ලෞකිකත්වය සහ ලෝකෝත්තරය

noble

Member
Mar 16, 2011
96
21
0
ලෞකිකත්වය සහ ලෝකෝත්තරය

Poson_02.jpg


ලෞකිකත්වය කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර භූතයන්ගෙන් සැදුම් ලත් කය අභිනන්දනය නොහොත් පවත්වාගැනීමට සිත සමග එක්ව උත්සහ කරන ලෝකයක්. ඉතින් ලෞකික ලෝකයේ කරන කියන සෑම දෙයක්ම මතු භවයක් සෑදීම සඳහ ඉවහල් වෙනවා. ලෞකික ලෝකයේ පිනද, පවද එක්ව කර්මය කියා දෙයක් සාදනවා. මේ පව පින සංකලනයක් වූ කර්මය ඉදිරි භවය ගෙනයාමට ඉවහල් වන කරුණක්.

අපේ බුදුන් හොයාගත්තේ මේ සසර ගෙවන නොහොත් මතු භවය සකසන කර්මයට තිතකි.

අන්න ඒක වෙනමම ලෝකයක්. ඒකට කියන්නේ ලෝකෝත්තරය කියල.

ලෝකෝත්තර ලෝකයේ කිසිම සතර භූතයන්ගෙන් සැදි භෞතික දෙයක් නැහැ. එහි පවක් කියා දෙයක් නැහැ. පිනක් කියා දෙයකුත් නැහැ. හැබැයි පින්කෙතක් කියා දෙයක් තියෙනවා. ඒකට කියන්නේ පාරමී පින් කෙත කියල.

ලෞකික ජීවිතේදී පිනක් කියල අපි රැස් කරන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාවෙන්. ඉතින් ඒ පින ලෞකික ජීවිතයට කැපයි. සසර ඉදිරියටම ගෙනයයි. සසර දුකක් බව අපි හැමෝම දන්නවානේ.

ලෝකෝත්තර ජීවිතයේදී අපි රැස් කරන පින් කෙත (එනම් පාරමී ) කාම තණ්හාවෙන්ද, භව තණ්හාවෙන්ද, විභව තණ්හාවෙන්ද තොරයි.

බලන්න ඔයගොල්ලෝ පන්සලකට ගිහින් බෝධි පූජාවක්, එහෙම නැතිනම් බුද්ධ පූජාවක් කරල කරගන්න පිනෙන් පතන්නේ මොනාද කියලා.

මගේ අපල දුරු වේවා!
මම විභාගෙන් පාස් වේවා!
මට ලස්සන කෙල්ලෙක් / කොල්ලෙක් ලැබේවා!
මට ගොඩාක් සල්ලි ලැබේවා!

ඒ විදියටම ඒව හම්බවෙනවා දැඩි අධිෂ්ඨනයකින් කරාම. හැබැයි පතන හැමදේමත් හම්බවෙන්නේ නැහැ. එහි සම්භාවිතාවයත් 2%කටත් වඩා අඩුයිලු කළ සමීක්ෂන මගින්. ඔයගොල්ලන්ගේ හිතෙන්ම තට්ටුවක් දාල බලන්නකෝ මේක මෙහෙම නොවෙයිද කියලා. මෙන්න මේක ලෞකික පින.

පන්සලකට ගිහින් නිවැරදි බණක් අසා, නිවැරදි භාවනාවක් කරල "අනේ මට මේ භවයෙදිම නිවන් දකිත්වා!" කියන අධිෂ්ඨානය කරන කෙනා කරගන්නේ ලෝකෝත්තර පිනක්.

ඔයගොල්ලෝ දන්නවද භාවනාවක් කරල කරගන්න පින් කෙත ලෞකිකව කරන පින් කෝටියකටවත් සම කරන්න බැරි විත්තිය.

ලෝකෝත්තර පින ලෞකිකයටත් කැපයි, ලෝකෝත්තරයටත් කැපයි. ඒ පින්කෙත ලෞකිකයටත් කැප උනත් ප්‍රඥ්ඥාවන්තයා ඒ ලෞකිකයට නොඇලී ඉන්න තමයි කැමති, ඒ මොකද දන්නවද සසරේ සැරි සරා විඳපු අපාදුක් ඔහුට හොඳ හැටි මතක නිසා. ඔය අපි මාර්ගඵල ඇත්තන් කියල කියන්නේ මේ ගොල්ලන්ටනේ. අන්න ඒ ඇත්තො ලෞකික පින, ලෝකෝත්තර පින හොඳට හඳුනනවා. එකනේ ඒ ඇත්තෝ බුදු පිලිමයක්වත්, බෝ ගහටවත් වඳින්නේ නැත්තේ. ඒ ඇයි දන්නවද? එගොඩ ගියාට පස්සේ පහුර කරේ තියාගෙන යන සිරිතක් ඒ ඇත්තන්ට නැහැනේ. එහෙම යනවනම් ඒ ඇත්තන්ට තමාගේ මාර්ගඵලය ගැන සැකයක් තියෙන නිසා. ඔහුන් බුදුන් සැබෑ ලෙසම දැක හමාරයි. අපිත් එකතු වී ඒ ඇත්තන්ට සධු නාදයක් දෙමු!

බලන්න බුදු දහම කොච්චර ලෙහෙසි, වටහගන්න පුළුවන් ධර්මයක්ද කියල. ඉතින් ඒක අමාරු කරගන්නෙම ඔයගොල්ලොනේ. අපේ බුදු හාමුදුරුවො අමාරුවෙන් හොයාගෙනත්, අපිට ඒ මඟ ලෙහෙසියෙන් පිලිපදින්න පුළුවන්කම තිබ්බත් අපි කරන්නේ නැත්තේ අපේ කම්මැලි කම නිසා නොවේද?

ඉතින් අපේ පින් ඇත්තො කම්මැලි නොවී මාර්ගයේ යන්න බලමු. ඒක බුදුන්ට කරන විශාල ගෞරවයක් වගේම අපිත් ගොඩ යන වැඩක්!
 
  • Like
Reactions: conservative

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සාධු!! සාධු!! අර්ථවත් දෙයක්!!

    සබ්බ දානං ධම්ම දානං ජිනාති!!!
     

    Similar threads