වර්තමානය වනවිට ප්‍රභල තර්ජනයක් බවට වකුගඩු රෝගය පත්ව ඇත. මෙම රෝගය බෝ නොවන රෝග කාණ්ඩයට අයත් වන අතර බහුලව උතුරුමැද පළාත තුල ව්‍යාප්තව ඇත .තවද ගිරාදුරු කෝට්ටේ, කුරුණෑගල, ඇඹිලිපිටිය, හම්බන්තොට යන ප්‍රදේශ වලද මෙම රෝගය ව්‍යාප්තව පවතී . මෙම රෝගයේ භයානක කරුණ වනුයේ රෝගය සෑදුනපසු සුව කිරීමට නොහැකි අතර කල හැක්කේ පාලනය කිරීම පමණි .තවද මෙම රෝගය කැපී පෙනෙන රෝග ලක්ෂණ පහල වන්නේ රෝගයේ 3 වෙනි අවස්ථාව තුල පසුවන විටයි .
මෙම වකුගඩු රෝගයේ ප්‍රධාන අවස්තා 5ක් පවති.
පළමු දෙවන අවස්තා වලදී බාහිර රෝගී ලක්ෂණ දක්නට නොලැබෙන අතර 3 වෙනි අවස්ථාවේ සිට බාහිර රෝගී ලක්ෂණ පෙන්වයි .
වකුගඩු රෝගයේ මුලික ලක්ෂණ ලෙස වමනය, හිසරදය, අධික මුත්‍ර පහවීම, අධික තෙහෙට්ටුව, හිසරදය, ඇඟේ දුර්වලකම දැක්වීමට පුළුවන් .
3 වෙනි අවදියේදී රෝගියාගේ බාහිර රෝගී ලක්ෂණ ලෙස අත්පා ඉදිමීම, අධිරුධිර පීඩනය, ඇනීමියා තත්ත්වය ඇති වීම දක්නට ලැබේ. මෙහිදි හෘදයේ ක්‍රියාකාරිත්වය හා වකුගඩුවල ක්‍රියාකාරිත්වය අවමවීම තවත් රෝග ලක්ෂණ වේ . රෝගියාගේ 4 වෙනි මට්ටමේදී රුධිර පාරවිලනය කල යුතු අතර 5 වෙනි මට්ටමේදී වකුගඩු බද්ධ කිරීම කල යුතුයි . බොහෝ රෝගීන් අවසාන අදියර දෙක තුලදී මිය යාම සිදු වේ .
මෙම රෝගය ඇතිවීම සදහා බලපාන නිශ්චිත හේතුවක් මෙතෙක් සොයාගෙන නැතිව්මද රෝගය ඇතිවීම වලක්වාලීමට තිබෙන ප්‍රධාන බාධකයකි .නමුත් කරන ලද පරීක්ෂණ මගින් උපකල්පනය කරන ලදුව ඇත්තේ බැරලෝහ ශරීර ගතවීමෙන් මෙම වකුගඩු රෝගය ඇතිවන බවයි . මෙම රෝගයේ ප්‍රධාන රෝග කාරක ලෙස කැඩ්මියම්, ආසනික් , රසදිය වැනි බැර ලෝහ හදුන්වා දීමට පුළුවන් .මෙම බැරලෝහ භූමියට එකතු වී පසුව ජලයට එකතු වන බව සොයාගෙන ඇත. බැරලෝහ අධික සාන්ද්‍රණයක් සහිත මෙම ජලය පරිභෝජනය කිරිමෙන් මෙම රෝගී තත්වය ඇති වේ .
භෝග වගාවේදී භාවිතා කරන කෘමිනාශක වල්නාශක සහ රසායනික පොහොර මගින් අධිකව මෙම බැරලෝහ පසට එකතු වීම සිදු වේ .
මෙම රෝගයෙන් වැළකීමට නම් අධිකව බැරලෝහ අඩංගු ජලය පරිබෝජනයෙන් වැළකිය යුතුයි . තවද මෙම වකුගඩු රෝගය බහුලව වලදී ඇත්තේ අවුරුදු 35ත් 45ත් අතර පුද්ගලයින්ට බව සොයාගෙන ඇත .
වර්තමානය වන විට රජය මැදිහත්ව වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශ තුල පානිය ජල ව්‍යාපෘති දියත් කරමින් පවතී . එමගින් භූ ගත ජලය ලබාගෙන යන්ත්‍රානුසාරයෙන් සහ රසායනික ක්‍රම භාවිතයෙන් ජලයේ අඩංගු බැරලෝහ ඉවත් කිරීම සිදු කරයි .පසුව ඒවා ගැමියනට නොමිලේ ලබා දීම සිදු වේ .
නිරෝගී ඔබ කල යුත්තේ මෙම රෝගී තත්වයේ ඔබ පසුවෙනවද නැද්ද කියා පරීක්ෂණයක් මගින් පරීකෂා කරගැනීමයි . මේ සදහා වැය වන්නේ රුපියල් 100 කටත් අඩු මුදලක් . රසායනාගාරකින් හෝ රජයේ රෝහලකින් මෙම පරීක්ෂණය සිදු කරගැනීමට පුළුවන් . Scrip Test යන නමින් මෙම පරීක්ෂණය හදුනවනවා . මෙම රෝගය උත්සන්න වීමට පෙර වලක්වා ගැනීම තුලින් ඔබේ ජීවිතය මාරාන්තික වකුගඩු රෝගයෙන ආරක්ෂා කරගැනීමට පුළුවන් .
උපුටා ගැනීම .http://puwatha.com/වකුගඩු-රෝගය/

Last edited: