වකුගඩුවල සහ මුත්‍රාශයේ ගල් ඇතිවීම
නවීන සමාජයෙ කාර්යය බහුල ජීවන රටාවකට හැඩ ගැසී ඇති බොහෝ දෙනෙකු තුළ මෙම රෝග තත්ත්වය බොහෝ විට දක්නට ලැබේ. තෙල් සහිත මස් මාංශ ආහාරයට ගැනීම (ඩෙවල්, බාබකියු), වතුර අඩුවෙන් පානය කිරීම ජලය වෙනුවට පැණි බීම වර්ග පානය මෙම රෝග තත්ත්වය ඇතිවීමට හේතුවෙයි.
වකුගඩු වල කුඩාවට සෑදෙන ගල් මුත්‍ර වල ඇති කැල්සියම්, පොස්පරස්, යූරීක් අම්ලය වැනි සංඝටක තැන්පත්වීමෙන් ක්‍රමක්‍රමයෙන් විශාලත්වයට පත්වේ. මෙම අවස්ථාවේදී රෝගීන්ට තද වේදනාවක් සහ වකුගඩු වල ක්‍රියාකාරීත්වයට සැලකිල යුතු බලපෑමක් ඇති නොවේ.
නමුත් මෙම ගල් වකුගඩුවේ සිට මුත්‍රා පිටකරන වාහිණියට වැටී එය අවහිර කිරීමෙන්, එම වාහිණිය තුළ මුත්‍රා එකතු වීමෙන් ඉතා දැඩි වේදනාවක් ඇතිවේ. කොන්දේ ඉහළ කොටසේ අදාළ වකුගඩුව පැත්තේ ඇතිවන වේදනාව ක්‍රමයෙන් පහළට විත් යටිබඩ ප්‍රදේශයට පැමිණේ.
රෝගීන්ට මෙම වේදනාව දරා ගත නොහැකි නිසා සමහරු බිම පෙරලීම , ඉදිරියට වකුටුවීම පවා සිදු කරයි. බොහෝ රෝගීන් රෝහලට පැමිණෙන්නේ දැඩි වේදනාව ඉවසා ගත නොහැකි නිසයි. සමහර අවස්ථා වලදී මුත්‍රා පිටවීමක් සිදු නොවන අතර තවත් අවස්ථාවකදී ලේ පාටට මුත්‍රා පිටවීමක් සිදු විය හැකිය. මෙවැනි රෝගීන්ට මුලින් ම වේදනා නාශක ඖෂධ හෝ එන්නත් ලබාදෙයි. පසුව මුත්‍රා පරීක්ෂාවක්, එක්ස් කිරණ පරීක්ෂාවක් සහ ස්කෑන් පරීක්ෂාවක් සිදුකරමින් ගල් ඇති ස්ථාන සහ ඒවායේ ප්‍රමාණයන් නිගමනය කරනු ලැබේ.
බොහෝ ගල් මුත්‍ර වාහිණිය මුත්රාශයට විවෘත වන ස්ථානයේ හිරවේ. එම ස්ථානය පටු වීම එයට හේතුවයි. මිලිමීටර් පහකට අඩු විශ්කම්භයක් ඇති ගල් හොඳින් වතුර බීම මගින් පහළට තල්ලු කර ගත හැකියි. මේ සඳහා සති දෙකක පමණ කාලයක් ගත වේ. මෙවැනි රෝගීන්ට වේදනා නාශක ඖෂධ ලබාදී රෝහලෙන් පිටකර නැවත නැවත එක්ස්රේ පරීක්ෂණ මගින් රෝගියාගේ තත්ත්වය නිරීක්ෂණය කරනු ලැබේ. නමුත් මිලිමීටර් 5 කට වඩා වැඩි විශ්කම්භයෙන් යුතු ගල් මෙසේ පිටනොවන අතර ශල්‍යකර්මයක් මගින් ඉවත් කළ යුතුය. ගල් ඉවත් කිරීම අනවශ්‍ය ලෙස ප්‍රමාද කළහොත් වකුගඩු මුත්‍රාවලින් පිරී(HYDRONEPHROSIS) එහි ක්‍රියාකාරීත්වයට හානි සිදුවිය හැකියි.
ගල් ඉවත් කිරීමට ආමාශය හරහා සහ මුත්‍රාශය හරහා කළ හැකි විවිධ ශල්‍යකර්ම තිබේ. වකුගඩු වල ඇති ගල් ඉතා විශාල නම්, මුත්‍රා සමග රුධිරය පිට වේ නම්, වකුගඩුවල ක්‍රියාකාරීත්වයට හානිකර නම්, ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීම හෝ ගල් කුඩු කර ගැනීම කළ හැකිය. ඇතැම් අවස්ථා වල මුත්රාශයට වැටෙන මෙම ගල් ඒ තුළ දිගු කාලයක් තිබීමෙන් විශාලත්වයට පත්වේ. පසුව මුත්‍රා කරන අවස්ථා වලදී වරින් වර මුත්‍රා කිරීම අවහිර කරන අතර නිතර නිතර මුත්‍රා පැසවීමෙන් (URINE INFECTION) තත්ත්වය ඇති වේ. මෙවැනි අවස්ථාවලදී ශල්‍යකර්මයක් මගින් ගල් ඉවත් කළ යුතුය. ඔබ වඩාත් සැලකිලිමත් විය යුත්තේ ගල් ඇතිදැයි දැනගැනීම නොව ගල් නොසෑදෙන ආකාරයට ඔබේ ජීවන රටාව හැඩගස්වා ගැනීමයි.
අවශ්‍ය ප්‍රමාණයට පමණක් මස් මාංශ ආහාර වේල සඳහා එකතු කර ගැනීම බැඳුම් සහ බාබකියු කරන ලද මස් නිතර නිතර ආහාරයට නොගැනීම , දිනපතා වතුර ලීටර් 1 1/2 ක් පමණ පානය කිරීම, අවශ්‍ය වේලාවට හිරකරගෙන නොසිට මුත්‍රා පිට කිරීම මෙම රෝග තත්ත්වයෙන් මිදීමට උපකාර වේ. විශේෂයෙන් රැකියා කරන තරුණ කාන්තාවන් වැසිකිළි යාමට ඇති අපහසුතාවය නිසා ජලය අවම ලෙස පානය කරයි. මෙය ඉතා හානිකර තත්ත්වයකි. එම නිසා ඔබ නිරෝගී ජීවිතයක් සඳහා මෙම උපදෙස් අනුගමනය කර වකුගඩු සහ මුත්‍ර මාර්ගය ආරක්ෂා කර ගැනීමට වගබලා ගන්න.
ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය
එන්.එස්.ඒ. සේනාරත්න
විකලාංග අංශය - ජාතික රෝහල