ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යන ලකුණු

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ඔස්ට්‍රියාවේ වියානා නුවර ඊයේ රැස් වූ ඔපෙක් සංවිධානයේ සාමාජික රටවල සහ එම සංවිධානයට අයත් නොවන බොරතෙල් නිෂ්පාදනය කරන රටවල නියෝජිතයන් දෛනික බොරතෙල් නිෂ්පාදනය ලබන සතියේදී බැරල් මිලියනයකින් අඩු කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කොවිඩ් වසංගතයෙන් පසු මෙවැනි ඓතිහාසික තීරණයක් ගෙන ඇත්තේ පළමුවරටය. ඒ අනුව බොරතෙල් දෛනික නිෂ්පාදනය මිලියනයකින් අඩු කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල නැවත ඉහළ යනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබේ.

    ඔපෙක් සංවිධානය මේ රැස්වීම කැඳවා ඇත්තේ තෙල් මිල පහත වැටීම සහ මාස ගණනාවක් පුරා වෙළෙඳපොළේ පැවැති දැඩි අස්ථාවරත්වය හේතුවෙන් බව ද වාර්තා වේ.

    යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියාවෙන් ගෝලීය වෙළෙඳපොළට බොරතෙල් අපනයනය සිදු නොවීමෙන් ඔපෙක් ඇතුළු සෙසු බොරතෙල් නිෂ්පාදිත රටවල් සිය දෛනික නිෂ්පාදනය ඉහළ දමා තිබූ අතර, ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටීමට එය හේතු වූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

    Source:- https://www.dinamina.lk/2022/10/06/...ින්-අඩු-කිරීමේ-තීරණයෙන්-ලෝක-වෙළෙඳපොළේ-බොරතෙල්
     
    • Like
    Reactions: Cypress

    Similar threads