වකුගඩු රෝගය අඳුරගන්න ක්‍රම 5ක්

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    වකුගඩු රෝගය අඳුරගන්න ක්‍රම 5ක්

    32232.jpg


    අද වන වන විට වකුගඩු රෝගය වේගයෙන් පැතිර යන රෝගයක් බවට
    පත්ව තිඛෙනවා. ලංකාවේද වැඩි වශයෙන් වකුගඩු ආශ්‍රිත
    රෝගාභාධයන්ගෙන් පෙලෙන රෝගීන් දැකගන්නට පුළුවන්. බොහෝ දෙනෙක්ට වකුගඩු රෝගය වැළදී තිඛෙන බව ඔවුන් දැනගන්නා විට ඉතාමත් ප්‍රමාද වෙනවා. අපි මෙහිදී ඔබට පෙන්වා දෙනු ලබන ලක්ෂණ ඔබේ ශරීරයෙන් දිස් වෙනවානම් ඔබ තේරුම් ගත යුතු වෙනවා වකුගඩු රෝගයකින් ඔබ පෙලෙන බව . එම ලක්ෂණයන් ඔබට පහතින් දැකගන්නට පුළුවන්.


    සුළු පසු පස වේදනාව



    වකුගඩු රෝගයකින් ඔබ පෙලෙන බව පළමුව ඔබට අනතුරු අගවන මුලික රෝග ලක්ෂණය නම් කොදු ඇට පෙළ අවසානයේ ශරීරයේ පසු පස සුළු වේදනාවක් දැනීමයි. සමහර අවස්තාවන් වලදී මෙම වේදනාව් දැනෙන්නේ එක පැත්තක පමණයි නමුත් අවසානයේදී පසු පස පැති දෙකටම මෙම වේදනාව විහිදී යනවා. සාමාන්‍යයෙන් මෙම වේදනාව ඇති වෙන්නේ උදෑසනින්ම ඇවිදින විට සහ රාත්‍රියේ ඇවිදින විටයි. එවැනි අවස්තාවකදී ඔබ මුත්‍රා කිරීමට උත්සහ කරත් ඉතාමත් අපහසුවෙන් තමයි මුත්‍රා පිටවෙන්නේ. අවසානයේදී පසුපසින් දැනෙන වේදනාව තරමක් විතර අඩු වීම නිසා යම් සහනයක් දැනෙනවා.

    මෙය නම් වකුගඩු අභාධයකින් ඔබ පෙලෙන බව කල් තියා ඔබට අනතුරු අගවන මුලිකම රෝග ලක්ෂණයයි.

    සමෙහි ඇති වෙන කුෂ්ටයන් , කසන ගතිය සහ වියලි ස්වභාවය.


    රුධිර සන්සරනයෙදී රුධිරයේ තිඛෙන අපද්‍රව්‍ය ඉවත් කිරීමට වකුගඩු ක්‍රියා කරනවා. වකුගඩු අක්‍රීය වුන හොත් රුධිරයේ තිඛෙන අපද්‍රව්‍ය ඉවත් වීමක් සිදු වෙන්නේ නැහැ ඉතින් එම අපවිත්‍ර රුධිරය හේතුවෙන් සම මතුපිට කුෂ්ටයන් සහ කසන ගතියක් ඇති වෙනවා. ඒවගේම සමෙහි අසාමාන්‍ය වියලි ගතියක්ද දැකගන්නට ලැඛෙනවා.



    වකුගඩු අභාදයක් පවතින බව කල්තියා දැනුම් දෙන පොදු ලක්ෂණයක් විදියට මෙය හදුන්වන්න පුළුවන්. මෙය නම් ටිකක් බරපතලව සිතිය යුතු වෙනවා. ඒවගේම මෙම සමෙහි ඇතිවෙන රෝගී තත්වය ක්‍රීම් වගේ සාමාන්‍ය ප්‍රතිකාරයන්ගෙන් සුව කිරීමට හැකියාව නැහැ.


    මුත්‍ර පිළිබද වූ කෘත්‍ය වෙනස් වීම.


    මුත්‍ර පිලිබදව වූ කෘත්‍ය සිදු කරනු ලබන ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රිය වෙන වකුගඩු යුගල අක්‍රීය වුනොත් එම ක්‍රියාවලියෙහි පැහැදිලි වෙනසක් දැකගන්නට පුළුවන් වෙනවා.

    1. මුත්‍ර පිටවීමේදී එම මුත්‍රා පෙන සහිත බුබුළු ස්වභාවයකින් යුතු වෙනවා.


    2. අසාමාන්‍ය ලෙස නිරන්තරයෙන් මුත්‍රා කිරීමට සිදු වීම. ඒවගේම මුත්‍රා ප්‍රමාණයද වැඩි වශයෙන් පිට වෙන අතර මුත්‍රා වල වර්ණය සුදුමාලි පැහයක් ගනු ලබනවා.


    3. උදේ සහ දහවල් කාලයට වඩා රාත්‍රී කාලයේදී මුත්‍රා කිරීමට අවශ්‍ය වීම.


    4. නිතර ඉතාමත් සුළු වශයෙන් අදුරු කළු පැහැයකින් යුක්තව මුත්‍රා පිට වීම.


    5. මුත්‍ර සමග රුධිරය පිටවීම


    විශේෂයෙන්ම කියන්න ඕනේ මුත්‍රා වල වර්ණය වෙනස් වීම මගින් පවසන්නේ වකුගඩු රෝගය උත්සන්න වී ඇතිබවයි.



    ශරීර කොටස් ඉදිමීමට ලක්වීම.


    වකුගඩු විසින් රුධිරයේ අඩංගු වෙන අපවිත්‍ර දෑ සහ අමතර ද්‍රවයන් ඉවත් කරනු ලබනවා. ඉතින් එම වකුගඩු නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් මුහුණ, අත් , කකුල්, වළලුකර අසාමාන්‍ය ලෙස ඉදිමීමට ලක් වෙනවා.

    මෙම අවස්තාවේදී වකුගඩු රෝගය ඉතාමත්ම දැඩිව පවතින බව අවභෝද කරගන්න.



    අසාමාන්‍ය තෙහෙට්ටු ගතිය සහ දුර්වල ස්වභාවය.

    ඔබේ වකුගඩු මගින් රුධිරයේ අඩංගු වෙන රතු රුධිර සෛල නිෂ්පාදනය කිරීම සදහා වැදගත්ම වෙන හෝමෝනයක් නිපදවනු ලබනවා. ඔබේ වකුගඩු අක්‍රීය වුන හොත් රුධිරයේ අඩංගු වෙන රතු රුධිර සෛල ඉතාමත් අඩු වී (ඇනමියා ) කියන අවාසනාවන්ත රෝගී තත්වයට ඔබ ගොදුරු වෙනවා.


    මෙම පුර්ව ලක්ෂණයන් ඔබගේ ශරීරයෙන් දිස් වෙනවානම් වහාම වෛද්‍ය වරයෙක් හමුවී ප්‍රතිකාර සදහා යොමු වීම ඉතාමත්ම වැදගත් වෙනවා .


    ගත්තේ මෙතනින් - http://nodutu-lokaya.blogspot.com/

    ගොඩක් අයට වටින නිසා දැම්මේ . අනිත් අයටත් බලන්න BUMP / COMMENT කරලා යන්න
    happy-nodding-smiley-face-emoticon.gif


     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,036
    113
    Dubai
    වටින ලිපියක් මචන්... ගොඩාක් ස්තූති:) REP+++
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ගොඩක් ගැඹුරු දේවල් ඉතාමත් සුළුවෙන් තේරෙන විදිහට දාල තියෙනවා ...
    ගොඩක් ස්තුතියි share කර ගත්තට :yes:
    +4
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    thankx
    ඒ උනාට මචන් 100% එකග වෙන්න බැ බන් ඕවත් එක්ක.
    මෙහෙම කියපන් Chronical DIabitic(නිදන්ගත දියවැඩියාව) or Chronical Renovesculer Hypertension(නිදන්ගත වකුගඩු නිසා හටගන්නා ආදී රුදිර පීඩනය ) තිබ්බ කෙනෙකුට එන වකුගඩු රෝගය ඔය විදිහයි. එත් රජරට අසනික් සහ වෙනත් විස නිසා හටගන්නා CKD කියන තත්වය ඔයිට හාත්පසින්ම වෙනස්

    එකේදී අද උබල හොදට කල බිල මැච් එකකුත් ගහල හවසට සෙට් එකත් දැයි. හෙට මෙන්න කන්න බැරුව වමනේ යනවා . කෙන්ලින්ම ඉස්පිරිතාලේ. එතකොට තමා අහුවෙන්නේ වකුගඩු 2ක පොඩිවෙලා කියල. වකුගඩු ලෙඩ තියන 95% දන්නේ නැ බන් තමන්ට එක තියනවා කියල