වකුගඩු රෝගය

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    වර්තමානය වනවිට ප්‍රභල තර්ජනයක් බවට වකුගඩු රෝගය පත්ව ඇත. මෙම රෝගය බෝ නොවන රෝග කාණ්ඩයට අයත් වන අතර බහුලව උතුරුමැද පළාත තුල ව්‍යාප්තව ඇත .තවද ගිරාදුරු කෝට්ටේ, කුරුණෑගල, ඇඹිලිපිටිය, හම්බන්තොට යන ප්‍රදේශ වලද මෙම රෝගය ව්‍යාප්තව පවතී . මෙම රෝගයේ භයානක කරුණ වනුයේ රෝගය සෑදුනපසු සුව කිරීමට නොහැකි අතර කල හැක්කේ පාලනය කිරීම පමණි .තවද මෙම රෝගය කැපී පෙනෙන රෝග ලක්ෂණ පහල වන්නේ රෝගයේ 3 වෙනි අවස්ථාව තුල පසුවන විටයි .

    මෙම වකුගඩු රෝගයේ ප්‍රධාන අවස්තා 5ක් පවති.

    පළමු දෙවන අවස්තා වලදී බාහිර රෝගී ලක්ෂණ දක්නට නොලැබෙන අතර 3 වෙනි අවස්ථාවේ සිට බාහිර රෝගී ලක්ෂණ පෙන්වයි .

    වකුගඩු රෝගයේ මුලික ලක්ෂණ ලෙස වමනය, හිසරදය, අධික මුත්‍ර පහවීම, අධික තෙහෙට්ටුව, හිසරදය, ඇඟේ දුර්වලකම දැක්වීමට පුළුවන් .

    3 වෙනි අවදියේදී රෝගියාගේ බාහිර රෝගී ලක්ෂණ ලෙස අත්පා ඉදිමීම, අධිරුධිර පීඩනය, ඇනීමියා තත්ත්වය ඇති වීම දක්නට ලැබේ. මෙහිදි හෘදයේ ක්‍රියාකාරිත්වය හා වකුගඩුවල ක්‍රියාකාරිත්වය අවමවීම තවත් රෝග ලක්ෂණ වේ . රෝගියාගේ 4 වෙනි මට්ටමේදී රුධිර පාරවිලනය කල යුතු අතර 5 වෙනි මට්ටමේදී වකුගඩු බද්ධ කිරීම කල යුතුයි . බොහෝ රෝගීන් අවසාන අදියර දෙක තුලදී මිය යාම සිදු වේ .

    මෙම රෝගය ඇතිවීම සදහා බලපාන නිශ්චිත හේතුවක් මෙතෙක් සොයාගෙන නැතිව්මද රෝගය ඇතිවීම වලක්වාලීමට තිබෙන ප්‍රධාන බාධකයකි .නමුත් කරන ලද පරීක්ෂණ මගින් උපකල්පනය කරන ලදුව ඇත්තේ බැරලෝහ ශරීර ගතවීමෙන් මෙම වකුගඩු රෝගය ඇතිවන බවයි . මෙම රෝගයේ ප්‍රධාන රෝග කාරක ලෙස කැඩ්මියම්, ආසනික් , රසදිය වැනි බැර ලෝහ හදුන්වා දීමට පුළුවන් .මෙම බැරලෝහ භූමියට එකතු වී පසුව ජලයට එකතු වන බව සොයාගෙන ඇත. බැරලෝහ අධික සාන්ද්‍රණයක් සහිත මෙම ජලය පරිභෝජනය කිරිමෙන් මෙම රෝගී තත්වය ඇති වේ .

    භෝග වගාවේදී භාවිතා කරන කෘමිනාශක වල්නාශක සහ රසායනික පොහොර මගින් අධිකව මෙම බැරලෝහ පසට එකතු වීම සිදු වේ .

    මෙම රෝගයෙන් වැළකීමට නම් අධිකව බැරලෝහ අඩංගු ජලය පරිබෝජනයෙන් වැළකිය යුතුයි . තවද මෙම වකුගඩු රෝගය බහුලව වලදී ඇත්තේ අවුරුදු 35ත් 45ත් අතර පුද්ගලයින්ට බව සොයාගෙන ඇත .

    වර්තමානය වන විට රජය මැදිහත්ව වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශ තුල පානිය ජල ව්‍යාපෘති දියත් කරමින් පවතී . එමගින් භූ ගත ජලය ලබාගෙන යන්ත්‍රානුසාරයෙන් සහ රසායනික ක්‍රම භාවිතයෙන් ජලයේ අඩංගු බැරලෝහ ඉවත් කිරීම සිදු කරයි .පසුව ඒවා ගැමියනට නොමිලේ ලබා දීම සිදු වේ .

    නිරෝගී ඔබ කල යුත්තේ මෙම රෝගී තත්වයේ ඔබ පසුවෙනවද නැද්ද කියා පරීක්ෂණයක් මගින් පරීකෂා කරගැනීමයි . මේ සදහා වැය වන්නේ රුපියල් 100 කටත් අඩු මුදලක් . රසායනාගාරකින් හෝ රජයේ රෝහලකින් මෙම පරීක්ෂණය සිදු කරගැනීමට පුළුවන් . Scrip Test යන නමින් මෙම පරීක්ෂණය හදුනවනවා . මෙම රෝගය උත්සන්න වීමට පෙර වලක්වා ගැනීම තුලින් ඔබේ ජීවිතය මාරාන්තික වකුගඩු රෝගයෙන ආරක්ෂා කරගැනීමට පුළුවන් .

    උපුටා ගැනීම .http://puwatha.com/වකුගඩු-රෝගය/
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බලපන් ඔය ජරා ලෙඩ ඉස්සර මිනිස්සුන්ට තිබ්බද කියලා.මේ රටේ ඉන්න බලු පාලකයෝ මේවට වග කියන්න ඕන.ඕවා ලංකාවට ගේන එක නවත්තලා ලංකාවේම ඔය දේවල් ප්‍රමිතියකට හදන්න ඕන.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මේක සනීප කරන්න හැකි සිංහල වෙද මහත්වරු ගැන තොරතුරු කියන්න.....
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    බලපන් ඔය ජරා ලෙඩ ඉස්සර මිනිස්සුන්ට තිබ්බද කියලා.මේ රටේ ඉන්න බලු පාලකයෝ මේවට වග කියන්න ඕන.ඕවා ලංකාවට ගේන එක නවත්තලා ලංකාවේම ඔය දේවල් ප්‍රමිතියකට හදන්න ඕන.
    අපේ අම්මටත් ඔය ලෙඩේ තියෙනවා . ගිය අවුරුද්දේ හොදටම අමාරු උනා , මම ත්‍රෙඩ් එකකුත් දැම්මා වගේ මතකයි
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    බලපන් ඔය ජරා ලෙඩ ඉස්සර මිනිස්සුන්ට තිබ්බද කියලා.මේ රටේ ඉන්න බලු පාලකයෝ මේවට වග කියන්න ඕන.ඕවා ලංකාවට ගේන එක නවත්තලා ලංකාවේම ඔය දේවල් ප්‍රමිතියකට හදන්න ඕන.

    mehe inna ekala owa keranne unge madiya thara keragawa echara ahisaka minisu amaruwe watenne owage.rata adere kerana minisu dan marila bn :(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    mekata behethak athema nadda bn. :(

    සිංහල වෙදකමේ බෙහෙත් තියෙනව බං හොඳ වුන අයත් ඉන්නවලු මට නං හම්බවෙලා නෑ මං වකුගඩු රෝගය හැදුන කෙනෙක්වවත් පෞද්ගලිකව දන්නෙ නෑ හොයල බලපං පොඩ්ඩක් :yes: :yes:
    http://www.helasuwaya.org/
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    සිංහල වෙදකමේ බෙහෙත් තියෙනව බං හොඳ වුන අයත් ඉන්නවලු මට නං හම්බවෙලා නෑ මං වකුගඩු රෝගය හැදුන කෙනෙක්වවත් පෞද්ගලිකව දන්නෙ නෑ හොයල බලපං පොඩ්ඩක් :yes: :yes:

    වකුගඩු රෝගය හොද කරන්න බෑ පාලනය විතරයි
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වකුගඩු රෝගය හොද කරන්න බෑ පාලනය විතරයි

    හොඳ කල අය ඉන්නවලු පාලනේ කරන්නෙ බටහිර වෙදකමේ නෙ? ඒකෙ පාලනේකුත් නෑ නරක් වුනාම අයිං කල්ල වෙන කෙනෙක්ගෙ එකක් දාන එකනෙ කරන්නෙ. එහෙම නෙමේ බෙහෙත් දීල හොඳ කරල තියෙනවලු :yes: :yes:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    හොඳ කල අය ඉන්නවලු පාලනේ කරන්නෙ බටහිර වෙදකමේ නෙ? ඒකෙ පාලනේකුත් නෑ නරක් වුනාම අයිං කල්ල වෙන කෙනෙක්ගෙ එකක් දාන එකනෙ කරන්නෙ. එහෙම නෙමේ බෙහෙත් දීල හොඳ කරල තියෙනවලු :yes: :yes:

    මම පුළුවන් තරම් හොයලා බැලුවා . දන්න දොස්තරලගෙන් අහලා බැලුවා . එකම පිළිතුර ලැබුනේ . මම දැන් අම්මට අරහේ යන් මෙහෙ යන් කියලා කියන්නේ එතකොට එයාටත් ඒක මානසික වදයක්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම පුළුවන් තරම් හොයලා බැලුවා . දන්න දොස්තරලගෙන් අහලා බැලුවා . එකම පිළිතුර ලැබුනේ . මම දැන් අම්මට අරහේ යන් මෙහෙ යන් කියලා කියන්නේ එතකොට එයාටත් ඒක මානසික වදයක්

    දොස්තරල නෙමේ බං සිංහල වෙදමහත්තුරු හොඳ කරනව කියන්නෙ පුලුවන්නම් තව ටිකක් හොයල බලපං :yes: :yes: