ලෝක සිතියම් ගැන ඔබ නොදත් දේවල්...

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ලෝක සිතියම් ගැන ඔබ නොදත් දේවල්...

    අප සාමාන්‍යයෙන් භාවිතා කරන ලෝක සිතියමක් අතට ගෙන බලන්න.

    මෙහි උතුරු ඇමරිකාවට ඉහළින් ඇති ලොව විශාලතම දූපත වන ග්‍රීන්ලන්තය දෙස බලන්න. මෙහි ප්‍රමාණය සංසන්දනය කරන විට එය දකුණු ඇමරිකාවටත් වඩා විශාල බවද අප්‍රිකාවට ආසන්න වශයෙන් සමාන බවද පෙනේ.

    නමුත් ග්‍රීන්ලන්තයට වඩා කුඩා දකුණු ඇමරිකාව මහාද්වීපයක් ලෙසත් ග්‍රීන්ලන්තය දූපතක් ලෙසත් හඳුන්වන්නේ ඇයි?

    4trsb5.jpg

    සත්‍ය වශයෙන්ම අප්‍රිකාව ග්‍රීන්ලන්තය මෙන් 14 ගුණයක් විශාල වේ..!
    සිතියමට වැරදී ඇත්තේ කෙසේද?

    මීට අමතරව පහත පෙනෙන අසාමාන්‍යතා නිරීක්ෂණය කළ හැක.

    1. ග්‍රීන්ලන්තය චීනයට වඩා විශාල ලෙස පෙනෙන නමුත් සත්‍ය වශයෙන් චීනය ග්‍රීන්ලන්තය මෙන් 5 ගුණයක් පමණ විශාල වේ.

    2. උතුර සහ දකුණ - වඩා ලොකු වන්නේ ලෝක ගෝලයේ උතුරු කොටසද නැතහොත් දකුණු කොටසද? සමහර සිතියම් වල පෙනෙන පරිදි උතුරු කොටස වඩා විශාල වේ.
    imml4y.jpg


    නමුත් සත්‍ය වශයෙන් වර්ග සැතපුම් මිලියන 18.9 ක ප්‍රමාණයක් උතුරු ගෝලයට අයත් වන අතර දකුණු ගෝලයේ ප්‍රමාණය වර්ග සැතපුම් මිලියන 38.6 ක් වේ.

    3. දකුණු අප්‍රිකාව සහ යුරෝපය - වර්ග සැතපුම් මිලියන 3.6 ක යුරෝපය වර්ග සැතපුම් මිලියන 6.9 ක් විශාල දකුණු අප්‍රිකාවට වඩා විශාලව දක්වා ඇත.
    bwmap2.gif


    4. පැරණි සෝවියට සමූහාණ්ඩුව සහ අප්‍රිකාව - පැරණි සෝවියට සමූහාණ්ඩුව වර්ග සැතපුම් මිලියන 8.7 ක ප්‍රමාණයෙන් යුක්ත අතර අප්‍රිකාව වර්ග සැතපුම් මිලියන 11.6 ක් විශාල වේ.

    bwmap3.gif


    නමුත් සිතියම බැලූ විට පෙනෙන්නේ පැරණි සෝවියට සමූහාණ්ඩුව අප්‍රිකාවට වඩා විශාල බවයි.

    මේ අසාමාන්‍යතා වලට හේතු මොනවාද?

    ලෝකය ගෝලාකාර අතර එය ද්විමාන තලයකට ගෙන ඒමේදී විශේෂ ප්‍රක්ශේපණ ක්‍රමවේදයක් (Projection method) අවශ්‍ය වේ.

    දැනට අප සාමාන්‍යයෙන් යොදා ගන්නා ද්විමාන සිතියම
    Mercator mapයනුවෙන් හැඳින්වේ. මෙය 16 වන ශතවර්ෂයේ නිර්මාණය කරන ලද අතර මෙහි ප්‍රධාන පරමාර්ථය නම් රටවල් අතර නාවුක ගමනාගමනයේදී අදාළ දිශාව සහ දුර නිවැරදිව නිරූපණය කිරීමයි.

    මීට අමතරව රටවල්, දූපත් හා මහාද්වීප වල හැඩයන් මෙහි නිවැරදිව පෙන්වනු ලැබේ.

    නමුත් රටවල්, දූපත් හා මහාද්වීප වල සාපේක්ෂ ප්‍රමාණයන් මෙම සිතියම මඟින් දැඩි ලෙස විකෘති කෙරේ.

    මෙම විකෘතිය ධ්‍රැවයන් අසළට යන විට වඩා උත්සන්න වන අතර සමකය අසළ රටවල් සඳහා අඩුය. මේ නිසා ඉහත දක්වන ලද අසාමාන්‍යතා ඇති වේ.

    මීට අමතරව සිතියම සකස් කිරීමේදී සමහර විට ඇන්ටාර්ටිකාව කපා දැමීමට සිදුවේ. මේ නිසා උතුරු ගෝලය විශාල ලෙස පෙනීමට හැක.

    මෙයට විසඳුම් මොනවාද?

    බහුලව යොදා ගන්නා
    Mercator සිතියම රටවල්, දූපත් හා මහාද්වීප වල දිශාව, දුර හා හැඩය බලා ගැනීම සඳහා යොදා ගත යුතු අතර කිසිදු හේතුවක් නිසාවත් භූගෝලීය ලක්ෂණ, සාපේක්ෂ ප්‍රමාණයන් බලා ගැනීමට යොදා නොගත යුතුය.

    රටවල්, දූපත් හා මහාද්වීප වල සාපේක්ෂ ප්‍රමාණයන් වලට මුල්තැන දෙමින් සකසන ලද සිතියම් ගණනාවක් පවතින අතර මින් ප්‍රධාන වන්නේ
    Peters Projection නම් සිතියමයි.

    article-1272921-0940AC81000005DC-648_634x388.jpg


    මෙම සිතියම දෙස බැලූ විටම අප්‍රිකාවේ දැවැන්ත ස්වභාවය පැහැදිළිව පෙනේ.

    Peters සිතියමේ අවාසි -

    මෙය සාපේක්ෂ ප්‍රමාණයන් නිරූපණය කිරීම සඳහාම නිපදවා ඇති අතර මෙහි රටවල්, දූපත් හා මහාද්වීප වල හැඩයන් විකෘති වී ඇත. මහාද්වීප අතර දුර හා දිශාව සාවද්‍ය වේ. මේ නිසා ගමනාගමන කටයුතු වලට යොදා නොගත යුතුය

    ඉහත සිතියම් වලට අමතරව වෙනත් ද්විමාන සිතියම් තිබේද?

    රටවල්, දූපත් හා මහාද්වීප වල හැඩයන් හා සාපේක්ෂ ප්‍රමාණයන් අතර යම් සමතුළිතතාවයක් ඇතිවන පරිදි සකස් කරන ලද ප්‍රධාන සිතියම් දෙකක් තිබේ මේවා 1
    . Robinson projection හා 2. Winkel tripel projection නම් වේ.

    මේවායින් වඩාත්ම නිවැරදි සිතියම ලෙස
    Winkel tripel projection සැළකෙන අතර එය ලෝක භූගෝලීය සමාජය මඟින් 1998 සිට තමන්ගේ ප්‍රධාන සිතියම ලෙස භාවිතා වේ.

    450px-Winkel_triple_projection_SW.jpg


    Winkel tripel projection Map

    මීට අමතරව ලෝක ගෝලය ගෝලයක් මතම ප්‍රක්ශේපණය කරන ලද ගෝලීය සිතියම්ද පහත දැක්වෙන හැඩ සහිත සිතියම්ද ඇත.

    projections.jpg


    මේ කරුණු දැනගත යුත්තේ ඇයි -

    අප භාවිතා කරන සිතියම අපට ලෝකය පිළිබඳ යම් චිත්‍රයක් මවා පායි. උදාහරණයක් ලෙස සිතියම නිර්මාණය කරන ලද කාලයේ නාවික ගමනාගමනයේ ප්‍රබලයන් වූ යුරෝපීයන්, යුරෝපය විශාලව පෙන්වා ලෝකයේ මැද තබා තමන්ගේ සිතියම සකස් කළහ.

    එමඟින් ඔවුනට තමන්ට වඩා කෙරුමන් නැති බවක් ලොවට පෙන්වීමට අවශ්‍ය වූ බවත් 'නොදියුණු' අප්‍රිකාව එහි සත්‍ය ප්‍රමාණයට වඩා අතිශයින් කුඩා ලෙස වුවමනාවෙන්ම පෙන්වූ බවත් මේ සිතියමට එල්ල වන ප්‍රධාන චෝදනාවකි. :frown:

    ප්‍රයෝජනවත් වුනා comment නම් එකක් දාන්න....:)




     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    මගෙ ගාව ඉස්සර කාලෙ ලෝක සිතියම් 100කට කිට්ටුව තියෙනවා...:yes::cool:
    ඒවායෙ resolution හුඟක් වැඩ්යී, නැත්තම් EK දානවා...:)