වක්කඩ ලඟ දිය වැටෙන තාලයට meaning?

isuru9

Active member
  • Dec 5, 2008
    660
    106
    43
    වක්කඩ ලඟ දිය වැටෙන තාලයට meaning?

    මචන් දන්න කෙනෙක් මේ සින්දුවෙ තේරුම කියන්න පුලුවන්ද? :yes:
     
    Last edited:

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    :rolleyes::rolleyes::rolleyes:
    තෝව තියන්ඩ වටින්නෑනෙ යකෝ.. පද රචනය මහගමසේකර.. ගායනා කරන්නෙ අමරදේව මාස්ටර්..:dull:

    :yes::yes::yes:

    එළකිරි එකේ මේ සින්දුව ගැන ත්‍රෙඩ් ඇති එත් මට සර්ච් කරාට හම්බවුනේ නෑ... :(:(
     
    Last edited:

    waligamaya

    Well-known member
  • :rolleyes::rolleyes::rolleyes:
    තෝව තියන්ඩ වටින්නෑනෙ යකෝ.. පද රචනය මහගමසේකර.. ගායනා කරන්නෙ අමරදේව මාස්ටර්..:dull:

    වක්කඩ ලග දිය සුලියේ තිත්ත පැටව් කලබලයෙ කියන එකද? එක රැන ගිරව්නෙ බන්, මට මිටර් වෙන්නේ නැනේ:sorry::sorry::sorry::sorry:
     

    waligamaya

    Well-known member
  • දැන්නේ සින්දුව මිටර් උනේ , මට හිතෙන්නේ මෙකේ කියන්නෙ පැවිල්ලකින් පස්සේ වහින වැස්ස, කලු කියන්නේ වැහි වලකුලු වලට, හිනා වෙයන් කලු කියන්නේ වැහි වලකුලට කියනව වහින්න කියලා,
     

    heshanhiru

    Active member
  • Nov 6, 2008
    464
    90
    28
    'වක්කඩ' කියන වචනයත් එක්කම අපට ගැමි පරිසරයක් මවා ගැනීමට අපහසු වෙන්නේ නෑ. මේ වක්කඩ කියනදේ කුඹුරකට අත්යාවශ්ය දෙයක්. කුඹුරකට ජලය හැම විටම ලැබෙන්නේ නෑ. මේ නිසා ඇලකින්, දොලකින්, ඔයකින්, ගඟකින් හෝ වෙනයම් ප්‍රභවයකින් මේ ලැබෙන ජලය මනා ලෙස කලමණාකරණය කරගත යුතුයි. ඒ සඳහා ඉහල දායකත්වයක් සපයන තැනක් ලෙසට 'වක්කඩ' හඳුන්වාදෙන්නට පුලුවන්. වතුර හොඳින් බැස යාමට, ලියැදිවල් පිරුණු වැඩි වතුර පිටාර යැවීමට වක්කඩ උපකාරීවේ. කුඹුරක වක්කඩවල් කිහිපයක් හමුවේ. 'දිය වක්කඩ, ඉස්නං වක්කඩ සහ පා වක්කඩ' ඉන් කිහිපයකි.

    ඉතින් මේ වක්කඩක් ලඟ ගමේ කුඩා ළමුන් එකතුවෙන්නේ එහි කුඩා මසුන් ගැවසෙන නිසාවෙන්මයි. බොහෝවිට 'තිත්ත පැටව්' මේ වක්කඩෙහි රැඟුම් දක්වනා අයුරු දැකගැනීමට පුලුවන්.

    වැස්ස සමහර වෙලාවට අපට කරදර ගෙන දුන්නද ගැමි පරිසරයකට වැස්ස කියන්නේ ආශීර්වාදයක්. ඇත්තටම නම් මේක වැඩි වශයෙන් සත්යය වන්නේ වියලි කලාපයට සහ ශුෂ්ක කලාපයන්ට. ඉතින් මේ වැස්ස කියනදේ ඔබ හොඳහැටි නිරීක්ෂණය කර තිබෙනවානම් ඔබ විඳලා ඇති වැස්සට කලියෙන් අහසේ විදුලි කොටනවා. මේක හරිම චමත්කාරජනක දර්ශනයක්. මොකද මුලු පරිසරයම අඳුරුයි. වැහි වළාවන්ගෙන් වෙලිලා. ඒ අඳුරත් එක්කම ක්ෂණයෙන් පරිසරයට ආලෝකයක් නුකුත් වෙනවා. ඊට පසුව පොඩි ගෙරවිල්ලකුත් නො එනවා නොවෙයි.

    මහගමසේකරයන් මේ ගීතයේ මුල් පද පේලි තුරාවට ගැමි පරිසරයක සුන්දරත්වය අප මනසේ ජනිත කරවනවා. නමුත් ඊලඟ පද වලදී කාන්තාවක් චිත්ත රූපයට ඔබ්බවන්නට ඔහු සමත් වෙනවා.

    'කිව්වට වස් නැත නිල් නිල් පාටින්
    කටරොළු මල් වැට වට කෙරුවා
    තුන් දවසක් අමනාපෙන් සිටි කලු
    නෝක්කාඩු බැල්මෙන් බැලුවා'

    මෙතැනදී කටරොළු මල් වැට වට කරමින් පිපී තිබීම අඟවන්නේ සුන්දර දෙයක්. ඒ එක්කම 'තුන් දවසක් අමනාපෙන් සිටි' යන යෙදුම සමග අප නොයෙක් ආකාරයට සිතන්නට පොලඹවනවා. මතුපිටින් බැලූවිට නම් පෙනී යන්නේ මේ යුවතිය ඔහු සමග අමනාප වී හිඳ තිබෙනවා කිසියම් දෙයකට. නමුත් මේ 'නෝක්කාඩු බැල්ම' නිසාවෙන් අපට සිතන්නට වෙනවා ඇය ටිකක් ගනන් උස්සන තැනැත්තියක් විලසට. හැබැයි ඇය ඔහුට ආදරෙයි, ඒ බව මෙයින් ඔප්පු වෙනවා. ඊලඟ පද පේලි වලින් ඔහු ඇයගේ ආදරය සහ අවධානය ලබා ගැනීමට ආයාචනා කරන අයුරක් දිස්වෙනවා.

    'හිනාවෙයන් කලු හිනාවෙයන්'

    නමුත් මෙහි ඊට වඩා ඇතුලාන්තයක් දකින්නට පිලිවන්. මහගමසේකරයන් ආවාට ගියාට වචන යොදාගන්නෙක් නොවන් බව ඔහුගේ නිර්මාණ කියැවූ ඕනෑම අයෙකුට තේරුම් යාවි. මේ නිසාවෙන්ම මේ ගීතයේ 'තුන් දවසක් අමනාපෙන් සිටි කලු' කියන යෙදුම ගැන සලකා බැලීම වටිනවා. කාන්තාව සහ තුන් දවස යන පද අතර යම් ගැලපීමක් තිබෙනවා.

    'කිලි' කියනාදේ ඔබ අසා තිබෙන්නට පුලුවන්. අපි මළගෙදරක ගිහිල්ලා ආ විගසම නාලා පිරිසිදුවෙන්නේ මේ 'කිලි' නිසා. අපේ ජන වහරේ තිබෙනවා 'කිල්ලට අහුවෙලා' කියන යෙදුම්. ඉතින් මේ කිලි කියන්නේ අපිරිසිදු බව. නමුත් එය අප දන්න අපිරිසිදු බවෙන් වෙනස්. කාන්තාව සම්බන්දයෙනුත් මේ 'කිලි' කියනා වචනය භාවිතා වෙනවා. ගැහැණු ළමයෙක් මල්වර වීමෙන් පසු ආර්ථවීයව හට ගන්නා ඔසප්වීම නිසා 'කිල්ලක්' ඇතිවෙනවා කියා පිලිගැනෙනවා. මෙම කිල්ල දවස් තුනක් පවතින අතර අවසානයේදී ස්නානය කිරීම මගින් නැතිවී යන බවත් පිලිගැනෙනවා.

    ඉතින් මේ ගීතයේ එන'දවස් තුනක් අමනාපයෙන් සිටීම' මේ හා අපූරුවට බැඳෙනවා. ඊට පසු නෝක්කාඩුවෙන් බලන්නේ ඇයි? සමහර විට ලැජ්ජාවට වෙන්නට පිලිවන්. නෝක්කාඩුව යන වචනයේ ආදරය කියනා දේ ගැබ්වෙලා තිබෙනවා. මෙය හුදෙක් ගැහැණුන් සමග යාවන්නක්.

    'ගල මතුපිට මල පිපෙන්න
    මල වට බඹරිඳූ නටන්න
    වැහි වැහැලා ගඟ පිරෙන්න
    ගඟ උතුරා හිත පිරෙන්න'

    මේ පද පේලි ගැයෙන්නේ මෙතෙක් ගීතයේ ආ තාලය වෙනස් කරමින්. අපි අපේ භාෂාවෙන් කියනවානම් මෙතැනදී පොඩි ගැම්මක් දීල තියෙනවා. සංගීතයත් ඊට අනුරූපීව වෙනස් වෙනවා පමනක් නොව ජීවයක්ද ඇති කරනවා. මෙතැනදී අපට සිතන්නට පිලිවන් මේ දෙදෙනා යම්කිසි ලිංගිල තෘප්තියක් ලබන්නට සැරසෙනවාදැයි කියා. ඒ කොහොම වුනත් මේ සිදුවීම් සොබාදහම සමග ගලපන්නට සේකරයන්ට ඇත්තේ පුදුමාකාර හැකියාවක්.

    'ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
    හිනාවෙයන් කලු හිනාවෙයන්
    වෙලා මගේ හිත හිනාවකින් තව
    හිනාවෙයන් කලු හිනාවෙයන්.....'

    මේ අවසාන පද පේලි වලිනුත් අපට පෙනී යනවා මේ තරුණිය තරමක මාන්නයෙන් යුත් එකියක් බව. නැත්නම් ඉතින් හිනාවෙයන් හිනාවෙයන් කියලා කියන්න ඕනේ නැහැනේ. මෙතැනදී මම මාන්නය කියන වචනය භාවිතා කලාට බොහෝ දෙනෙක් එය වරදවා වටහාගනී කියලා හිතනවා. මෙය ගැහැණියක් සතු සුන්දර ක්‍රියාවන් අතරෙන් එකක්. ආදරයක් ඔහේ ගලාගෙන යනවාට වඩා මේ ආකාරයෙන් ගනන් ඉස්සීම් අනෙක් පැත්තෙන් ආයාචනා කිරීම වාගේ තිබෙනා විට එහි තිබෙන සුන්දරත්වය ඉහල යන බව තමයි මගේ අදහස.
     
    • Like
    Reactions: DangerMan119

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    වක්කඩ ලග *තේ ගගහා ගලක් කපන සීන් එකක් බන්
    ගල මතුපිට මල පිපෙන්න. මල වට බබරිදු නටන්න වැහි වැහැලා ගම පිරෙන්න ගල පුපුරා උඩට එන්න
    :dull:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගැනිට ඩෙට් වෙලා ජින්ගි ජින්ගි දාන්න බැරුව හිටපු මිනිහෙක් ඩෙට් ඉවර උනහම සන්තෝසේ ඊය වහා ගිහින් කියන සින්දුවක් :dull::dull::dull: