මිනිස්සුන්ට වහ කවන කිතුල් පැනි ප්‍රෝඪාව

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,889
    13,756
    113
    🤍
    මාසයක් තියාගන්න බෑ කලුවො ඔරිජිනල් ඒවා. ඒවත් සීනි දාපුවා තමයි උබ අහු වෙලා:lol:


    ඔච්චර දුර්ලභ වෙන්න ඕව කලු නික නෙමෙයි. තියෙනවා ගම් වල පොඩි ගෙවල් වල.
    ------ Post added on Sep 21, 2025 at 2:07 PM
    pissuda bng mn sini raha hodata dnnw

    sini dapuwath kala thynw ewa wathura wage iya
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,407
    19,573
    113
    Colombo
    මමත් ඔය කලින් ත්‍රෙඩ් එක දැක්ක. මගේ ගම දෙනියායෙ සහ අපේ තාත්තා ඉස්සර ඉඳන් කිතුල් පැනි සහ මී පැනි ගෙදර හැදුවා. මී පැනි කිතුල් පැනි අතර සම්භන්ධයක් නැහැ එහෙම කරාට.
    දැන් ගස් යන්න බැරි නිසා කිතුල් පැනි නං හදන්නෙ නැහැ ඒත් තාමත් මී පැනි හදනවා

    කලින් ත්‍රෙඩ් එකේ සහ මේකෙ කිතුල් පැණි කවුරුත් කියලා තිබුනු දේවල් ගැන මම දන්න දේවල් මෙහෙමයි.

    - කල් තියාගන්න එක ගැන. උණු කරාට පස්සෙ මාස 4-5ක් තියාගන්න එක ඒ තරං අවුලක් නැහැ. ඉස්සර මිනිස්සු අතර මතයක් තිබ්බා කිතුල් මල කපන අතර තුරේ පැනි විකුන්නොත් ගහෙන් තෙලිජ්ජ එන එක නවතිනවා කියලා ඒක නිසා ඉස්සර නං පැනි විකුන්නෙ කිතුල් මල කපලා ඉවර උනාට පස්සෙ හෝ මලේ අන්තිම ටික(මල් කඳ) කපද්දි. ඒ කාලෙ ඒ තරං කල් පැනි තියාගත්ත ප්‍රශ්නයක් නැතිව. අපි පොඩි කාලෙ පැනි එහෙම ලොකු බාස්කට් වල දාල ගෙදර තිබුනා.
    දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ හරියට උණු කරන්නෙ නැති එක. පැනි බිස්නස් එකක් විදියටම කරන නිසා ගොඩක් උණු කරන්නෙ නැහැ උණු කරද්දි පැනි අඩු වෙන නිසා. හැබැයි හොඳ පැණි මාසෙකට වඩා තියාගන්න පුලුවන් ෆ්‍රිජ් එකේ දාන්නෙ නැතිව. මම දැනටත් දෙනියායෙ ගියාම ගොඩක් වෙලාවට පැණි අරගෙන එනවා ෆ්‍රිජ් එකේ තියන්නෙ නැතිව මාසයක් දෙකක් තියාගන්න පුලුවන් අවුලක් නැතිව
    ඔය පෙන එන, උතුරන ඒවා, රා වෙන වගේ ගොඩක් ඒවට හේතු හරියට උණු කරන්නෙ නැති එක. ඒ වගේම ඔහොම පැනි උතුරන්නෙ නැති වෙන්න එක එක කෙම් ක්‍රම ගම් වල කරනවා ඒව කොයි තරම් සේෆ්ද කියන එක ශුවර් නැහැ. විට කන හුණු දානවා, තව එක එක ගස් වලින් ගන්න කෝටු කෑලි දානවා වගේ දේවල් කරනවා.

    - වැලි හකුරු වෙන එක නතර කරන්න සහ පුස් එන එක නතර කරන්න පුලුවන් සැරින් සැරේ උණු කරලා ආපහු අරන් තියන එකෙන්.

    - හොඳ පැණි හකුරු කල් තියාගන්න හරිම අමාරුයි දියවෙනවා, දවස් දෙක තුනක් එලිය තිබ්බ ගමන් දියවෙනවා. ෆ්‍රිජ් එකේ තියලා ඕන තරං කල් තියා ගන්න පුලුවන්

    - දෙනියාය පැත්තෙ උනත් හොඳම පැනි හොයන්න ටිකක් අමාරුයි. පැණි හදන ගෙදරකින්ම ගන්න එක තමයි මම කරන්නෙ. දෙනියායෙ යන්න කලින් ගෙදරට කතා කරලා කිවුවම එහෙම තැනක් කන්ටැක් කරලා පැනි ටිකක් හොයලා තියනවා. සමහර ගෙවල් වල පැනි ලීටර් වලින් විකුනනවා සමහර තැන් වල කිලෝ ගානට විකුන්නන්නෙ

    - තව ඒ පැත්තෙ නං හොයන්න බැරි සීනි පැනි කියලත් පැනි වර්ගයක් ගන්න තියනවා. ඒව මොනවා කරලා හදන ඒවද මන්දා කාල බලලා නං හොයන්න අමාරුයි සීනි පැනි කියලා.

    දැන් ගොඩක් තැන් වල සාමාන්‍යෙන් හොඳ පැණි සහ හකුරු ගන්න පුලුවන් තැන් තියනවා. මම දැන් ඉන්න වැලිගම පැත්තෙත් තැන් තියනවා පැනි තියන තැන්.
    ලොකු ප්‍රමානයක් ගන්නවා නං කලින් කියන්න ඕන ඒ තරමට ඩිමාන්ඩ් එක මේ පැත්තෙ තියෙනවා.