ලෝ වැසියන්ට නිරාගමික වීමට කාලය එලඹ ඇත

Sen-lu

Well-known member
  • මං හිතන්නෙ mchn,බලය රැකගැනීම, ආගම ජාතිය ව්‍යාප්ත කිරීමේ ආශාව වගේ දේවල් සදාචාරයට වඩා වැදගත් වීම තමයි ඕකට හේතුව. මොකද බං ඔය list එකේ ලියෝපෝල්ඩ්2 කියන්නෙ බෙල්ජියමෙ රජතුමා. රෝමන් කැතලික් කෙනෙක්. මැරුවේ කැපුවේ අප්‍රිකාවෙ යටත් විජිතවල මිනිස්සුන්ව.ජීවත් උන කාලෙදි බෙල්ජියමට ධනය ගෙනාපු වීරයෙක් විදියට සැලකුනා.මැරුණට පස්සෙ කාලයක් ගිහිං තමයි ඔය අප්‍රසාදය පොරට ආවෙ.තුර්කියෙ රජත් එහෙමයි.ආගමික කෙනෙක්.මං දන්න තරමින් ආර්මේනියන් මිනිස්සුන්ව මැරුවේ. අපේ රටෙත් බලපං ප්‍රේමදාස වගේ අය ආගම ජාතිකත්වෙන් උඩට ඇවිත් බලය තියාගන්න කොච්චර මිනීමරන වැඩ කලාද? මහින්දලා ආගමට ජාතියට මුවාවෙලා කොච්චර හොරකම් කලා ද? ඒ නිසයි මම හිතන්නෙ මොනම ආගමකටවත් රාජ්‍ය බලයක් දෙන්න හොද නෑ. ඒ ආගම පිරිසිදු රත්තරෙන් හදපු එකක් උනත් රාජ්‍යට එකතු වෙලා කාලයක් යද්දි කුණු වෙනවා.
    ඔව් රාජ්‍ය පාලනයට නීති සම්පාදනයට ආගම් ගාවගන්න හොඳමනෑ. ඒක සම්පූර්ණ ඇත්ත.

    මහින්දලා වගේ ආගම ඉස්සරහට දාගෙන ඉන්න බොරු කාරයෝ ඉන්නව ඒ වගේම මහින්දලාගේ බොරු ආගම්වාදය දඩමීම කරගෙන ඇජෙන්ඩ පුෂ් කරන උනුත් ඉන්නව. දෙගොල්ලොම දෙගොල්ලොන්ගෙන් ෆීඩ් වෙනව. මේකෙ ඉන්න බහුතර නිරාගමිකයො එහෙමයි. ආගම් විරෝධී කීවට උං විරුද්ධ එකකට විතරයි අනිත් ඒව ගැන මීක් නෑ. ඕෆ් ටොපික් උනත් ඒ ටික කියන්න ඕන.

    උඹේ කරුණු දැක්වීම වංකනෑ ඒක දීල තියෙන පොයින්ට් වලින් තේරෙනව. ආගම් කල්ට් දක්වා දුරදිග ගිහින් මූලික හරය බොඳවෙලා තියෙන හින්ද තමයි මේ ගැටලුව කියල තමයි මට හිතෙන්නෙ ( බුද්ධාගම ගැන මම කියන්නෙ අනිත් ඒව ගැන දන්නෑ)
     
    • Like
    Reactions: Forrest_Gump

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka

    ඔව් රාජ්‍ය පාලනයට නීති සම්පාදනයට ආගම් ගාවගන්න හොඳමනෑ. ඒක සම්පූර්ණ ඇත්ත.
    Yes
    මහින්දලා වගේ ආගම ඉස්සරහට දාගෙන ඉන්න බොරු කාරයෝ ඉන්නව ඒ වගේම මහින්දලාගේ බොරු ආගම්වාදය දඩමීම කරගෙන ඇජෙන්ඩ පුෂ් කරන උනුත් ඉන්නව. දෙගොල්ලොම දෙගොල්ලොන්ගෙන් ෆීඩ් වෙනව. මේකෙ ඉන්න බහුතර නිරාගමිකයො එහෙමයි. ආගම් විරෝධී කීවට උං විරුද්ධ එකකට විතරයි අනිත් ඒව ගැන මීක් නෑ. ඕෆ් ටොපික් උනත් ඒ ටික කියන්න ඕන.
    ඔව්.එහෙම උන්නම් සෑහෙන්න ඉන්නවා.නිරාගමික මුවාවෙන් වෙන ආගමක්,දේශපාලන සීන් එකක් ප්‍රමෝට් කරන උං ගොඩක් ඉන්නවා.ඉස්සර FB එකේ ඔය වගේ page හදං නටපු පොරක් ඉදියා.නම මතක නෑ.බෞද්ධ හින්දු ඉස්ලාම් යුදෙව් හැම එකකටම බනිනවා අපහාස කරනවා. හැබැයි ක්‍රිස්තියානි/කතෝලික පැත්ත ගැන මොකුත් කියන්නෑ.පස්සෙ පොරව follow කරන උන්ටම සීන් එක තේරිලා උගෙන් හුගක් උන් ඒ ගැන අහලා තිබ්බා.පොර silent ඉදලා ඉදලා අන්තිමට ප්‍රශ්න වැඩි උනාම කිව්වා ඒකට වෙන පේජ් එකක් හදාගන්න කියලා.ඕකයි තත්ත්වෙ. ඒ වගේ චාටර් උන් අනිවා මේකෙත් ඇති.

    උඹේ කරුණු දැක්වීම වංකනෑ ඒක දීල තියෙන පොයින්ට් වලින් තේරෙනව.
    Huh? Plz explain bro.

    ආගම් කල්ට් දක්වා දුරදිග ගිහින් මූලික හරය බොඳවෙලා තියෙන හින්ද තමයි මේ ගැටලුව කියල තමයි මට හිතෙන්නෙ ( බුද්ධාගම ගැන මම කියන්නෙ අනිත් ඒව ගැන දන්නෑ)
    අනිත් හුගක්ම වගේ කෙලින්ම රාජ්‍ය පාලනයත් එක්කම මුල ඉදං බද්ධ උන cult වගේනෙ. ඒවා නිසා යුරෝපෙම අදුරු යුගවලටත් ගියා.මැදපෙරදිග ගත්තත් එක එක නිකායවල් කීයක් ද? සුන්නි -ෂියා වලි.ත්‍රස්තවාදීනුත් එකා එකා තරහයි.ISIS -තලේබාන් උන් තරහයි.එකගතාවක් නෑ. ඒත් ඇත්තටම බුද්ධාගමේ එහෙම මිනිස්සුන්ට නීති හැදිල්ලක් සමාජ පාලනයක් ඒම් කරන්නෙ නැති උනත් දැන් එක එක විවිධ cult හැදිලනෙ.ඒවයෙ දායකයො වගේ ඉන්න වෙනම toxic උන් ඉන්නවා.උන් උන් වලි දාගන්නවා.හාමුදුරුවරුත් වලි. මහමෙව්නාව කියයි,උමංදාව කියයි.full වලිනෙ. කිසි එකගතාවක් නෑ. මං හිතන්නෙ නෑ ආපහු ඔය කියන හොද මුල්ම කාලෙ තිබුන තත්වෙකට එයි කියලා.දැන් ඒක විසින්ම ඇතුලෙන්ම විනාශ කරගෙන යන දෙයක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: Sen-lu

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ඔය එකෙක්වත් මිනිස්සු මැරුවේ 'බලය' වෙනුවෙන් මිසක් 'නිරාගමිකත්වය' :-)unsure:???) වෙනුවෙන් නෙමෙයිනෙ... ඒ නිසා උන් නිරාගමික වේවා ආගමික වේවා, ඒක අදාල නෑ.
    "Do not argue with a fool. He will drag you down to his level and beat you with experience." :D

    Richard Dawkins
    Sam Harris
    Dan Dennet
    Chris Hitchens


    These are great atheist I follow, and they have offered so much for Humanity.
     
    • Like
    Reactions: subspace

    Sen-lu

    Well-known member
  • Huh? Plz explain bro.
    උඹ දීලා තියෙන points ඇජෙන්ඩ පුෂ් කරන්න නෙවෙයි. අවංකවම කියල තියෙන්නෙ කියල කීවෙ මචං.

    මේ සබ්ජෙක්ට් එක ගැන හරි අමාරුයි කතා කරන්න කට්ටිය ට්‍රිගර් වෙනව. (විශේෂයෙන්ම elakiri නිරා සෙට්එක) උඹ එහෙම නැතුව උත්තර දුන්න එක ලොකු දෙයක්.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පැතුම් බොක්ක ,
    නිරගමික වෙන එක නෙමයි කරන්න ඕනේ ,
    දේශපාලන චිවරධාරින්ගේ බුද්ධ දර්ශනය බේරගන්න එකයි කරන්න ඕනේ
    ඔව් ඔව් දඹර අමිල හිමි තමා අපිට ඕනේ
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ඒ නිසයි මම හිතන්නෙ මොනම ආගමකටවත් රාජ්‍ය බලයක් දෙන්න හොද නෑ. ඒ ආගම පිරිසිදු රත්තරෙන් හදපු එකක් උනත් රාජ්‍යට එකතු වෙලා කාලයක් යද්දි කුණු වෙනවා.

    මේකට එකඟ විය හැකියි.

    ප්‍රශ්නෙ තියෙන්නෙ අපි සදාචාරය, නීතිය, සංස්කෘතිය කියලා හදාගන්න දේවල් වලිනුත් ඔයදේම සිද්ද වෙන එකයි. මිනිස්සුන්ගෙ ස්ටෑන්ඩර්ඩ්ස් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඉතිහාසය බලන අයට මේක පැහැදිලියිනෙ. අපි ක්‍රමක් ක්‍රමයෙන් සෙකියුලර් දියුණුවක් කරා යනවා කියන එක එක්තරා විහිළුවක් මටනම්. අද හොඳ දේ හෙට නරකයි හෙට හොඳ දේ අද නරකයි. ඒ ඇරෙන්න රේඛීය දියුණුවක් නැහැ කියන තැන තමා මම ඉන්නෙ. සරලව කිව්වොත් කාලෙන් කාලෙට හදාගන්න "අරමුණු" වලට සාපේක්ෂව තමා "හරි දේ" තීරණය වෙන්නෙ. කාලෙන් කාලෙට මිනිසුන්ගේ අරමුණු වෙනස් වෙනවා. නිතැතින්ම "හරි දේ"ත් වෙනස් වෙනවා.

    යම්කිසි දෙයක් අපි නිර්මාණය කරනවාද ඒ නිර්මාණය කරපු මොහොතේ ඉඳලම ඒක විකෘති/වෙනස්වෙන්න පටන් ගන්නවා. ඒක වලක්වන්න බෑ.
     
    Last edited: