ලෝවාමහාපාය
ජනක වෙත්තසිංහ
මේ කල්පයේ ලොව්තුරා සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගත් කකුසඳ, කෝණාගම, කාශ්‍යප, සහ ගෞතම නම් වූ සිව්මහා බුදුරජාණන් වහන්සේලා ගේ පාදශ්පර්ෂයෙන් පවිත්‍රත්වයටත් පූජනීයත්වයටත් පත් වූ අනුරාධපුර ශුද්ධ භූමියේ ඇති අටමස්ථාන පිළිබඳව අවබෝධයක් ලබාදීමේ අපේක්ෂාවෙන් පසුගිය සතියේ සිට බුදුසරණ පුවත්පත මඟින් ඡායාරූප විශේෂාංගයක් ඇරැඹිමු.'
අද අපගේ විමැසුමට ලක් වන්නේ ලෝවාමහාපාය යි. තඹ ලෝහයෙන් කළ උළු පියස්සෙන් වැසුණු මන්දිරය නිසා මෙයට ලෝවාමහාපාය ලෙස නම තබා තිබේ. ලෝවාමහාපාය නොහොත් ලෝවාමහා ප්‍රාසාදය අනුරාධපුර ශුද්ධ භූමියේ පිහිටියේ ය. දේවානම්පියතිස්ස රජතුමා විසින් මිහිඳුමහ රහතන් වහන්සේ වෙත පූජා කළ මහා විහාර සංකීර්ණයේ පොහොය ගෙය (උපෝසථාගාරය) ලෙස මෙය හඳුන්වයි.'