වංචනික වෙළෙන්දා

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,667
    16,883
    113
    එක්තරා පුද්ගලයෙකු බූරුවෙකු මිල දී ගෙන ඔහු බූරුවා ගේ පස්චත්භාගයට රන් කාසි පුරවා ගෙන ගමේ පොළට ගෙන ගොස් පොළට එන අයට කියනවා ඌ වසුරු හෙලන සෑම අවස්ථාවකම උගේ පිටුපසින් රත්‍රන් එළියට එනවා ..කියල .
    මේක දැකපු ගමේ අය බූරුවා මිලදී ගැනීමට පොරකනවා...පොළේ ප්‍රධාන වෙළෙන්දා ඔවුන්ට වඩා විශාල මුදලකට ඌ මිල දී ගෙන ගෙදර ගෙන යනවා...

    නමුත් ගෙදර ගෙනිච්චාට පස්සෙ බූරුවා කෙඳිරිගානව විතරයි . කියපු විදිහට රත්තරං කිසිම දවසක උගේ පස්චත් භාගයෙන් ආවෙ නැහැ ...😌
    මෙයින් කෝපයට පත් ප්‍රධානියා මිනිසුන් සමඟ බූරුවා විකිණූ වෙළෙන්දාගේ නිවස වැටලීමට යනවා...ඔවුන් එහි යනවිට ඉන්නේ වෙළෙන්දාගේ බිරිඳ පමණයි..

    ඔහුගේ බිරිඳ ඔවුන්ට කියනවා.. ඔහු ගෙදර නැහැ නමුත් ඔහුව ගෙන්වා ගැනීමට ගෙදර සිටින බල්ලා ව යවන්න පුලුවන් කියලයි..මේ කතාවට
    මිනිසුන් පුදුමයට පත් වෙනවා...වෙළෙන්දාගේ බිරිඳ කියූ අයුරින්ම මිනිසා ආපසු එනවා..බල්ලත් එක්කම....😌 නමුත් මිනිස්සු දන්නෙ නෑ...වෙළෙන්දා එන්නේ ඒ බල්ලා වගේම වෙන බල්ලෙක් එක්ක කියලා....ඔවුන් ආපු කාරණයද අමතක කරලා බල්ලා මිලදී ගැනීමට ගනන් කතාකරනවා...😅

    කෙනෙක් එය මිල දී ගෙන ඔහුගේ බිරිඳට දීලා කියනවාමේ බල්ලා ගන්න, ඔබට මා අවශ්‍ය වෙලාවෙ මම මම ගෙදර හිටියේ නැත්නම් මාව එක්කන් යන්න බල්ලා එවන්න කියලා.
    ඇය වරක් බල්ලා ඔහු සොයා ඒමට යැව්වද බල්ලා නැවත ගෙදර ආවෙ නැත..
    ඌ ආයෙත් උගේ පුරුදු නිවස වෙලෙන්දාගේ නිවසට ගොස් ඇතිබව දැනගෙන.. ආයෙත් ගමේ අය එකතු වෙලා වංචනික වෙළෙන්දාගේ නිවසට යනවා...

    නමුත් සුපුරුදු පරිදි වෙළෙන්දාගේ බිරිඳ කියනවා ඔහු ගෙදර නැහැ හොයාගෙන එක්කන් එන්න බල්ලාත් ගෙදර නැහැ කියලා...මේ කතාව අහපු මිනිස්සු ඔහු එනකම් බලා ඉන්නවා...
    වෙළෙන්දා ගෙදර එනකොට දැනගන්නවා මිනිස්සු කෝපයෙන් කියලා...ඒ නිසා ඔහුගේ ඊළඟ උප්පරවැට්ටිය ක්‍රීයාත්මක කරනවා😪

    ඔහු තම බිරිඳට කෑගැසනවා ඇයි ?ගෙදර ට මනුස්සයෙක් ආවම ආගන්තුක සත්කාර කියල දෙයක් දන්නෙ නැද්ද ඇයි මේ මිනිස්සුන්ට ඉදගන්නවත් නොදුන්නේ කියලා බොරු තරහක් මවාපාලා..
    සාක්කුවෙන් පිහියක් එළියට ගෙන , බිරිඳගේ පපුවෙන් තියනවා. පිහිය වටකර ලේ වැනි රතු පැහැති සායම් බෑගයක් බැඳ තිබූ අතර පිහියේ තලය බිරුඳගේ පපුවට තබනවාත් සමඟ සායම් බෑගය බිඳී බිරිඳගේ පපුව පුරා රතු සායම් ගලායනවා...

    ආව මිනිස්සු බයවෙලා කෑගහනවා..ඇයි ඔයා ඔයාගේ බිරිඳව මැරුවෙ කියලා...

    ඔහු ඔවුන්ට කියනවා ...අතපසු වීමක් මම ඇයව මරන්න හිතුවෙ නෑ,බය වෙන්න එපා කියලා....
    ඔහු සාක්කුවෙන් නළාවක් ගෙන නළාව වාදනය කරන්න පටන් ගන්නවා...එතකොට බොරුවට හිටපු බිරිඳට පණ එනවා...😅

    ඒක දැකපු මිනිස්සුන්ට ආයෙත් ආපූ කාරණාව අමතක වෙලා නලාව මිලදී ගන්න පොරකනවා..
    මේ නළාව ඔහුට ලොකු මුදලකට විකුණාගන්න පුළුවන් වෙනවා...

    ඉතිං මේ මිළදී ගත්තැනැත්තා ගෙදර ඇවිත් බිරිඳ සමඟ ඇතිවූ ආරවුලකදී ඇයට පිහියෙන් අනිනවා...නැවත නලාව අතට ගෙන වාදනය කරනවා....නමුත් කොච්චර නළාව වාදනය කලත් ආපහු බිරිඳට පණ දෙන්න බැරිව යනවා...දැනගන්නවා..ඔවුන් නැවතත් වංචාවකට අහු උනා කියල

    මේ තොරතුර රට පුරා පැතිර යනවා....ඊටපස්සේ හැමෝම එකතු වෙලා නිවස වටලලා ඔහු අල්ලගෙන ගෝනියක දාලා බැඳලා මුහුදට විසිකරන්න අරගෙන යනවා.

    අතරමගදී නිදිමත නිසා ටිකක් විවේක ගන්නවා හැමෝම ඒ අතරතුර එඩේරෙක් එතනින් යනවා...බෑග් එකේ හිටිය වෙළෙන්දා ඔහුගෙන් ඉල්ලනවා..බේරගන්න කියලා...

    ගෝනියට දාලා බඳින්න හේතුව ඇහුවම ඔහු කියනවා..මට පෙම්වතියක් සිටියදී...මාව ධනවත් පවුලකට බලහත්කාරයෙන් විවාහ කරල දෙන්න යනවා මම ඒකට කැමතිනෑ....මාව පුලුවන්නම් බේරගන්න කියලා....

    වෙළෙන්දාගෙ කතාවට රැවටුන එඩේරා තමන්ගේ බැටලුවො ටික මේ මිනිහට දීලා...විවාහයට කැමති වෙලා ගෝනිය ඇතුලට ඔහු රිංඟාගන්නවා....
    එඬේරා බෑගය ට දාල බැඳලා ඔහු බැටළුවන් 300ක් රැගෙන ආපසු ගමට යනවා...
    ගමේ මිනිස්සු බැඳපු බෑගය අරගෙන මුහුදට විසි කරලා ආපහු ගමට ඇවිත් බලනකොට වංචනික වෙළෙන්දා බැටළුවො 300ක් එක්කගමේ ඉන්නවා...

    මිනිස්සු ඔහු දැකලා පුදුමයට පත්වෙලා අහනවා..කොහොමද එහෙම උනේ කියලා....වෙලෙන්දා කියනවා
    . මුහුදු සුරංගනාවිය ,ඔහුව බේරාගෙන, බැටළුවන් සියල්ල ඔහුට දී ඔහුට දිලා කියුවා කියනවා "ඔවුන් මුහුදට විසි කළා තව පාරක් එහෙනම් ඔයා ඔයිට වඩා පෝසත් කියලා...
    ඇත්තටම ගමේ අය ඔහුව විස්වාසකරනවා..මොකද..මුහුදට විසිකරපු ඔහු අත්තටම ඇවිත් ..ඒකත් බැටලුවො 300ක් එක්ක...

    මේක විස්වාස කරපු ඔවුන් එකිනෙකා රැස් කර මුහුදට ගිහින්...එකිනෙකා බැද මුහුදට විසි කරගන්නවා ..අවසානයේ ඔවුන් සම්පූර්ණයෙන්ම මුහුදට විසි වී ගිහින් සියල්ලෝම මිය යනවා....
    - දැන් වංචනිකයාට ගම අයිතියි, මෝඩ මිනිස්සු ඔක්කොම මැරිලා.
    “වරද “වංචාකාරයාගේ නොවේ” වරද තණ්හාව නිසාත්, මුදලට ඇති ආශාව නිසාත්, ආශාවෙන් පිරවිය නොහැකි ඇස නිසාත් සෑම විටම විශ්වාස කරන "මෝඩයන්"ගේත් ය.

    ඇතැමුන් අන්ධ වන්නේ එලෙසයි. වටේ පිටේ ඉන්න අය ඉක්මන් වාසි සොයනවා දැකලා සල්ලි වලට තියෙන ආසාව නිසා..විනාශය ලංකරගන්නවා....​
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,899
    4,338
    113
    හද්ද පරණ පොතක තිබ්බ ඔය වගේම කතාවක් හිටිහාමි කියල චරිතයක් එක්ක.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305

    බණ පොතකින්ද ගත්තෙ?