ඔරියා missing, Alian body එකට ජම්ප් වෙනවද මොකක්ද කියලා යන්න ගියේ. .. .
මල කෙලියයි.





ඔරියා missing, Alian body එකට ජම්ප් වෙනවද මොකක්ද කියලා යන්න ගියේ. .. .





2:36 PM
Thursday, December 20, 2012 (CST)
Time in Mexico City, Distrito Federal, Mexico

අද ලෝක විනාශය ගැන විද්‍යාත්මක සාක්‍ෂි නෑ
සිරිමන්ත රත්නසේකර
මෙරට වේලාවෙන් අද (21 වැනිදා) පස්‌වරු 4.41 ට සිදුවෙතැයි පැවසෙන ලෝක විනාශයක් පිළිබඳව කිසිදු විද්‍යාත්මක සාක්‍ෂියක් නොමැති බව අවධාරණය කරන කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ඒ පිළිබඳ කිසිදු බියක් හෝ සැකයක් ඇති කර නොගන්නා ලෙස ජනතාවට දන්වා සිටී. මේ පිළිබඳ මාධ්‍ය මගින් නිරන්තරයෙන් ප්‍රචාරය වීම නිසා කොස්‌මොෆොaභියා (විශ්ව භීතිකාව) නමැති රෝගය ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවත් හෙතෙම පැවසීය. නාසා ආයතනය, ලොව පුරා සිටින විද්‍යාඥයන් සහ ඇමරිකානු රජය ඒ පිළිබඳව විද්‍යාත්මකව තහවුරු කර ඇති බවත්, මායාවරුන්ගේ වත්මන් නායකයා ද එවැනි විනාශයක් සිදු නොවන බව අවධාරණය කර ඇති බවත් චන්දන ජයරත්න මහතා පැවසීය.
එහෙයින් මෙම ලෝක විනාශය පිළිබඳ මතය සබන් බුබුලක් වැනි මිත්‍යාවක් බවද හෙතෙම පැවසීය.
අන්තර්ජාලයෙන් වෙනත් ක්‍රම මගින් ප්‍රචාරය වන කරුණු විචාරයකින් තොරව වැළඳ ගැනීම ලෝක විනාශයටත් වඩා හානියක් බව සඳහන් කළ මහාචාර්ය චන්දන ජයරත්න මහතා, නවීන තාක්‍ෂණය දියුණු වනවා සේම එය භාවිත කරන මිනිසුන් ද දියුණු විය යුතු බවද පැවසීය.
ලෝක විනාශයක් සිදුවිය හැක්‌කේ විශාල ග්‍රහයක් වැදීමෙන් හෝ තෙවැනි ලෝක යුද්ධයකදී භාවිතා විය හැකි න්‍යෂ්ඨික බෝම්බවලින් හෝ තවත් වසර මිලියන හාරදහස් පන්සියයකින් පසුව සූර්යයාගේ හයිඩ්‍රජන් වායුව අවසන් වී සූර්යයා පෘථිවියේ කක්‍ෂය තෙක් විශාල වීමෙන් සිදුවන ගිනිදැල් විහිදුමකින් බව සඳහන් කළ හෙතෙම මෙම අවස්‌ථාව වනවිට එවැනි කිසිදු අවදානමකට පෘථිවිය නතුවී නොමැති බව ද පැවැසීය.
http://www.divaina.com/2012/12/21/news02.html
පොඩ්ඩක් හිටපන් බන් 12 උන ගාම්ම ලොකෙ දෙකට කැඩෙන්නේ නෑ.අනික අපේ ඔරියන් අන්කල්ට කොච්ච්ර වැඩ තියෙනවාද කරන්න![]()

ow mage point ekath ekai....![]()
