ලෝඩ් ඔෆ් ද රින්ග්ස් ගෝලම් සහ මයිත්‍රී
උපුටා ගෑනීමකී
ලෝඩ් ඔෆ් ද රින්ග්ස් බලල තියනව නන් මේ චරිතය අඳුරන්නෙ නැති වෙන්න බෑ. බැලූ බැල්මට දුර්වල, නමුත් දුෂ්ඨ කුහක වෛරී පෙරේත චරිතයක්. නමින් ගෝලම්. මිනිහ හැකියාවන් නැති නිකං නෝන්ජල් දුර්වල චරිතයක්. අහම්බෙන් ලැබෙන මුද්දෙ හිමි කාරයා බවට පත්වෙන්න හැකියාවක් පොරට තියනව කියල පොර හිතනවා.මුද්ද හිමි ෆ්‍රෝඩෝට පොර ඉරිසියා කරනවා වෛර කරනවා නිකන් තමන්ට හිමි දෙයක් ෆ්‍රෝඩෝ අයිතිකරගෙන වගේ. ඒ නමුත් ෆ්‍රෝඩෝට අන්තේවාසික වෙලා වහලෙක් වගේ රඟපාමින් ඉන්න අතරෙ කොයි හෝ මොහොතක ද්‍රෝහී වෙලා ෆ්‍රෝඩෝට ගේම දීල අර මුද්ද ගන්න පෙරේත කමින් පොර හැමදාම පෙළෙනවා. ෆ්‍රෝඩෝ මොහුව යම්තාක් දුරකට විශ්වාස කරල මුද්ද විනාශ කරන්න ඔහුගෙන් උදව් ගන්න බලනවා. නමුත් අවසානයේ ගෝලම් මුද්ද ගන්න ෆ්‍රෝඩෝට ද්‍රෝහී වෙලා ඒක නිසාම මැරුම් කනවා. නමුත් මැරෙන්න ස්වල්ප මොහොතකට පෙර මුද්ද ලැබීම නිසා පොර සතුටෙන් ඉපිලෙනවා.
.
මේ කතාව කිව්වෙ වර්ථමානෙ අපි දකින ප්‍රබලම දේශපාලන චරිතයක් මම තේරුම් අරන් ඉන්නෙ මේ ගෝලම්ගෙ චරිතය හරහායි. මේ වගේ චරිත අවාසනාවට අපිට නැතුවත් බෑ අත්‍යවශ්‍යම වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ චරිත එක්ක ගනුදෙනු කරන්න පුලුවන් විදි දෙකයි තියෙන්නෙ. එකක් ඔහුගෙ කුණු ගති සංතර්පනය කරන්න පහසුකම් සපයල පාර හදල දෙන එක. මේ විදියෙ පොරවල් ළඟ චූන් වෙන නිසා මේ පළවෙනි ක්‍රමයෙන් කෙටි කාලයකින් ලොකු වාසි ලබා ගන්න පුලුවන් ළඟ චූන් කරල. දෙවෙනි ක්‍රමය සෑම් ෆ්‍රෝඩෝට කරන්න කිව්ව වගේ බෙල්ලෙ වැලක් දාල බිත්තියට හේත්තු කරල හිරකාරයෙක්ගෙන් වගේ අවශ්‍ය වැඩේ කරගන්න එක. ෆ්‍රෝඩෝ කෙලවගන්නෙ ඔය දෙකටම නැති මැද, වඩා මානුෂික විදියට මිනිහට සලකන්න ගිහින්.
.
දැන් අපේ ගෝලම්ට මුද්ද ලැබිල චූන් වෙලා උඩ පැනපු කාලෙ ඉවරයි. මුද්ද ගන්න උදව් කරපු ඈයො ගන්න උදව් කලාට මුද්ද පවත්වගෙන යන්න හෝ මුද්ද නැති උනාම ඉන්න ප්ලෑන් එකක් ගෝලම්ට දුන්නෙ නෑ. ළඟ චූන් උන නිසා මිනිහට ඒ ගැන ඒ වෙලාවෙ මීටර් උනෙත් නෑ. නමුත් දැන් ටික ටික මිනිහට මේක මීටර් වෙනවා. දැන් මිනිහ ස්වභාවයෙන්ම දිවි රැකවරණයට යන්නෙ අර උදව් කරපු අය ගාවට මිසක් ද්‍රෝහී උන ෆ්‍රෝඩෝ ගාවට නෙමෙයි. උදව් කරපු අයට කොහොමත් ගෝලම් බයයි, ඒ නිසා උන්ට ද්‍රෝහී වෙන එක ගෝලම්ගෙ අන්තිම ඔප්ශන් එකටත් එහා එකක්. දැන් උදව් කරපු අයට ගෝලම් ලව්ව කරගන්න තව වැඩ තියෙනව. එයින් එකක් ගෝලම්ට එයාල අනිව දෙනවා. ෆ්‍රෝඩෝට මෙතනදි ගෝලම්ට දෙන්න පුලුවන් සහනශීලීම විසඳුම තමා තොලොංචි වෙලා කොහේට හරි මකබෑවෙන්න පිටවීමේ මාර්ගයක් හදල දෙන එක. ඒකට හැබැයි ගෝලම් බිත්තියටම හේත්තු කරල අන්ත අසරණම කරන්න ඕන. නමුත් ඊට කලින් අර උදව් කරපු අය ගෝලම්ට ඊළඟ වැඩේ පවරන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒ නිසා ගෝලම් දණ ගාගෙන බඩ ගාගෙන ආවත් අර පිටවීමේ මාර්ගය පෙන්නල බෙල්ලට වැලක් දාල වහලෙක් වගේ වැඩ ගන්නව මිසක් වෙන කිසිම බුරුලක් දෙන්න හොඳ නෑ.