වක්‍ර බදු පැනවීමෙන් බඩු මිල ඉහළට

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    වක්‍ර බදු පැනවීමෙන් බඩු මිල ඉහළට

    වක්‍ර බදු පැනවීමෙන් බඩු මිල ඉහළට


    tax.jpg
    උත්සව සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල තවදුරටත් අඩු කිරීමට ක්‍රියා කරන බව වෙළෙඳ සහ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසා තිබේ. එසේම ඉදිරි සතිය ඇතුළත සහල් තොග වෙළෙඳුන් සහල් මිල අඩු කිරීමට පියවර නොගතහොත් සහල් සඳහා පාලන මිලක් පැනවීමට කටයුතු කරන බවටද රජයේ පැත්තෙන් ප්‍රකාශ වී තිබේ. මේ ප්‍රකාශ දෙකෙන්ම අදහස් වන්නේ ආර්ථිකයේ භාණ්ඩ හා සේවා මිල මට්ටම් ඉහළයාම ජනතාවට දරා ගැනීමට නොහැකි තරමට වැඩි වී ඇති බව ආණ්ඩුව පිළිගෙන ඇති බවකි.

    ආර්ථිකයේ මිල මට්ටම් ඉහළ යාම කෙරේ ආණ්ඩුවේ වක්‍ර බදු පැනවීම් හේතු කාරක වී ඇති බව මෙරට ආර්ථික විශේෂඥයෝද පෙන්නා දෙති. එසේම මහ බැංකු අධිපතිවරයාද ඉකුත් දා ප්‍රකාශ කොට සිටියේ වැට් බදු අනුපාතිකය සියයට 11 සිට 15 දක්වා වැඩි කිරීම ආර්ථිකයේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමට බලපෑම්කොට ඇති බවය.

    ළඟ එන උත්සව සමයේ භාණ්ඩ හා සේවා සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවෙයි. එම ඉල්ලුමට වඩා අද දවසේ වැදගත් වනුයේ එදිනෙදා ජනජීවිතය සඳහා අත්‍යවශ්‍ය වන ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළයාමේ ගැටලුවට විසඳුම් ඉදිරිපත් කිරීමය. ‍පොල් ගෙඩියක මිල රුපියල් 85ත් 100ත් අතර මිලකට නැග ඇත්තේ ‍පොල් සැපයුම පහළ වැටී ඇති නිසාය. නමුත් මෙහිදී ‍පොල් ආනයනයකොට බෙදාහැරීමක් පිළිබඳව අපට කතා කළ නොහැකිය. මක්නිසාදයත් ‍පොල් අපගේ ප්‍රධාන අපනයන භෝගයක් වන නිසාය. ඉදිරියේදී ‍පොල් අස්වනු යථා තත්ත්වයට පත්වූ පසු ‍පොල් මිල කිසියම් ස්ථාවර මට්ටමකට පත්වේය යන්න බලා‍පොරොත්තු තබාගත හැකිය.

    විකල්ප අවස්ථා කෙසේවෙතත් ජනතාවගේ ජීවන වියදම අඩු කිරීම සඳහා වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන්ගේ මිල පාලනය කිරීම තුළින් ජනතාවට සහන ලබාදිය හැකිය. උදාහරණ ලෙස සහල්, සීනි, කව්පි, මුංඇට, තේකොල, හාල්මැස්සන්, කරවල, මාළු ආදියෙහි මිල ගණන් අඩුවට ලබාදීමට පියවර ගැනීම තුළින් ජනතාවට සහනයක් ලබාදිය හැකිය. සතොස මගින් සහල් සාපේක්ෂව අඩු මිලකට ලබාගැනීමට හැකි පසුබිමක් නිර්මාණයකොට තිබුණද නගරයෙන් ඈත ගම්බද ප්‍රදේශවල ජීවත්වන ජනතාවට සතොස එතරම් සමීප නැත. තවත් සතොස ශාඛා ගණනාවක් විවෘත කරන බව පැවැසුවද එය කවදාදැයි නිශ්චිත නොමැත. විශේෂයෙන්ම සහල් මිල ඉහළ යාම තුන් වේලටම බත් කෑමට පුරුදු වී සිටින ජනතාවගේ පසුම්බියට නම් තදින්ම දැනී තිබෙන සෙයක් පෙනී යයි. ජනාධිපතිවරයාද සහල් මිල අර්බුදයට සෘජුවම මැදිහත් වී ඇත්තේ එම මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමකින් ඉහළ නැග ඇති නිසාය.

    ඇත්ත වශයෙන්ම අද වන විට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අතුරින් මිල ඉහළ ගොස් ඇත්තේ සහල්වල පමණක් නොවේය. මාළු ග්‍රෑම් 500ක මිල රුපියල් 600කි. රුපියල් 80ට තිබූ සහල් පිටි (ඉඳිආප්ප පිටි) කිලෝවක් දැන් රුපියල් 140කි. මේ නිසා රුපියල් 2ට 2.50ට තිබූ ඉඳිආප්පයක් රුපියල් 3ක් 4ක් බවට පත්වී තිබේ. රුපියල් 10ට තිබූ සුදු ආප්ප රුපියල් 12කි. කරවල, හාල්මැස්සන් ආදියෙහි මිල ඇසීමටවත් නොහැකි තරමට ඉහළ ගොස් තිබේ. කට්ටා කරවල ග්‍රෑම් 500ක මිල රුපියල් 600ත් 700ත් අතරය. හාල්මැස්සන් හා කීරමින්, සාලයා සතොස අලෙවිසල් මගින් පාරිභෝගිකයාට සහන මිලට ලබාදෙන බවට සඳහන් භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත්කොට තිබුණද සතොසේ කරවල මිල විවෘත වෙළෙඳ‍පොළේ මිලටත් වඩා ඉහළය.

    ජනතාවට වඩා වැදගත් වන්නේ වැටුපේ මූර්ත අගයයි. එනම් වැටුපට අනුකූලව මිලදී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි. මෙහිදී පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ හැකියාව හෙවත් ක්‍රය ශක්තිය පිළිබඳවද අද දේශපාලන වේදිකාවේ, කඩ‍පොළේ, බස් රථයේ, දුම්රියේ හා සේවා ස්ථානයේද කතා බහට ලක්වේ.

    “මිනිසුන් බඩු මිලදී ගන්නේ අඩුවෙන්” ඒ වෙළෙඳුන්ගේ පැත්තෙන් නැගෙන හඬයි. “මිනිසුන්ගේ අතේ සල්ලි නෑ” ඔවුහු ඊට හේතුද ඉදිරිපත් කරති.
    ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් ඉහළ දැමුවේය. එමගින් ලක්ෂ 13 කගේ පමණ පිරිසකගේ ආදායම් ඉහළ ගියේය. එසේ නම් ආර්ථිකයේ භාණ්ඩ හා සේවා ඉල්ලුම පහත වැටී ඇත්තේ යැයි පැවසෙන්නේ මන්ද?
    කෝටි 2ක පමණ ජනගහනයක් සිටින රටක ලක්ෂ 13ක් යනු විශාල ප්‍රතිශතයක් නොවේ. එක්කෝටි හැත්තෑපන් ලක්ෂයක පමණ ආදායම් වැඩි වූයේ නැත. නමුත් ඔවුන්ගේ කරමත, බදු හා සේවා ගාස්තු ඉහළ යාමේ බර පැටවිණි. වැට් බද්ධ සියයට 11 සිට 15 දක්වා සියයට 4කින් වැඩිවූයේය. දුරකථන, අන්තර්ජාල පහසුකම් ඇතුළු සියලු සන්නිවේදන ගාස්තු ඉහළ ගියේ පාරිභෝගිකයාගේ පසුම්බියට දැනෙන පරිදිය. ජල බිල්පත්, ප්‍රවාහන වියදම් විශේෂඥ වෛද්‍ය චැනලින් ගාස්තු ආදිය ඉහළ ගියේ ඉහළ ප්‍රතිශතයකිනි. උදාහරණයක් ලෙස රුපියල් 1000 ට 1200 ට තිබූ වෛද්‍ය චැනලින් ගාස්තුව මේ වන විට රුපියල් 1500 ත් 2500ත් දක්වා ඉහළ නැග තිබේ. මේවා ජනතාවට පැහැර හැරිය නොහැකි වියදම්ය. ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් මෙවැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වෙන් කළ විට ඔහු අත ඉතිරි වන මුදල සාපේක්ෂව අඩුය.

    වැඩ වර්ජන හා උද්ඝෝෂණ ආර්ථිකයේ භාණ්ඩ හා සේවා මිල මට්ටම් ඉහළයාමේ බරට අමතරව විවිධ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් හා ඇතැම් දේශපාලන කණ්ඩායම් හා ක්‍රියාකාරීන්ගේ වැඩ වර්ජන හා උද්ඝෝෂණවල පීඩනයද දරාගැනීමට සිදුවී ඇත්තේ සාමාන්‍ය ජනතාවටය. ඉකුත් සතියේ දුම්රිය රියැදුරන් හා නියාමකයින් විසින් හිටි ගමන් වැඩ වර්ජනයක් දියත් කරනු ලැබිය. උදේ දුම්රියෙන් සේවා ස්ථානවලට ගිය රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් සවස නිවෙස් බලා යාමට දුම්රිය ස්ථානයට පැමිණි විට ඔවුන්ට මුහුණදීමට සිදුවන්නේ කිසිසේත්ම බලා‍පොරොත්තු නොවූ අකරතැබ්බයකටය. දුම්රිය රියැදුරන් වැඩ වර්ජනයකය. දුම්රිය ධාවනය වන්නේ නැත. මේ වූ කලී ලෝකයේ කිසිදු රටක වෘත්තීය සමිතියක් විසින් අනුගමනය කරනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ගයක් නොවන බව ඉඳුරාම පැහැදිලිය. ඕනෑම රටක වෘත්තීය සමිතියක් වැඩ වර්ජනය කරනු ලබන්නේ පූර්ව දැනුම් දීමකින් අනතුරුවය.
    දුම්රිය ස්ථානයේ අසරණ වූ මගී ජනයා දුම්රිය පරිපාලනයට එරෙහිව උස් හ¾ඩින් කතා කිරීම හෝ විරෝධය පෑම සාධාරණ නොවේයැයි පැවැසිය නොහැකිය. මක්නිසාදයත් බොහෝ දුරබැහැර ප්‍රදේශවල සිට සේවා ස්ථානවලට පැමිණෙන ජනතාව දුම්රිය ගමනාන්තයෙන් අනතුරුව තවත් ‍පොදු ප්‍රවාහන සේවාවක (බස් රථයක) පිහිට පැතීමට සිදුවන අවස්ථා බහුලය. දුම්රිය හිටිගමන් වර්ජනය කළ විට මහ මග අතරමංවන ජනතාවගේ සුරක්ෂිතතාව පිළිබඳව වගකීම බාරගනු ලබන්නේ කවුරුන් විසින්ද?

    වැඩ වර්ජනයෙන් මෙරට ජනතාව මතු නොව සංචාරක කටයුතු සඳහා මෙරටට පැමිණ දුම්රියෙන් ගමන් බිමන් යොදාගෙන සිටි විදේශකයෝද දැඩි අසීරුතාවයකට පත්වූහ. මෙසේ හිටිගමන් ප්‍රවාහන පද්ධතිය බිඳ වැටෙන රටක ආයෝජනය කිරීමට සංචාරය කිරීමට විදේශ ආයෝජකයන් සංචාරකයන් පැමිණේද යන්න සිතා බැලිය යුතුය.

    අනෙක් පැත්තෙන් උද්ඝෝෂණ, පෙළපාළි උපවාස හා සත්‍යග්‍රහ නොමැති දිනයක් සොයා ගැනීමට අසීරුය. උද්ඝෝෂණ හා පෙළපාළි විසුරුවා හැරීමට යොදාගනු ලබන කඳුළු ගෑස් හා ජල ප්‍රහාරවලින් පීඩාවට පත්වන්නෝ අතර උද්ඝෝෂකයෝ මතුනොව සාමාන්‍ය ජනතාවද වෙති. බොහෝ දෙනෙක් සේවය නිමකොට නිවෙස් බලා යන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයෝය. බදු බරින් සහ භාණ්ඩ හා සේවා මිල මට්ටම් ඉහළයෑම් තුළින් පීඩනයට පත්වී සිටින ජනතාව හිතුවක්කාරි වැඩ වර්ජන හා උද්ඝෝෂණ පෙළපාළිවලින්ද පීඩාවට පත්වීමට සිදුවීම සැබැවින්ම අවාසනාවන්ත තත්ත්වයකි. මෙහි අවසන් ප්‍රතිඵලය කලකිරුණූ හා හෙම්බත්වුණු ශ්‍රම හමුදාවක් රටට ලැබිමය. ඔවුන්ගෙන් ඉහළ ඵලදායිතාවක් බලා‍පොරොත්තු වීම කොයිතරම් දුරට සාධාරණ වන්නේද?

    සාලිය ජනක කුමාර
     
    • Like
    Reactions: somalal

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රුපියල පාවෙන්න ඇරපු එකෙන් රුපියල වේගයෙන් බාල්දු වෙන්න ගත්ත....
    මහබැංකුව මහ දවල් කොල්ලකාපු එකෙන් විදෙස් ආයෝජජන 50% කට වැඩි ප්‍රමාණයකින් රට ඇරල ගියා...
    දුප්පත් මිනිස්සුන්ගේ කෘෂි අපනයන වලට අත්වෙලා තියෙන ඉරණම....
    ගම්මිරිස් 2014 දි 2000යි අද 400 යි...
    සාදික්කා 2014 2800 යි අද 450 යි...
    කරාඹු 2014 1500යි අද 400 යි....
    තේ පොහොර නෑ.... වී පොහොර නෑ..... සහතික මිල නෑ....
    මිනිස්සු සදා අනාතයි.......
    ඉතින් කොහෙන්ද බඩු ගන්න සල්ලි....
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    රුපියල පාවෙන්න ඇරපු එකෙන් රුපියල වේගයෙන් බාල්දු වෙන්න ගත්ත....
    මහබැංකුව මහ දවල් කොල්ලකාපු එකෙන් විදෙස් ආයෝජජන 50% කට වැඩි ප්‍රමාණයකින් රට ඇරල ගියා...
    දුප්පත් මිනිස්සුන්ගේ කෘෂි අපනයන වලට අත්වෙලා තියෙන ඉරණම....
    ගම්මිරිස් 2014 දි 2000යි අද 400 යි...
    සාදික්කා 2014 2800 යි අද 450 යි...
    කරාඹු 2014 1500යි අද 400 යි....
    තේ පොහොර නෑ.... වී පොහොර නෑ..... සහතික මිල නෑ....
    මිනිස්සු සදා අනාතයි.......
    ඉතින් කොහෙන්ද බඩු ගන්න සල්ලි....

    අඩේ ගම්මිරිස් එහෙම මිල බැහැලලුනේද?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අඩේ ගම්මිරිස් එහෙම මිල බැහැලලුනේද?

    :yes::yes::yes:
    ගම්මිරිස් ප්‍රති අපනයනය ගොඩක් බලපාල තියෙනවලු මිල අඩුවෙන්න... ඉන්දියන් බාල ගම්මිරිස් ගෙනැල්ල අපෙ කොලිටි ඒවත් එක්ක කලවම් කරල විකිණීම. ජාවාරම්කාරයන්ට හොද ලාබ...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,827
    113
    සේදවත්ත
    ගම්මිරිස් බැස්සේ වියට්නාම් කාරයෝ ඇවිල්ලා මාකට් එක අල්ලපු නිසා . අපේ උන් පොල් ගහේ අවුරුදු 3ක් හ්දනකොට උන් මාස 5-6න් අඩි 5-5 දුර තියලා ගිනිසීරිය ගහේ බඩු වවන්න ගත්තා මාකට් ලීඩර් උනා ගාන බෑස්සුවා බඩු වැදිපුර මාකට් එකට දැම්මා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    රනිල්ගේ ආර්ථික කළමනාකරණයේ අතිවිශිෂ්ට දක්ෂතාවය නිසා තමයි මේ ජයග්‍රහණ අත් කර ගත්තේ :cool::P
     

    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    ගම්මිරිස් බැස්සේ වියට්නාම් කාරයෝ ඇවිල්ලා මාකට් එක අල්ලපු නිසා . අපේ උන් පොල් ගහේ අවුරුදු 3ක් හ්දනකොට උන් මාස 5-6න් අඩි 5-5 දුර තියලා ගිනිසීරිය ගහේ බඩු වවන්න ගත්තා මාකට් ලීඩර් උනා ගාන බෑස්සුවා බඩු වැදිපුර මාකට් එකට දැම්මා

    masa pahen hayen gambiris wawana kramaya kiyala diyanka. any reference?
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ගම්මිරිස් බැස්සේ වියට්නාම් කාරයෝ ඇවිල්ලා මාකට් එක අල්ලපු නිසා . අපේ උන් පොල් ගහේ අවුරුදු 3ක් හ්දනකොට උන් මාස 5-6න් අඩි 5-5 දුර තියලා ගිනිසීරිය ගහේ බඩු වවන්න ගත්තා මාකට් ලීඩර් උනා ගාන බෑස්සුවා බඩු වැදිපුර මාකට් එකට දැම්මා


    Meheth ginisiliya waltane BN gammiris hadanne...
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,326
    2,389
    113
    Me thiyana widihata mahinda awath goda ganna kalayak yanwa. Mun Chinee epa kiyala americawata puka denna giya. America wen ayojanath naa adaarath naa dan china adarath naaa. Sada soththi wela tiynne.
    Waraya wikunuwa eken tika kalayk innawa. thel tanki vikunanwa, Maththala vikunawa Sampath okkama vikunala jame bera ganna hadanne. Munge anduwata kela una dawasta wena ekaktawath rata goda ganna bari wenna vinasa karala yanne,
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගම්මිරිස් බැස්සේ වියට්නාම් කාරයෝ ඇවිල්ලා මාකට් එක අල්ලපු නිසා . අපේ උන් පොල් ගහේ අවුරුදු 3ක් හ්දනකොට උන් මාස 5-6න් අඩි 5-5 දුර තියලා ගිනිසීරිය ගහේ බඩු වවන්න ගත්තා මාකට් ලීඩර් උනා ගාන බෑස්සුවා බඩු වැදිපුර මාකට් එකට දැම්මා

    ඒකත් එක හේතුවක් වෙන්න ඇති..... එක වෙළදපලක් නැති උනොත් මිලක් තියෙන වෙන වෙළදපලක් අල්ලල දෙන්න තමයි මේවට ඇමතිවරු එහෙම පත් කරන්නේ අමාත්‍යංශෙකුත් හදල දීල.... එවායෙන් වෙන්න තියෙන වැඩ කොටස හරි විදියට වෙනව නම් මෙහෙම වෙන්නේ නැ..