ලෝහිත කුරුස – ක්‍රිස්තියානි ආක්‍රමණයේ දර්ශකය – 1

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    …වර්ෂ 1759…
    “නායක ස්වාමීන් වහන්සේ අසනීපයෙන් වග සැලයි..මේ උන්වහන්සේට කැඳ බතක් හා පේයාවක් සකස් කර ආවේ…”
    රෝගාතුරව අස්ගිරි විහාරයේ ලැගුම් ගෙයිහි වැඩ සිටි වැලිවිට සරණංකර සංඝ රාජයාණන්ගේ ආවතේව කටයුතු සඳහා තම අතවැසියන් ගෙනවුත් සිටි උඩරට සිංහල රදළ ප්‍රධානියෙකු හමුවට පැමිණි දූතයෙකු පැවසූ දෙයයි ඒ…
    රදළ ප්‍රධානියා මඳක් සැළැකිල්ලෙන්, සඟ රජුන් වැඩ සිටි ආවාසය දෙසත්, මේ පැමිණි අමුත්තා දෙසත් බැලුවේය…
    “කවුරුන්ද තොපව මෙහි එව්වේ? නා හිමියන් අසනීපයෙන් වග කවුරුන්ද තොපට කිව්වේ?”
    හෙතෙම දූතයා බණවා ඇසීය..

    “අවසර ආයිබෝවන්ඩ! දස්කොන් අදිකාරම් තුමා මහා කණගාටුවෙන් ඉන්නේ නා හිමියන්ගේ ලෙඩ රෝගාතුරය ගැන…”
    “හ්ම්ම්…ඒකත් එහෙමද?…දස්කොන්….එතකොට ඔහුත් හරි කණගාටුවෙනවා නා හිමියන්ගේ අසනීපය ගැන..හ්ම්ම්…ඔය ගෙනා කැඳ බත මෙහි දීව! මා මෙය හිමියන්ට ලැබෙන්නට සලස්වන්නම්”..
    ඉතාම විචාරශීලි බුද්ධියෙන් යුතු මේ රදළ මුලාදෑනියාගේ නාමය මා හට ආවර්ජනය කළ නොහැක..නමුත්, වැලිවිට සරණංකර මහ නාහිමියන්ට ඇති ජීවිත තර්ජන වල ස්වභාවය ගැන ඔහුට මනා අවබෝධයක් විය.. කැඳ පාසය දෙස බලමින් හෙතෙම කල්පනාවේ නිමග්න විය…

    “දස්කොන්…ජාකෝමේ ගොන්සල්වේස් පූජකයාගේ දකුණු අත…හ්ම්ම්…කැඳ පාසයක්…”
    ඔහු කල්පනා කරන්නට ඇත…
    සැණෙකින් කැඳ පාසය මුවට ලං කළ මේ මුලාදෑනියා එය වහ, වහා පානය කළේය…ඇත්ත වශයෙන්ම එහි “වහ” තිබෙන බව ඉවෙන් දනිතත්, තම ජීවිතය විසි කොට දමා හෝ ශාසනාරක්ෂක සිංහයාණන්ගේ ජීවිතය රැක ගනිමැයි සිතූ මේ ශ්‍රේෂ්ඨ මිනිසා උග්‍ර විෂ රසායනිකයක් මුසු කර, කන්ද උඩරට පරගැති රදළ ප්‍රධානීන්ගේ හා ප්‍රංශ සම්භවයක් සහිත “පේඩෲ ගැස්කොන්” නොහොත් දස්කොන් මහ අදිකාරම්ගේ, දේශකයා වූ “ජාකෝමේ ගොන්සල්වේස්” පූජකයා ප්‍රමුඛ ක්‍රිස්තියානි ඔටේරියන් පූජක මණ්ඩලය සරණංකර හිමියන්ට එවූ මරණයේ කැඳ පාසය බී, ලාංකික බුද්ධ ශාසනය උදෙසා තම ජීවිතය පූජා කළේය….
    මේ සිංහලයේ ඉතිහාසයේ මහා දුර්දාන්තම සමය විය..බැමිණිතියා මහා සාය යම් ලෙසකින් හෙළය පෙළුවේද, ඊට වඩා සිය දාස් ගුණයක් බලවත් වියසනයන් කැන්දූ, එක පිට එක හෙළයට, බුදු සමයට මාරක කඩා පාත් වූ සමය මෙය විය…

    එක් පසෙකින් වැල්ලකරය සින්නක්කරය කර ගත් පෘතුගීසි, ලන්දේසි ජාතීන් වෙහෙර, විහාර හා ඒවාට අනන්‍ය වූ ධර්ම භාණ්ඩාගාර වනසමින්, ඒ නටබුන්, කැට කැබිළිති මත වයින් පානය කළාහුය…

    මැතිව් නිකි, ක්වි රුබේරෝස්, ක්වීරෝස්, ජෝෂප් වාස් ( නොහොත් ඉන්දියාවේ ගෝවේ සිට ලක්දිවට පැමිණි ජුසේ වාස්) ආදි කතෝලික හා රෙපරමාදු සභාවට අයත් පූජකයන්, ස්වකීය ලෝගුවට යටින් සඟවා ගත් බයිනේත්තු බෙලෙන් බයිබලික දහම, පන්සල් ගින්නේ දුමාරය මැදින් ගොස් ජන සතු කරමින් සිටියාහ…
    රන් දිවයින ගිලින්නට මාන බලන “ඉංග්‍රීසි” මිනි මෝරුන්, ලක්දිව අවට සයුරේ ලන්දේසීහු හා යුධ වදිමින් සිටියාහ…
    උතුරේ දමිළාධිකාරීන් යාපා පටුණ චාගරාජාධීන්ට අයත් රාජධානියක් කොට ගත්තෝය…සිංහලයන් බුරුතු පිටින් මරා දැමිණි…චෝල මණ්ඩලය යාපා පටුනේ ස්ථාපිත වෙමින් පැවතුණාහ…”තේසවලාමේ” ක්‍රමයෙන් සම්මතයට එත්ම හත්වලාමේ කියන්නට වත් හත් දෙයියන් පේන මානයක සිටියේ නැත..

    කෝට්ටේ, සීතාවක ආදී රණ කෙළිය සුරු සිංහල රාජධානීහු වැටී පොළවට පස්ව, වල් බිහිවෙමින් පැවතුණාහ..ඒවායේ රජ කළ රාජ පරම්පරාවන්ගේ ඇතැමෙක්, තම නිල, බල තල රැක ගනු වස් ක්‍රිස්තියානිය වැළඳ ගෙන යුරෝපීය ආක්‍රමණිකයන්ගේ දණ මඩුළු සිඹිත්ම, සිංහල කම හදවතේ ඇති රාජකීය ශේෂයන් තම පණ නළ ලන්දේසි පෝරකයන්ගෙන් බේරා ගෙන උඩරටට, සීතල වන්නිය හෙවත් වත්මන් නුවර එළිය ප්‍රදේශයට පැන ගොස්, ඉතා දුකසේ දිවි ගෙවූහ…
    කන්ද උඩරට සිංහාසනයේ සිටියේ ගාමිණී ආදී සිව් හෙළ රජ කුළ සූර්යයන් හෙබවූ රාජාවලියක අතිශයින්ම බෙලහීන, නින්දනීය අවසාන පුරුකය..හේ නමින්, වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ වූවද, ඔහුගේ චරිතය තුළ කිසිදු වීරත්වයක් හෝ පරාක්‍රමයක් තිබුණේම නැත..සොලී රාජයන්ට මුහුණ දීමට සයවැනි පැරකුම්බාවන්ට තිබූ තීක්ෂණ භාවයවත්, පරංගි, ඕලන්ද වියරුවට බැට දීමට ටිකිරි බණ්ඩාර රාජසිංහ, විමලධර්මසූරිය රජුන් සතුව පැවති පුරුෂ ශක්තිය වත් මේ නින්දා සහගත නායකයා ළඟ පාතකවත් තිබුණේම නැත..ඕමාර් කයියාම් නම් “නූතන පරිභෝජනවාදයේ පියා” විසින් ලොවට හඳුන්වා දුන් “ගීතය-මධුවිත-දිගැසිය” යන කාම භෝගී ආරටම දිවි ගෙවූ නරේන්ද්‍රසිංහ රජු රාජධානිය යකාට යද්දී, කුණ්ඩසාලේ රජ මාළිගාවට වී ප්‍රශස්ථි ගීතයන්ට ඇහුම් කන් දුන්නා පමණි…ජනයා මොහුව “සෙල්ලම් නිරිඳු” යන අනුවර්ත නාමයෙන් හැඳින්වූයේද මෙහෙයින්මය…

    කා, බී, නටා, ඉතිරියාවන් සමඟ සැතපී ගෙවන කාමසුඛල්ලික ජීවිතය වැඩි වශයෙන්ම සංස්කෘතික රාමු තුළ මූල ගන්වා ඇත්තේ යුරෝපාකරයේ වීම නිසා,ගැයියට, වැයියට ඇබ්බැහි වූ මේ රජුට ඒ විනෝදය හරහාම ළංවීමට මේ වන විට කන්ද උඩරට ක්‍රමයෙන් නතු කර ගැනීමේ ආගමික හා ඒ පිටුපස සංගත දේශපාලනික වැඩ සටහනක් දියත් කර සිටි ජෝසෙෆ් ඉග්නේෂියස් හා ජාකෝමේ ගොන්සල්වේස් ආදී ක්‍රිස්තියානි “ඕටේරියන්” නිකායට අයත් පූජකයන් කටයුතු කර තිබිණි..රජුද ඒ පූජකයන් කෙරෙහි පැහැදි මහනුවර සිරි දළදා හිමි වැඩ වෙසෙන මන්දිර පරිශ්‍රය වටා ඇති කුමාර වීදියේ ඉඩකඩම් මොවුන්ගේ ආගමික මධ්‍යස්ථාන තනා ගැනීමට පරිත්‍යාග කර තිබිණි..මෙවැනි මුග්ධ රජෙකු රවටාගෙන ඉතාම කෙටි කළකින් උඩරට රාජ්‍යය ක්‍රිස්තියානි ලබ්ධික රාජ්‍යයක් කොට තම අධිරාජ්‍ය මාලයට ඈඳා ගත හැකි බව ඉවෙන් මෙන් අවබෝධ කරගත් තවත් කිතුණු පූජකයන්, ජාකෝමේ ගොන්සල්වේස් පූජකයාගේ ඇරයුමෙන් උඩරටට පැමිණ, රාජ අනුග්‍රහ ඇතිව, අනුක්‍රමයෙන් සෙංකඩගල රාජ සභාවද නතු කරගනිමින් සිටියාහ..

    වෙළදාමේ පැමිණ, සිංහල ගැහැණුන් විවාහ කරගත් අරාබි වෙළෙන්දෝද, මල් දෙණිය, පේරා දෙණිය ආදී වූ සෙංකඩගල නම් අවසාන සිංහල රාජධානිය අවට ඇති වෙළඳ මර්මස්ථාන වල ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් සිටියෝය..ගලේ නුවර අමන රජුගේ හැටි හොඳින් අවබෝධ කර ගෙන සිටි ඔවුහුද, සිය අරාබි සම්ප්‍රදායන් සහ නැටුම්, ගැයුම් ආදියෙන් රජු වනා, පිනා, රජුගේම අනුග්‍රහය ලබමින් සිංහල ගම්වර තම ගෝත්‍රයට පවරා ගත්හ…

    බුද්ධ ශාසනය සහමුලින්ම පොළවට පහත්වී තිබිණි..ඉතිරිව සිටි, විනයෙන් පිරිහී ගිය, ලෞකික ජීවිත හා තදින් බැඳුණු ආමිස ජීවිත ගෙවූ, “ගණින්නාන්සේලා” නොහොත් “ගණ ගෙඩියන්” ලෙස ජනතාව දුටු, ලාංකික යථිවර ශේෂයද, කුල භේදය තදින් අවුස්සමින්, ඉන් වාසි ලබමින්, රජුන්ට ගැති කම් කරමින් හා ඒ සියල්ලට වඩා බිහිසුණු, බ්‍රහ්මජාල සූත්‍රයේ බුදු රදුන් විසින් හෙලා දුටු මිසදිටු කර්මාන්තයන්හි, එනම් යක් දෙස්සන් ලෙස තොවිල්, පවිල්, මන්ත්‍ර, ගුරුකම් ආදී වූ “විනයක්කාර්” නම් කේරළ වංශයන් ලක්දිවට ගෙනා කර්මයන්හි නිරත වූහ..

    බලසම්පන්න කොකේසියානුවන්, ත්‍රාඪ චෝලයන්, කූට මරක්කලයන්, බෙලහීන රජුන් හා ලෝභී ගණින්නාන්සේලාට මැදිවූ ලක්දිව බුද්ධ ශාසනය අතුරුදහන් වන හෝරාව ක්‍රමයෙන් සපැමිණෙමින් තිබිණි..
    නමුත්, බුද්ධ පිරිනිවන් මංචකයෙන් “මාගේ ශාසනය ඒ දිවයින්හි පවතින්නේය” යන වරදානය ලද මහෝඝී දිවයිනට ඒ අවසනාව උදා වන්නට ශාසනාරක්ෂක බඹුන් ඉඩ නොදුන් නිසාදෝ, වැලිවිට සරණංකර නම් කේසර සිංහ රාජයාණන් පහළ විය..සකළවිධ බාහිර, අභ්‍යන්තර ප්‍රහාරයන් හමුවේ නටබුන් වෙමින් පැවති ලාංකික බුද්ධ ශාසනය රැක ගන්නට මේ සිංහ රාජයාණෝ “සිල්වතුන්ගේ හා උගතුන්ගේ” පෙරමුණක් සාදා ගත් සේක…

    සරණංකර සංඝ රාජයාණන් බුදු සමයත්, සිංහල ජාතියත් රැක ගන්නට දුන් ධාර්මික ප්‍රතිප්‍රහාරය සාර්ථක වෙමින් පැවතිණි..සියමයෙන් අප වෙත යළි වඩමවා ගත් උපසම්පදාකරණයද සමඟ, හෙළයේ සිවුරු පවුර යලි සවි බල ගැන්වෙමින් පැවතිණි..වියවුල් සහිත බුද්ධ ශාසනික වට පිටාවක් තුළ, උඩරට හා පහත රට ද්විත්වයේම ක්‍රිස්තියානිය පැතිරෙමින් තිබුණු වේගය, කෙටි කළකින්ම අඩාල කරන්නට අසරණ සරණ සරණංකර මිගිඳුන්ට හැකි විය..ලන්දේසීන් වසර 13 ක් ඇතුළත ලාංකික පහතරට ජනගහණයෙන් 23% පමණ කිතුණුවන් බවට පත් කර තිබුණු අතර, සරණංකර හිමියන්ගේ ආගමනය සිදු නොවන්නට 1770 පමණ වනවිට සමස්ථ සිංහලයම, බුදු සසුන උපුටා හැර ක්‍රිස්තියානියට ගන්නට ඔවුන්ට හැකි වන්නට තුබූ බව පසු කළෙක ඉංග්‍රීසි මිෂනාරීන් විසින් කරන ලද සමීක්ෂණ වලින් අණාවරනය විය..මෙය සත්‍යයකි..මක් නිසාද, සුපේශල, ශික්ෂාකාමී, ධර්මාවබෝධය සහිත යථිවරයන් සසුන රකින්නට සිටලාත්, ශාසනය රැකගන්නට මෙකල මෙතරම් දුෂ්කරතා එන්නේ නම් එකල තත්වය කෙසේ වන්නට ඇතිදැයි ඔබට අවබෝධ කර ගත හැකි නොවේද?..

    වැලිවිට සරණංකර හිමියන් තම අභිප්‍රායන් මුදුන් පමුණුවා ගැනීමට බරපතළ බාධකයක් වන බව ජාකෝමේ ගොන්සල්වේස් ප්‍රමුඛ කිතුණු පූජක මණ්ඩලය දුටහ…එදාත්, අද මෙන්ම, බුද්ධ ශාසනයේ ආරක්ෂාවට, එහි උන්නතියට, නිර්භයව, උජු කායිකව පෙනී සිටින ගිහි, පැවිදි දෙපක්ෂයේම නායකයන් මනාව හඳුනාගෙන, ඔවුන් ඉලක්ක කර ගත් සදිසි හා අදිසි ප්‍රහාරයන් සැලසුම් කිරීම, ක්‍රිස්තියානි පල්ලියේ සෙවණැල්ල යට සිදු කෙරිණි…සංඝ රාජ හිමියන් ඝාතනය කර ගතහොත්, ක්‍රිස්තියාණිකරණයටත්, ශාසනාභ්‍යන්තර ගරා වැටීමටත් පිළියම් ලෙස, ශාසනය ශක්තිමත් කරගෙන ආ ප්‍රතිරෝධී ව්‍යාපාරයද ඒ සමඟම සුසාන ගත කළ හැකි බව, පල්ලියේ බලවේගය ඉඳුරාම දත්හ..පල්ලිය ඒ සඳහා එවූ අදිසි හෙල්ලයෙන්, ජාතික වීරයෙකු තම ජීවිතයෙන් පළිහ වඩා වැලිවිට නාහිමියනුත්, සමස්ථ බුදු සසුනමත් රැකගත් අයුරුය ඔබ මේ ලිපිය ඇරඹු මෙහිදී කියැවූයේ…

    එදා ඒ කැඳ කෝප්පය වැලිවිට සරණංකර සංඝ රාජයාණන්ට ලැබුණේ නම්, මේ මොහොත වනවිට ඔබ සැම, සෑම වසරකම අවසානයේ නත්තලට ලහි, ලහියේම සූදානම් වෙනවා ඇත
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අද වික්ටර් රත්නායක බිලිගත්තේද මේ ලොහිත කුරුසයේම දිගුවක්
     
    • Like
    Reactions: aneasarayana

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    Wait.... so... "හ්ම්ම්... මේ යකා ගෙනාපු කෑම එකේ වහ කියල මට sure. ඒ නිසා මා කල යුතුම දේ මේ වහාම මේක කන එකයි." ... da frak did i just read??
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    MR7GKep.png
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    උකුලේ ඉන්න පොඩි ලමයව උඩ දාලා බයිනෙත්තුව අල්ලනවලු වැටෙනකොට ලංදේසි.පරන කවියක තිබ්බේ පොඩිකාලේ කියෝපු.. දරුණුම ආක්‍රමණිකයෝ වර්ගයක්
     
    • Like
    Reactions: aneasarayana

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    උකුලේ ඉන්න පොඩි ලමයව උඩ දාලා බයිනෙත්තුව අල්ලනවලු වැටෙනකොට ලංදේසි.පරන කවියක තිබ්බේ පොඩිකාලේ කියෝපු.. දරුණුම ආක්‍රමණිකයෝ වර්ගයක්
    කතාව ඇත්ත. සමහරු තාන්න මාන්න වලට වාසගම් වෙනස් කරා. කට්ටියට මතකද දන්නේ නෑ. නෙස්ටොරියානු කුරුස පලහිලව්ව ?
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කතාව ඇත්ත. සමහරු තාන්න මාන්න වලට වාසගම් වෙනස් කරා. කට්ටියට මතකද දන්නේ නෑ. නෙස්ටොරියානු කුරුස පලහිලව්ව ?
    Can you explain....
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    Can you explain....
    ඔය කතාව කුප්ප මගඩියක්. ලංකාවේ ක්‍රිස්තියානි ඉතිහාසය තියෙන්නේ 1500න් පස්සේ නේ. අර පෘතුගිසින් ලංකාවට ගොඩ බැස්සට පස්සේ. ඒත් දැන් අලුත්ම හොර වැඩක් යනවා. ඒ තමයි අනුරාධපුර රාජධානි කාලේ ඉඳන්ම ක්‍රිස්තියානි ඉතිහාසය.

    1399225_865183653547160_1863003389416547549_o.jpg



    ඒ කිව්වේ ජෙසුස් ඉපදිලා අවුරුදු 300ක් වෙනකොට ලංකාවේ ක්‍රිස්තියානි ආගම තිබ්බලු.

    I will puta thred on that
    ------ Post added on Feb 1, 2021 at 9:54 PM

    3.jpg

    ------ Post added on Feb 1, 2021 at 9:58 PM
     
    • Like
    Reactions: aneasarayana

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    උකුලේ ඉන්න පොඩි ලමයව උඩ දාලා බයිනෙත්තුව අල්ලනවලු වැටෙනකොට ලංදේසි.පරන කවියක තිබ්බේ පොඩිකාලේ කියෝපු.. දරුණුම ආක්‍රමණිකයෝ වර්ගයක්
    asawedu kiyana pruthugreesi genarl ehema kara kiyala thiyenne....
    sunil edirisinghage "batha ka iwarai balamin unnoth" sinduweth ohoma thiyenawa...eth ingreesin gena....
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    කව්ද බං මේ දාර පොයි ලියන්නේ? දස්කොන් මැරෙනකොට විතරක් නෙවෙයි වෙන එකක් තියා වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ මැරෙනකොටත් සරණංකර හාමුදුරුවෝ තරුණ සාමනේර නමක් (විජය රාජසිංහගේ කාලේ ආපහු උපසම්පදාව ගේනකන්ම සරණංකර සාමනේර කියල කිව්වේ).

    එතකොට දස්කොන් වලේ ඉඳලද වියපත් අසනීපෙන් ඉන්න සරණංකර සංඝරාජ නායක හිමිට කැඳ එව්වේ?
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔය කතාව කුප්ප මගඩියක්. ලංකාවේ ක්‍රිස්තියානි ඉතිහාසය තියෙන්නේ 1500න් පස්සේ නේ. අර පෘතුගිසින් ලංකාවට ගොඩ බැස්සට පස්සේ. ඒත් දැන් අලුත්ම හොර වැඩක් යනවා. ඒ තමයි අනුරාධපුර රාජධානි කාලේ ඉඳන්ම ක්‍රිස්තියානි ඉතිහාසය.

    1399225_865183653547160_1863003389416547549_o.jpg



    ඒ කිව්වේ ජෙසුස් ඉපදිලා අවුරුදු 300ක් වෙනකොට ලංකාවේ ක්‍රිස්තියානි ආගම තිබ්බලු.

    I will puta thred on that
    ------ Post added on Feb 1, 2021 at 9:54 PM

    3.jpg

    ------ Post added on Feb 1, 2021 at 9:58 PM
    Wtf did I just read 🤣🤣🤣
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    Rajapakse family ekath okata ahuwela godak kal pena widiyata. Namal ehema gemak denawa SLC wala born again scene eka shape karanna. SLC eken twitter eke statement ekakuth dala thibba. Lankawe suddagen passe palanaya kala hema family ekakma okata set wela hitiye. Mahnidala kiyalath wisheshayak na.
    නාමල් පොන්ස් ගිහින් තිබ්බ අර ෆෝන් චාජ් කරන පොරව හම්බෙන්න.