෙමින් පවතී.

    නිබුරුගෙන් එල්ල වන ගුරුත්ව බලපෑම් හේතුවෙන් පෘථිවියට පමණක් නොව සෙසු ග්‍රහලෝකවලට ද බලපෑම් එල්ල වෙයි. පෘථිවියට එල්ල වන බලබෑම් හේතුවෙන් අද පෘථිවි ගිනි කඳු පිපිරී යනු ඇති බවත්, භූමි කම්පා හටගනු ඇති බවත් නිබුරු ගැන විශ්වාස කරන විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති. පසුගිය කාලයේ පෘථිවියේ ගිනි කඳු පිපිරීම් සහ භූමි කම්පා හට ගත් බවත් බිහිසුණු මෙන් ප්‍රචණ්ඩකාරී සුළි කුණාටු නිර්මාණය වුණ බවත්, එසේ වූයේ නිබුරු සෙමින් සෙමින් පෘථිවිය දෙසට පැමිණෙමින් ඇති නිසා බවත් ඔවුහු වැඩි දුරටත් පෙන්වා දෙති. නිබුරුගේ විස්තර ඇතුළත් ‘ප්ලැනට්එක්ස්නිවුස්’ යනුවෙන් වෙබ් අඩවියක් පවා නිර්මාණය වී ඇත. විද්‍යාඥයන් නිබුරු ගැන දක්වන අදහස් සියල්ල මෙම වෙබ් අඩවියට ඇතුළත් වී තිබේ.

    විද්‍යාඥයන් වැඩි දුරටත් පෙන්වා දෙන අන්දමට නිබුරුගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන්, නොකඩවා ඇද හැළෙන මහ වැසි, සුළි සුළං සහ කුණාටු පවා නිර්මාණය වෙයි. නිබුරුගෙන් එල්ල වන ප්ලාස්මීය අංශු මේ වනවිටත් අප සෞරග්‍රහ මණ්ඩලය පුරා පැතිර යමින් පවතින බව ද පැවැසෙයි. ප්ලාස්මීය අංශ යනු ධව හා රින විදුලි අංශුය.

    නිබුරු යනුවෙන් නව වැනි ග්‍රහයකු සෞරග්‍රහ මණ්ඩලයේ නොමැති බවත්, නිබුරු හැපී ලෝක විනාශයක් සිදු නොවන බවත් ඇමෙරිකාවේ නාසා ආයතනය දිගින් දිගටම තහවුරු කරයි. ‘දෙවියනේ. නිබුරු කියලා ග්‍රහයෙක් නැහැ. එහෙම ග්‍රහයෙක් ඇවිත් පෘථිවියේ හැපෙන්නේ නැහැ. ලෝක අවසානය වෙන්නේ නැහැ’ යැයි නාසා කියයි. ‘නිබුරු කියන්නේ අන්තර් ජාලය කළඹන ප්‍රබන්ධයක් පමණයි. බොරුවට බිය වෙන්න කාරි නැහැ’ යැයි ද නාසා විද්‍යාඥයෝ සහතික වෙති.

    නිබුරු ගැන අදහස් දක්වන ඬේවිඞ් මේඞ් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ නාසා තාරකා විද්‍යාඥයන්ට හොරා ‘ග්‍රහ වස්තුවක්’ පෘථිවියට ළං විය හැකි බවය. පසුගිය ඔක්තෝබරයේ එවැන්නක් සිදුවිය. නාසා ඇතුළු සෙසු පෘථිවි විද්‍යාඥයන් මවිතයට පත් කරමින්, ආගන්තුක ආකාශ වස්තුවක් පෘථිවිය පසු කළේය. එය වල්ගා තරුවකි. වල්ගා තරුව පෘථිවිය පසුකර යනකල් විද්‍යාඥයන් ඒ ගැන කිසිවක් දැන සිටියේ නැත. ‘සී/2017යූ1’ නමින් නම් කෙරුණු මෙම වල්ගා තරුව, පළමු වරට පසුගිය ඔක්තෝබර් 18 වැනිදා පෘථිවිය අසලින් ගමන් කළේය. නාසා ඇතුළු පෘථිවි තාරකා විද්‍යාඥයන් මවිත කළ මෙම වල්ගා තරුව තාරකා විද්‍යාඥයන්ට දකින්න ලැබුණේ පළමු වතාවටය. ඊට හේතුව, එය වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක සිට අප සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කිරීමය. මීට පෙර මෙම වල්ගා තරුව, තාරකා විද්‍යාඥයන්ට දකින්න නොලැබුණේ සහ ඒ ගැන කිසිවක් දැන නොසිටියේ, ‘සී/2017යූ1’ විශ්වයේ ඈත වෙනත් ග්‍රහ මණ්ඩලයක සිට ආ නිසා බව තහවුරු විය.

    ‘සී/2017යූ1’ වල්ගා තරුවේ ගමන් මාර්ගය අප සෞරග්‍රහ මණ්ඩලය හරහා වැටී තිබුණත්, මෙම වල්ගා තරුව කැරැකෙන්නේ අප හිරු වටා නොවන බව විද්‍යාඥයෝ පෙන්වා දුන්නහ. ‘සී/2017යූ1’ පැමිණ ඇත්තේ ‘වීණාව’ තරු පංතිය දෙසිනි. විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට වල්ගා තරුව පෘථිවි අපට දිස්වුණු පළමු මෙන්ම අවසන් අවස්ථාව මෙය වනු ඇති බවය.

    නිබුරු ග්‍රහලොව පෘථිවියේ හැපෙනු ඇතැයි අංක විද්‍යාඥ ඬේවිඞ් මේඞ් පළ කරන අදහස් ඔහු විසින් රචනා කළ ‘ප්ලැනට් එක්ස් - 2017 අරයිවල්’ කෘතියෙහි පැහැදිලිව ඇත. ඬේවිඞ් මේඞ් මෙසේ අනාවැකි පළ කර ඇත්තේ බයිබලයට අනුවය. ඊජිප්වේ ගීසාහි පිරමීඩල ද මෙම අබිරහස් ග්‍රහයා ගැන රහස් සටහන් කර ඇති බව මේඞ් පසුගිය අගෝස්තුවේ දී පැවැසීය. ‘ප්ලැනට් එක්ස් - 2017 අරයිවල්’ කෘත්‍රියට අනුව, ‘නිබිරු’ සෞරග්‍රහ මණ්ඩලයේ නව වැනි ග්‍රහයා යැයි ද පැවැසෙයි. ‘නිබිරු’ ග්‍රහලොව පෘථිවිය මෙන් 10 ගුණයක් විශාල බවත්, එය යුරේනස් සහ නෙප්චූන්ට පෙනුමෙන් සමාන බවත් පැවැසෙයි.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    mokakda bn saren saren dawas maru karanne.. iye enawa kiwwanam iye enna oni ada ena ewa ottu na