වකුගඩුවෙන් අනුරට අනින්න ගිය 'රජරට පැනි සුමනේ' යළි ඇනගනී..!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    50,992
    50,853
    113
    අපේ කථානායක මහාචාර්ය (?) චන්න ජයසුමන, එහෙම නැත්නම් හැමෝම දන්න විදියට 'පැනි සුමනේ' අද හදිසියේ මාධ්‍ය ඉස්සරහට ආවා. එහෙම ඇවිත් මොකක්ද කිව්වේ.? පසු ගිය දා ජාතික ජනබලවේගයේ ගොවි සමුළුවක් හිඟුරක්ගොඩදි පැවැත්වූවා. එතනදි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා මෙවන් කතාවක්. "රජරට වකුගඩු රෝගයට නිශ්චිත හේතුවක් තවම සොයාගෙන නැහැ. නමුත් විශේෂයෙන් උතුරු මැද පළාතේ ගොවි ජනතාව මේක ට දිගින් දිගටම ගොදුරු වෙනවා. අපේ රජයක් යටතේ මේ රෝගයට නිශ්චිත හේතු සොයාගන්න ඕන වැඩ පිළිවෙලක් සකසනවා, සහ එම හේතු කාරක වලට පිළියම් යොදනවා". වචන එහේ මෙහේ උනත් මේක තමයි ඔහු පවසපු අදහස.

    අද පැනි සුමනේ මයික් ඉස්සරහට ඇවිත් මොකක්ද කියන්නේ. 'අනුර සෙනග දැක්කම චූන් උනා. ඒක නිසා බොරුවක් කිව්වා. වකුගඩු රෝගයට නිශ්චිත හේතු අපි සොයාගෙන තියෙනවා. ඒ යම් හඳුනාගත් කෘෂි රසායන කිහිපයක් සහ විජලනය. දැන් අපි ඒවට පිළියම් යොදලා තියෙනවා. ඒක නිසා රජරට වකුගඩු රෝගය දැන් අඩු වෙමින් යනවා.'

    පැනි සුමනේ කියන්නේ ඇත්තද?​

    අපි මේක එකින් එක බලමු. හඳුනා නොගත් වකුගඩු රෝගයට හේතුව සොයාගෙන තියෙනවද?

    විද්‍යාව ගැන දන්න අය මේක බලන්න. පැනි සුමනේගේ 2022 පළවූ ආටිකල් එකක් තියෙනවා. ඒකේ මාතෘකාව "Gene Expression in Kidney Tissue From CKDu Patients in Central America and Sri Lanka SA-PO1012". පාඨක ඔබගේ දැන ගැනීම සඳහා මේක පොඩ්ඩක් ලිහන්නම්. ක්‍රෝනික් කිඩ්නි ඩිසීස් (Chronic Kidney Disease-CKD), එහෙම නැත්නම් නිදන්ගත වකුගඩු රෝගය කියන එක අගට "u - CKDu" අකුරක් දාන්නේ ඇයි? ඒ unknown එහෙම නැත්නම් හඳුනා නොගත් කියන එකට. පැනි සුමනේ හේතුව හඳුනාගෙන තියෙනවා නම්, ඇයි විද්‍යාත්මක ප්‍රතිකාවට CKDu කියලා දාලා, මයික් ඉස්සරහා මේ වගේ ටෝක් දෙන්නේ.

    දෙවැනි කාරණය ඔහු කියන විදියට රජරට වකුගඩු රොගීන් ගණන අඩු වෙමින් යනවද? මට නම් එහෙම දත්තයක් හමු උනේ නෑ. පැය ගණනක් අන්තර්ජාලය පීරලා සොයා ගත්ත දත්ත වලට අනුව මේ අගය 2019 - 40,000 ක්, 2020 - 42,000 ක්, 2021 - 45,000 ක්, 2022 - 47,000 ක් සහ 2023 - 50,000 ක් ලෙස සඳහන් වෙනවා. පැනි සුමනේ අඩු වෙනවා කියන්නේ ඔළුවෙන් හිටගෙන 2023 ඉඳලා 2019 වෙනකම් අදාල වගුව කියවන් ගිහින්දැයි මට සිතෙනවා.

    පැනි සුමනේගේ වකුගඩු පරිනාමය..​

    පැනි සුමනෙගෙ මේ මතයත් කාලයත් එක්ක වෙනස් වෙනවා. ඒක සයන්ස් විදියට ගත්තොත් හරි. එන්න එන්න අධ්‍යනයන, පරීක්ෂන ක්‍රම දියුනු වෙද්දි එහෙම වෙන්න පුළුවන්. ඒත් පැනි සුමනේ මේ හේතුව මාකට් කරන්නේ චන්ද සහ දේශපාලන අරමුනකින්. පූර්ව නිගමන ඔස්සේ.

    පැනි සුමනෙගෙ වකුගඩු වල පරිනාමය ආරම්භයේදී, ඔහු කියන්නේ මේ වකුගඩු රෝගයට හේතුව පොහොර භාවිතය කියලා. ඒකට ඔහු ඒකට කුකුල් පොහොර, ගොම පොහොර පවා ගාව ගෙන නාඩගමක් නටනවා. පස්සේ මේකට නාථ දෙවියෝ එනවා. නාථ දෙවියෝ කැළනියේ සරසවියෙ සෙට් එකක් හරහා පැනි සුමනෙට කියනවා මේකට හේතුව ආසනික් කියලා. පැනි සුමනේ ඕක කර තියන් යනවා. අඩුම ගණනේ මේ සාම්පල පරීක්ෂා කළ කැළනිය කැම්පස් එකේ උපකරනය (AAS) පවා ඒ වෙනකොට හරි පර්ෆෝමන්ස් එකක තිබ්බ එකක් නෙවෙයි. නමුත් මේක ඔහු මාකට් කලා.


    ඊට පස්සෙ පැනි සුමනෙට ආසනික් වලින් පීච්චන් වී ගෙන එද්දි මාරු වෙනවා "ග්ල්යිෆොසේට්" වලට. ඔය මාධ්‍ය සාකච්ඡාවේදි ඔහු නොකියා කියන්නේ ග්ලයිෆොසෙට් ගැන. ඕක ගැන ගොඩක් වොරි වෙන්න දෙයක් නෑ. තව වසරක් විතර යනකොට පැනි සුමනේ කියනවා ගල්යිෆොසේට් නෙවෙයි, මේකට හේතුව තව මොකක් හරි කියලා.

    පැනි සුමනේ හැර, ලංකාවේ උනත් මේ ගැන විවිධ මත දරන පර්යේෂණ කණ්ඩායම් ඉන්නවා. ඒ අතර ජල ප්‍රභව වලට එකතු වෙන ක්ෂුද්‍ර ජීවී විෂ, ජානමය හේතු, මී උණ සහ වෛරස් ආසාදන, ජලයේ තියෙන ෆ්ලුවොරයිඩ් විවිධ හේතු දක්වන පර්යේෂණ කණ්ඩායම් ඉන්නවා. සමහර විට මේ එක හේතුවක් හෝ ඒකාබද්ධ බලපෑමක් හෝ මේ එක හේතුවක්වත් නොවෙන්නත් පුළුවන්. ඒ ගැන සොයන්න ඕන. තනි පුද්ගල උත්සාහයන්, පර්යේෂණ වෙනුවට, ඒකාබද්ධව කරන බහු ප්‍රවේශීය අධ්‍යනයක් වෙන්න ඕන. ඒවා කරනකම් මේ අසරන වෙන පවුල් වලට අවශ්‍ය පහසුකම් ටික හදන්න ඕන. රුධිර කාන්දු කරන මොබයිල් යුනිට් එකක් හරි නම් ඒ මිනිස්සුන්ගේ ගෙදරට නියමිත දවසට යන වැඩක් හැදෙන්න ඕන.

    අනුර මඩ වදින සීමාව පහු කරලා​

    දැන් අනුර ඉන්නේ පැනි සුමනෙලාගේ මඩ වදින සීමාව පහු කරලා. ඒක ගැනවත් අවබෝධයක් මේ දේශපාලනය කරනවා කියන මැටි මෝලට නෑ. ඒක ගැන අමුතුවෙන් හිතන්න දේකුත් නැහැ. මොකද පැනි සුමනේ ආචාර්ය, මහාචාර්ය පදවි ගත්ත විදිය අපි හෙළි කළේ මීට වසර ගණනාවකට කලින්. අද වෙනකම් ඒවට මීක් නැතුව ඉන්නේ, ඒවට කියන්න දෙයක් නැති නිසා.

    ගිය සතියේ නුගේගොඩදි පැනි සුමනෙලාට අන්දපු සරම අම්පාරෙදි කඩපු 'රොටියා'​


    පසු ගිය සතියේ ඇන්ටිජන් ඩිලිට්ගේ නුගේගොඩ ස්ටේජ් එකට නැග්ග පැනි සුමනෙගෙ රෙද්ද අද අම්පාරෙදි බිමටම කඩලා දානවා ඒක අන්දපු දිලිත් විසින්ම. මේක පැනි සුමනෙට වගේම, විමල්ට සහ ගොම්මන්පිලටත් අදාලයි. අද දිලිත් කියනවා "ජාතිවාදයට ඉඩක් නෑ. ජාතිවාදීන් පරදන්න ඕන" කියලා. මේ කියන්නේ පැනි සුමනෙලාට තමයි. පසු ගිය ගෝඨාගේ චන්දෙදි, පැලෝපීය නාල කේස් එක ජනගත කරපු ප්‍රධාන චූදිතයෙක් තමයි පැනි සුමනේ. අද ඒ නාටකය තනිකරම බොරුවක් බවට සනාථ වෙලා.

    ජාතිවාදයෙන් අනාථ උන පැනි සුමනෙලා​

    ඇත්තටම පැනි සුමනලගේ, විමල්ලගේ දේශපාලනය අද අවසන් වෙමින් යනවා. මීට පෙර හැම වතාවකම ආණ්ඩුවක ඉඳලා, නැව ගිලෙන කොට එලියට පනින මේ මීයන්ට ගැලපෙන ස්ටේජ් එකක් හැදිලා තිබුනා. නමුත් අද එහෙම වින් කරන්න පුළුවන් කියලා හිතාගෙන නගින්න ස්ටේජ් එකක් නෑ. දිලිත්ගෙ එකේ නගින්නේ වෙන නගින්න තැනක් නැතිම නිසා, අඩුම ගානේ රූපවාහිනියේ මූනත් තහඩුව දා ගන්න ඉඩ හදා ගන්න. නැත්නම් සතියක් දෙකක් යනකොට මෙහෙම එකෙක් හිටියද කියලත් ජනතාවට අමතක වෙනවා. මේක හොඳටම බලන්න පුළුවන්, පරාජිතම මුහුණ තියෙන්නේ විමල්ට. අඩුම ගානේ පැනි සුමනෙට කැම්පස් එකට ගිහින් වකුගඩුවක් කපාගෙන ජීවිකාව රැක ගන්න පුළුවන්. ඒ උනාට ඉතින් තමන්ගේ යටි හිතට අවනත වෙන්න වෙන දවස, ඒකෙන් සෆර් කරන දවස පැනි සුමනෙලාට උනත් ඈතක් නෙවෙයි.

    -සතී පනාවැන්න​

     
    • Haha
    Reactions: chinmak