වකුගඩු රෝගය - Please help

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    Help ekk දෙන්න පුලුවන්නම් දෙන්න මචන්ලා. අවශය නම් Daily අප්ඩේට් එකක් දෙන්නම්

    දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන සහෝදරයෙක් වෙනුවෙන් කාරුණික ඔබගේ උදවු අවශ්‍යයි 😥💔🙏 share කර හෝ උදවු කරන්න.

    ඉහළ මිල්ලව,මොරවක පදිංචිව සිටි ටී.ජී.චන්ද්‍රනාත් යන මාගේ ඣාති සහෝදරයා ඉතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුගේ වකුගඩු බද්ධ කිරීම සඳහා රුපියල් ලක්ෂ 65කට ආසන්න ප්‍රමාණයක මුදලක් වැය වේ.2023.ජුනි 08 වන දිනට පෙර ඒ සදහා තවත් රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක මදි පාඩුවක් ඇති නමුත් එවැනි විශාල මුදලක් සොයාගැනීමට අතිශයින් අපහසු බැවින් පිංවත් ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙමි.

    ඔහු 42 හැවිරිදි දෙදරු පියෙකි.දරු දෙදෙනාම පාසල් යන අවධියේ පසුවෙයි.

    අප ඣාති සහෝදරයා දරුණු වකුගඩු රෝගයකට ගොදුරුවී ඇති බව දැනගන්නේ මීට වසර කිහිපයකට ඉහතදීය.

    ඒ මොහොතේ සිට මේ දක්වාම සිය බිරිඳ(ලක්මිණි සමරසේකර)ඔහුගේ ජීවිතය බේරාගැනීමේ අරමුණින් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටී.කාලයක් තිස්සේ රුදිරකාන්දු කරණය (Dialysis) සිදු කළ අතර ඒ සදහාද දිනකට විශාල මුදලක් වැයවේ.

    මේ වනවිට සිය වකුගඩු දෙකම අක්‍රීය වීම නිසා කඩිනමින් වකුගඩු බද්ධය සිදුකිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන් පවසයි.

    අප ඣාති සහෝදරයාගේ වකුගඩු බද්ධ කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම්කර ඇතත් එම සැත්කම ප්‍රමාද කිරීමට සිදුවී ඇත්තේ ඊට අවශ්‍ය රුපියල් ලක්ෂ 35ක මුදල සොයාගැනීමට සිහිනයක් වී ඇති නිසාය.

    මේ මොහතේ ඔබ සියලුම දෙනා මේ ජිවිතය රැකගැනිමට සරණක් වේ යයි අපේක්ෂා කරමි.

    මෙම අසරණ පවුලට උදව් කිරීමට හැකියාවක් ඇත්නම් පහත තොරතුරු ඔස්සේ ඔවුන්ව සම්බන්ධ කරගත හැකිය.

    ලිපිනය ටී.ජී චන්ද්‍රනාත්.
    ඉහළ මිල්ලව
    මොරවක.

    දුරකථන අංකය -076 5519692 / 070 5641888

    ගිණුම් අංකය - 060200120064191
    බැංකුව - මහජන බැංකුව
    ශාඛාව - මොරවක
    නම - M.L.P.සමරසේකර


    https://ibb.co/h2zKd3r https://ibb.co/C6DLy02 https://ibb.co/1JsmtxT
     
    Last edited: