මෙය මුහුනුපොතේ පලවූ පොස්ටුවකි. උපුටා ගත්තේ බොහෝ අය දේශීය වෙද්දු කියා ගන්න හොරුන්ට අසු වන නිසා වෙනි.
*******************************************************
වකුගඩු ලෙඩෙක් දුටුවෙමි………………
පසුගිය නිවාඩුවට මගේ පියාව විල්පත්තු වනය නරබන්නට කැටුව යන්නට අපට සිදුවිය. මමත් මගේ සැමියාත් අපේ අම්මාත් එහි ගිය අතර සවස මුරය සදහා පැය කීපයක් තිබුණෙන්, පියාගේ පැරණි මිතුරෙක් දකින්නට යා යුතු බව පියා යෝජනා කළේය.
“සමහර විට මැරිලද දන්නෙත් නැහැ, වකුගඩු අමාරුව හදිලානේ හිටියේ “
යනුවෙන් තාත්තා කීවෙන් සංවේගයට පත් වූ අප ඔහුව හොයන්නට පිටත් වීමු.
බොහෝ අමාරුවෙන් පාර සොයාගෙන යන විට ඔහුගේ මිතුරා සිටින නිවස සොයා ගත හැකි විය. එවකට ඒ ශූර ගොවියෙකුව සිටි මිනිසා ඉදිමී මරණය අතින් ගත්තාක් මෙන් සිටි අතර ඔහුගේ දරුවෝ කුඩා විය. දුව උසස් පෙළ කරන බවත් පිලිවෙලින් වයස 12 ත් 8 ත් අතර වූ පුතුන් දෙදෙනෙක් සමග භාර්යා තොමෝ රැකියාව සහ කුඹුරු සමග ජීවිතේ දුකෙන් මැඩී මිරිකී සිටියාය.
මුළු නිවසම ළඟ එන මරණයේ පෙරනිමිත්තක් මෙන් දැරුවේ ගුප්ත පාලුවකි. ගරා වැටුන ජීවිතය සමග ඒ නිර්භීත මිනිසා යලි යලිත් පොර දින බව අහිංසක මුහුණෙන් කියා පෑවේය.
අනුරාධපුර මහ රෝහලේ සායනයෙන් ප්‍රතිකාර ලබා හොඳ තත්වයෙන් ඔහු පසුවී ඇත. පසුව කැකිරාවේද කොහෙද වකුගඩු රෝගය නිට්ටාවටම සුව කරවන ආයුර්වෙදයක නැවතී මාස දෙකක් ප්‍රතිකාර කර ඇත. ගාස්තුව ගෙවීමට කුඹුරක්ද විකුණා ඇත. එහිදී විරේචනද මොනවද කර ඇති අතර ඒ මනුස්සයට කන්න දී ඇත්තේ ( මුළු මාස දෙකම) මොනවද ජරා තම්බුන් හොද්දක් සහ බතකි. අවසන මේ විදිහට ගියොත් තමා මැරෙන බව වටහා ගත් ඔහු නැවත ගෙදර පැමිණ ඇත.
යලිත් රජයේ සායනයට යන අතර එයින් ප්‍රතිකාර කරයි. නමුත් අර මාස දෙක සිදු වූ හානිය නැවත හදන්නට නොහැක. රජරට වකුගඩු රෝගීන් බොහොමයක් මෙවැනි පල් හොරුන්ට අහු වී අකාලයේ මිය යති.
පිළිකා තිබෙන රෝගීන් සුව කරනවා කියමින් ජීවිතය අද්දර පන අදිමින් සිටින ඔවුන් ගෙන් කීයක් හෝ කඩා ගනිති.
මෙවැනි පල් බොරු පතුරා අහිංසකයන්ගේ ජීවිත වනසන තක්කඩි හිරේ දැමීමට නීතියක් ගෙන ආ යුතුය. ඔවුන් මේ සල්ලි ගරන්නේ මිනිසුන්ගේ අසරණ කමෙනි.
මම ආයුර්වේදය පිලිබන්ධව විශ්වාස කරමි. දේශීය වෙදකමෙන් සුව වී ඇත්තෙමි. හොරුවිල කැඩුම් බිඳුම් වෙදකම , කඩහපොල ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත වෙදකම, සමහර autoimmune diseases වලට කරන වෙදකම් සාර්ථක ප්‍රතිපල දෙන්නකි. නමුත් මේ සීමිත වෙදකම් කීපය නිසා මරණය අභියස ඉන්න පිළිකා, වකුගඩු රෝගීන්ගෙන් සල්ලි වංචා කිරීමට තක්කඩි රංචුවක් සැදී පැහැදී සිටියි.
මම වෛද්‍ය විද්‍යාව ගැන නොදනිමි. නමුත් මෙවැනි කට්ටයන් විසින් ඉක්මන් මරණයක් දක්වා තල්ලු කර, අන්තිම සත්යද කොල්ල කන ලද මිනිසුන් ගැන දනිමි. මේ අහිංසකයන් මේ විජ්ජා කාරයන් ගෙන් බේරන්නට කාලයයි මේ.