ලෝක විනාසය වෙයිද ??????

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ලෝක විනාසය වෙයිද ??????

    මේ වසරේ ලෝක විනාශය සිදුවන බව කියන්නේ ඇයි ?

    Planet_X_Nibiru_Nasa_2012_Doomsday_Info_Leaked.jpg

    ‘සඳ ,හිරු ,තරු පවතිනතුරු අපි මැරෙන්නෙ නෑ’ ග්‍රහ තාරකාවල පිහිටීම අපේ ජීවිතවලට කොතරම් බලපාන්නේදැයි මින් කියවේ. එහෙත් ඒවායේ පැවැත්ම නැතිවී ගියහොත් අපට කුමක්වේද ? 2012 දී ලෝක විනාශයක් සිදුවන බව කියන්නේ මේ ග්‍රහ ලෝකවල වෙනසක් සිදුවන බවට මත පළව තිබිම හේතුවෙනි. එවන් ආන්දෝලනයක් පැතිර යාමට මූලිකම හේතුව වූයේ මායාවරුන්ගේ දින දර්ශනයයි. ඔවුන් 2012 දෙසැම්බර් 21 වැනිදායින් වසර දහස් ගණනක් පුරා දිවුණු ඔවුන්ගේ දින දර්ශනය නිමා කිරීම එදිනට ලෝක විනාශය සිදුවන බවට දී තිබූ ඉඟියක් ලෙස බොහෝ දෙනා සැලකූහ. මායාවරු යනු කවුරුන්ද ? මෙහිදී අප ඒ ගැනද විමසා බැලිය යුතුය. මිහිමත බිහි වූ දියුණුතම ශිෂ්ටාචාරය ලෙස මායාවරු සැලකේ. ක්‍රි.ව. 250-900 කාලයේ මධ්‍යම ඇමෙරිකාවේ ව්‍යාප්ත වූ මායා ශිෂ්ටාචාරය වනචාරී වුවද විද්‍යාත්මක අතින් ඔවුන් ඉතා දියුණු ජන කොටසකි. දුරේක්ෂ නොමැතිව ග්‍රහ වස්තූන් නිරීක්ෂණයේ යෙදුණු ඔවුන්ට තාරකා විද්‍යාව පිළිබඳව හසල දැනුමක් විය. එදා ඔවුන් විශ්වාස කළේ ක්ෂීර පථය මධ්‍යයේ තිබූ කළු කුහර තුළ තරු උපදින බවයි. නූතන විද්‍යාඥයින්ගේ විශ්වාසය වී ඇත්තේ ද තරු උපදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ඇත්තේ මන්දාකිණිය තුළ වන බවයි. තාරකා විද්‍යාවේ මෙවන් පුදුමාකාර සොයා ගැනීම් කිරීමට මීට අවුරුදු එක් දහස් පන්සියයකට පමණ පෙර සිටි මායාවරුන්ට හැකි වූයේ කෙසේද ? එය සැබවින්ම විශ්මයජනක වූවක්. ග්‍රහ වස්තූන් ගැන අධයනය කළ ඔවුන් සූර්යයා හා ක්ෂීරපථයේ කේන්ද්‍රය එකම රේඛාවක පිහිටීමක් ගැන කියා තිබේ. එය හැඳින්වෙන්නේ අඳුරු පැලුම නමිනි. ඔවුන්ගේ විශ්වාසය වුණේ මේ සංසිද්ධිය දරුණු ප්‍රතිවිපාක ගෙන දෙන බවයි. මායාවරු කාලවකවානු නිර්ණය කිරීමේදී අපට වඩා බොහෝ ඉදිරියෙන් සිටි බවට සාධක වේ. ග්‍රහ තාරකාවල පිහිටීමට අනුව ඔවුන් කළ ඒ කාලවකවානු නිර්ණය කිරීම් උපයෝගී කරගෙන එදා ඔවුන් තැනූ දින දර්ශනය 2012 දෙසැම්බර් 21 වැනිදායින් අවසන් කර ඇත්තේ ඇයි ? අවුරුදු විසිහය දහසකට වරක් පෘථිවියත්, සූර්යයාත්, මන්දාකිණියේ කේන්ද්‍රයත් එකම රේඛාවක පිහිටන දිනය දෙසැම්බර් 21 වනදා ලෙස ඔවුන් හඳුන්වා දී තිබිම ඊට හේතුවයි.
    මායාවරු හැරුණු විට 2012 ලෝක විනාශය ගැන මත පළ කළ තවත් අයෙක් වේ. ඔහු ප්‍රංශයේ විසූ ප්‍රකට අනාවැකි පළ කරන්නෙකු වූ නොස්ට්‍රඩේමස් නැමැත්තායි. මීට වසර පන්සියයකට පමණ කලින් විසූ නොස්ට්‍රඩේමස් පළ කර ඇති අනාවැකි අතර 2012 ලෝක විනාශයක් පිළිබඳ කියා තිබේ. ඔහුගේ මේ අනාවැකිය නිකම්ම අහක දැමීමට නොහැක්කේ ඔහු පළකර තිබූ අනාවැකි බොහොමයක්ම මේ වන විට සැබෑ වී තිබිම හේතුවෙනි. දෙවන ලෝක සංග්‍රාමය, හිට්ලර්ගේ නැගී සිටීම ඔහු සිය අනාවැකිවලින් කියා තිබිණි. එසේම ප්‍රංශ විප්ලවයත්, නැ‍පෝලියන් බොනපාට්ගේ නැගී සිටීමත්, ජෝන් එෆ් කෙනඩි ඝාතනයත් ඔහුගේ අනාවැකි අතර විය. ඒ තබා 2001 වසරේ සැප්තැම්බර් 11 වනදා සිදු වූ නිව් යෝර්ක් ප්‍රහාරය ගැනත් එදා ඔහු අනාවැකි පළ කළේය.
    නොස්ට්‍රඩේමස් එදා ව්‍යංගයෙන් කියා තිබූ දෑ බොහොමයක් අද වන විට සැබෑ වී තිබිම නිසා ඔහුගේ අනාවැකි අධ්‍යයනය කිරීමට විද්‍යාඥයෝ පෙළඹී සිටිති. 2012 සම්බන්ධයෙන් නොස්ට්‍රඩේමස් පළකර ඇති අනාවැකි අධ්‍යනය කරද්දී පෙනී ගොස් ඇත්තේ සූර්යයා හරියටම මන්දාකිණියෙන් පායා එන ලෙස දර්ශනය වීම හෙවත් ග්‍රහ තාරකා පෙළ ගැස්ම ගැන ඔහු කියා ඇති බවයි. ග්‍රහ තාරකා පෙළ ගැස්මට අමතරව පෘථිවියේ සිදුවන තවත් වෙනස්වීම් කිහිපයක් ගැනම ඔහු මෙහිදී කියා තිබේ. සූර්ය තාපය නිසා පෘථිවියේ උණුසුම වැඩි වීම ගැනත්, ග්‍රීසියේ හා ඉතාලියේ ආහාර හිඟයක් පැතිර යන බවත් ඔහුගේ අනාවැකි අතර වේ. ග්‍රීසියත්, ඉතාලියත් මේ වන විට කොහොමටත් දරුණු ආර්ථික අර්බුදයකට මැදිව සිටියි. උතුරු අර්ධ ගෝලයේ අයිස් දියවී මුහුදු ජල මට්ටම ඉහළ යාමත් ප්‍රබල කුණාටු ඇති වීමත් ගැන ඔහු කියයි. මහා නියඟයකුත් දුර්භික්ෂයකුත් පැමිණ වෙනස්කම් රාශියකට ලෝකයාට මුහුණ දීමට සිදු වනු ඇති බව ඔහුගේ අනාවැකිවලින් මෙන්ම ඔහු ඇඳ ඇති ඇතැම් රූප සටහන්වලින් ද පෙන්වා දී තිබේ.
    මායාවරුන්ගේ දින දර්ශනය, නොස්ට්‍රඩේමස්ගේ අනාවැකි පමණක් නොව පුරාතන ශිෂ්ටාචාර බොහොමයක නටබුන් තුළ අනාගතය ගැන කියවෙන බොහෝ අනාවැකි සැඟව ඇති බව විද්‍යාඥයින්ගේ මතයයි. ඒ අතර ඊජිප්තුවේ ගීසා
    පිරමීඩවලට ප්‍රබල තැනක් හිමිවේ. මායාවරු මෙන්ම මිසරවාසීන්ද දියුණු මට්ටමේ
    ශිෂ්ටාචාරයකට උරුමකම් කියයි. අහසේ දිස්වන තරු හා ග්‍රහලෝකවලින් අපේ ජීවිතයේ අරුත කියවෙන බව නොස්ට්‍රඩේමස්ගේ විශ්වාසය වූවාසේම මිසර දර්ශනයේ හරය වූයේද එයයි. ගීසා පිරමීඩ නිර්මාණය කර ඇත්තේ අහසේ තරුවල පිහිටීමට අනුරූපීව බවට වූ විශ්වාසයක් ද ඇතමුන් තුළ වේ. ගීසා පිරමීඩ තුනේ මුදුන් ඔරායන් තරු පන්තියේ තරු සමග ගැළපෙන බව එහිදී ඔවුහු පෙන්වා දෙති. මේ නිර්මාණය තුළින් පුරාණ ඊජිප්තුවරු ග්‍රහ තාරකා පිහිටීම් ගැන දැන සිටි බව පෙනේ. ගීසා පිරමීඩ නිර්මාණය කිරීමට විශාල පරිශ්‍රමයක් දරා ඇති බව එය නැරඹූ ඕනෑම අයෙකුට වැටහෙන්නකි. එසේනම් ඔවුන් මේ නිර්මාණය නිකම්ම කළ එකක් වන්නට නොහැක. අවුරුදු විසිහය දහසක චක්‍රයේ මැද යුගයේ විසූ ඔවුන් මන්දාකිණිය හරහා පෘථිවිය ගමන් කිරීම හා එහි ක්‍රියාකාරීත්වය ගැන දැන සිටින්නට ඇත. හිරු, සඳු හා තාරුකාවල චලනයන් මෙන්ම ඒවායේ වෙනස්වීම්වල ඇති සම්බන්ධතාවන් ගැන ඔවුන් දැන සිටියා විය හැක. ඔවුන්ගේ ඒ දැනුම යොදා ගීසා පිරමීඩ නිර්මාණය කරන්නට වෙහෙසුණේ එනිසා වන්නට ඇත. ඊජිප්තුවරු යනු ලොව මුලින්ම බිහි වූ සුපිරි බලවතුන් වේ. මායාවරු ද එවන් වූ දියුණු ශිෂ්ටාචාරයකට හිමිකම් කියන්නෝය. එහෙත් මේ ශිෂ්ටාචාර දෙකම බිඳ වැටී තිබේ. කාලයාගේ ඇවෑමෙන් ආ කාලගුණික වෙනස්වීම්, ආහාර හිඟයන් වැනි තත්්වයන් නිසා මිහිමත තිබූ සුපිරි ශිෂ්්ටාචාරයක්වු ඊජිප්තු ශිෂ්ටාචාරය බිඳ වැටී ඇත. එසේම දරුණු වෙනස්කම්වලට මුහුණ දුන් මායාවරු ද අබිරහස් ලෙස අතුරුදන්ව ගියහ. ඔවුන්ගේ මේ නික්ම යෑම් අපට කියන්නේ, වර්තමානයේ අප මුහුණදී සිටින්නෙත් එවන් නික්ම යාමක් ඉදිරියේ වන බවද ?
    මින් පෙර පස් වතාවක්ම පෘථිවියෙන් ජීවය වඳවී ගොස් ඇති අතර හයවන වතාවට එය 2012 දී සිදු වෙයිද? මීට වසර විසිහය දහසකට කලින් ග්‍රහ තාරකා පෙළගැස්ම සිදු වූ අවසන් මොහොතේ ජීවීන් සිය ගණනක් අතුරුදන්ව ඇත. ඒ අනුව 2012 දී සිදු වනවා යැයි කියන ග්‍රහ තාරකා පෙළගැස්ම එවන් මහා විනාශයකට මුලවේද? පුරාතණ ශිෂ්ටාචාරයන් සංකේත මගින් අපට කියා ඇත්තේ 2012 තීරණාත්මක වසරක් වන බවද?
    එදා අපේ පැරැන්නන් සොබාදහම සමග ගනුදෙනු කිරීම කළ යුත්තේ කෙසේදැයි හොඳින් දැන සිටියද වර්තමානයේ අප එය මුදල් මත පදනම් කර තිබේ. ඒ නිසා එම සියලු සොබාවික සංසිද්ධීන් වෙනස් කිරීමට අප ක්‍රියාකර ඇත. දේශගුණික විපර්යාසයන් නොසිතූ විරූ ලෙස උඩු යටිකුරු වන්නේ අපි සොබාදහම සමග වූ සම්බන්ධය නැති කරගෙන තිබෙන නිසා බව මෙහිදී කිව යුතුය. හරිතාගාර වායු විමෝචනය, කැලෑ හෙළි කරීම්, පරිසර දූෂණය ආදී මිනිස් ක්‍රියාකාරකම් නිසා සොබාදහම මිනිසා සමග උරණ වී සිටියි. දිනෙන් දින ගෝලීය උෂ්ණත්වය ඉහළ යන්නේ ඒ උරණ වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. එදා නොස්ට්‍රඩේමස් කර තිබූ පෘථිවිය උණුසුම් වීම පිළිබඳ අනාවැකිය මේ වෙද්දී ටිකින් ටික සිදුවෙමින් පවතී. උෂ්ණත්වය ඉහළ යාමත් සමග අයිස් දියවී සාගර ජලය ඉහළ මට්ටමකට ගෙන ඒමත් එමගින් දූපත් රාජ්‍ය යට වීමත් දැන් අප ඉදිරියේ ඇති අභියෝග අතර වේ. සාගර උණුසුම් වීම්, විශාල ‍ලේ වැගිරීම්, දුර්භික්ෂ හා වසංගත පැතිරයාම්, ආර්ථික කඩා වැටීම්, ජීවීන් ක්ෂය වීම් මෙන්ම සුනාමි හා න්‍යෂ්ටික අර්බුදයන් ගැනද පුරාතනයෝ් අදහස් පළකළහ. අද වන විට අපි මේ අර්බුදයන්ගේ උච්චතම අවස්ථාවට පැමිණ සිටිමු. මේ සියලු විපර්යාසයන් අපට එතරම් ප්‍රබලව නොදැනුනද මේ සියල්ල ලොව පුරා සිදු වෙමින් පවතී. පසුගිය දශකයක පමණ කාලයක සිට සෑම ග්‍රීෂ්ම සෘතුවක්ම කලින් සෘතුවට වඩා උණුසුම් වෙමින් පවතින බව විද්‍යාඥයෝ කියති. මේ සියල්ල අතරේ පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රයේ බිඳ වැටීමක් ද සිදු වෙමින් පවතින බව කිය වේ. එය නැත්තටම නැති වී ගියහොත් සිදුවන හානිය මෙපමණකැයි කිව නොහැක. එමගින් නූතන සමාජයේ ඇති සියලුම සන්නිවේදනයන් බිඳ වැටෙනු ඇත. එවිට සන්නිවේදනය හා බැඳී සිටින අපේ අනාගතයට කුමක් වෙයිද? එය සිතීමටත් අපහසු වූවකි.
    පුරාතනයන් කියූ දෑ අදට වලංගු නැති බව මේ පුරාණ අනාවැකිවලට එරෙහිව තර්ක කරන්නෝ කියා සිටිති. එහෙත් ඒ සොයාගැනීම් නිකම්ම බැහැර කළ නොහැක්කේ එදා ඔවුන් කළ කී දෑ තවමත් විද්‍යාඥයින් මවිත කරවන සුළු නිසාය. එදා පැවැති ඒ ශිෂ්ටාචාර තරම් අද බටහිර ශිෂ්ටාචාර දියුණු නැති බවද ඇතැම් කරුණු හා සසඳා බැලීමේදී පෙනේ. එහෙත් ඒ පුරාතන දැනුම මත එල්බ සිටීමට අපට නොහැක. ඒවායේ සත්‍ය අසත්‍යතා සෙවීම සඳහා විද්‍යාඥයෝ ගවේෂණ සිදු කරමින් සිටිති. මායාවරුන්ගේ කාලවකවානු ගණනය කිරීම් හා රාශි චක්‍රය අතර වෙනසක් වන බව ඇතැම්හු කියති. ඒ අනුව ලෝක විනාශය සිදු වීමට තවත් කල් ඇති බවට රාශි චක්‍රයට අනුව ගණන් බලන පිරිස් කියා සිටිති. එදා ඔවුන් පළකර තිබුණේ අනාවැකි වන බවද අප මතකයේ තබා ගත යුතුය. ඒ අනාවැකි සැබෑවීමටත් පුළුවන, නොවීමටත් පුළුවන. එබැවින් 2012 ලෝක විනාශය සිදු වන්නේ යැයි හෝ සිදු නොවන්නේ යැයි කීමට අපි මේ ලිපිය තුළින් අදහස් නොකරමු. කෙසේ වුවද මේ වෙද්දී අපට හැඟී යන එක් දෙයක් වේ. ඒ වර්තමානයේ ලොව පුරා සිදුවන වෙනස්කම් දිහා බලද්දී ලෝක විනාශයකට පාරම්බාන බවයි. අද වෙනදා නොදුටු විරූ ලෙස ගෝලීය
    උෂ්ණත්වය ඉහළයාම, සුනාමි හා ගංවතුර ඇති වීම, නියඟයන් අධික හිමපතනයන් සිදුවීම දැකිය හැක. මේ වෙද්දී යුරෝපාකරය ආර්ථික කඩා වැටීමකට ලක්ව සිටියදී අරාබිකරය අභ්‍යන්තර යුද වැදීම්වලට මුහුණදී සිටියි. මේ සියල්ල අපට ඉඟි කරන්නේ අනාගත ව්‍යසනයක් නොවේද?
    කොහොමටත් හිරු, සඳුගේ ක්‍රියාකාරීත්වය අපේ ජීවිතවලට ජුවම බලපාන බව අපි හොඳින්ම දනිමු. අපේ පැවැත්ම රඳා පවතින තුරු ලතාවන්ට ජීවය දෙන්නේ හිරු කිරණයි. එනිසා හිරුගේ කිරණ නැති වුවහොත් අපට ද පැවැත්මක් නැත. සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ සිදු වෙද්දී ඒ කිරණවලින් අපේ ඇස් අන්ධ වීමට පවා හැකි වීම හිරු, සඳුගේ වෙනස්වීම් අපට කොතරම් බලපාන්නේදැයි යන්නට දිය හැකි කදිම නිදසුනකි. එසේ නම් ග්‍රහ තාරකා පෙළගැස්මක් සිදු වුවහොත් කුමකින් කුමක් සිදුවේද ?
    ලෝක විනාශය පිළිබඳව වූ මේ මාතෘකාව කතාබහට ලක් කිරීම තරමක් භයානක වුවද ඒ ගැන කතා කිරීම වැදගත්වේ. 2012 දී ලෝක විනාශය සිදු වීම කෙසේවුවද වර්තමානයේ ජීවත් වීමට නම් අප මීට වඩා ලෝකයේ පැවැත්ම ගැන සැලකිලිමත් විය යුතුය. ඇතැම් විට 2012 මහා විනාශයක් සිදුවීමේ මූලාරම්භය විය හැක. 2012 දෙසැම්බර් 21 වැනිදා නව දවසක උදාව සිදු වෙයිද? නැතිනම් සියලුම වසරවල අවසානය සිදුවන දවස වෙයිද ? එළඹෙන දෙසැම්බර් 21 වැනිදාට ඒ ගැන බලමු
    .:yes::yes::yes::yes:

    Source:
    http://www.lakbima.lk/new_site/inde...-01-11-16-15-11&catid=114:samudura&Itemid=521
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,873
    1,318
    113
    මටත් හිතෙන්නෙ මේ අවුරුද්දෙ මොනව හරි වෙයි කියල:rolleyes::rolleyes::rolleyes:. ඒත් ලෝක විනාසයක් නම් වෙන එකක් නැහැ:no::no::no:.

    යෙස්‌ බං. සම්තින් ස්පෙෂල් මයිට් හැපන් :eek::eek:. ඒත් ලෝකය විනාශ වෙනවා කියන ඒක නම් ඉතින් වෙන්න තියෙන සම්භාවිතාව අඩුයි.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ලෝකේ විනාසේ!!!!!!!!! :shocked:කවුද ඕක ඇති කරන්නා???ඕක ඉබේම වෙනවද???