ලෝක ශූරයෝ හැංගි හැංගී වෙස් බදිති
මේ කතා ඇත්ත කියල දැන් පිළිගන්න වෙනවා

යොහාන් භාසුර | 17 FEBRUARY 2016 |
ලබන මස 8 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට ඊයේ (16) පස්වරුව දක්වා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අපොහොසත්ව සිටියයේය.
විස්සයි:20 ලෝක ශූරයන් වන ශ්‍රී ලංකාව හැර මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන සෙසු රටවල් 15 මීට දින කිපයකට පෙරදීම තම තමන්ගේ ලෝක කුසලාන සංචිත නම් කර තිබුණි.
ආසියානු කුසලාන සහ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට සංචිතය කපිල විජේගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුව විසින් පසුගිය ඉරිදා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට බාරදී ඇති බව වාර්තා වේ.
එසේ වුවත් ශ්‍රී ලංකා පිලේ ප‍්‍රධානතම ක‍්‍රීඩකයන් දෙදෙනකු අතර පවතින කඹ ඇදිල්ලක් මෙන්ම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියකුගේද මැදිහත්වීම නිසා සංචිතය නම් කිරීම ප‍්‍රමාද වී ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පිලේ නව පුහුණුකරු ග‍්‍රෑහැම් ෆෝඞ් මහතා ද තේරීම්වලට මැදිහත්ව සිටින බව වාර්තා වේ. ආරම්භක පිතිකරුවන් දෙදෙනකු, පා දඟ පන්දු යවන්නකු, පිට දඟ පන්දු යවන්නකු සහ තුන් ඉරියව් ක‍්‍රීඩකයකු පිළිබ`දව ගැටළු රැුසක් මතුවී ඇති බව වාර්තා වේ.
එහිදී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් දෙදෙනා තමන්ගේ අභිමතය පරිදි ඇතැම් ක‍්‍රීඩකයන් ඉල්ලා සිටීම මෙම ගැටළුවට හේතු වී ඇති බව වාර්තා වේ.
මේ අතර කණ්ඩායමේ ප‍්‍රධාන ක‍්‍රීඩකයකු ආබාධයකට ලක්ව සිටින හෙයින් ආසියානු කුසලාන තරගාවලියේදී තරගවලට සහභාගි වීමේ අවස්ථාවක් නැතත් සෙසු කී‍්‍රඩකයන්ගේ දස්කම් පිළිබඳව විමසිලිමත් විය යුතු හෙයින් ආසියානු කුසලාන තරගාවලියේදී තමන්ට කණ්ඩායමේ ස්ථානයක් දෙන්න යයිද අවසර ඉල්ලා තිබේ. එම ඉල්ලීම දිගින් දිගටම ප‍්‍රතික්ෂේප වෙමින් පැවැතියද පෙරේදා (15 වැනිදා) රාත‍්‍රීයේ ඒ සඳහා අනුමැතිය ලැබී ඇති බවත් වාර්තා වේ.
ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායම මෑතකදී විස්සයි20 තරග පහකට සහභාගි වුවද කණ්ඩායම තෝරා ගැනීම ප‍්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ මෑතක සිට තේරීම්වලට අත පොවන ක‍්‍රීඩකයකු නිසා බව දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකාව පසුගිය ජනවාරි මාසය දක්වා අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසුවූ අතර නවසීලන්තය හමුවේ පරාජයෙන් පසුව පළමු ස්ථානය අහිමිවිය. ඉන්දියාවට එරෙහිව පසුගියදා පැවැති තරගාවලියේ පළමු තරගය ජය ලැබීමෙන් පසුව ශී‍්‍ර ලංකා කණ්ඩායම නැවතත් ශ්‍රේණිගතකිරිම් අනුව පළමු ස්ථානයට පැමිණිය ද ඉතිරි තරග දෙක පරාජයට පත්වීමෙන් නැවතත් පස්වැනි තැනට ඇද වැටුණි.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප ලේකම් රවීන් වික‍්‍රමරත්න මහතාගෙන් මේ පිළිබ`දව කළ විමසුමකදී පැවසුවේ කණ්ඩායම නම් කිරීමට අවසන් මොහොත දක්වා සිටින බවයි.
”මේ දක්වා කණ්ඩායම නම් කර නෑ. කණ්ඩායම නම් කිරීමට හෙට දක්වා පුළුවන්” යැයි වික‍්‍රමරත්න මහතා වැඩි දුරටත් පැවසීය.
මෙම ප‍්‍රමාදය පිළිබ`දව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ අද (17 වැනිදා) පස්වරුව වන විට කණ්ඩායම ඉදිරිපත් කළ හැකි බවයි.
”අද පස්වරුවේ තේරීම් කමිටු රැුස්වීමත් තියෙනවා. එහිදී කණ්ඩායම තෝරලා හෙට උදේ ක‍්‍රීඩා අමතිතුමාගේ අනුමැතියට යොමු කරනවා. දවල් වන විට අපිට කණ්ඩායම දෙන්න පුළුවන්’ යැයි ඈෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය