වකුගඩු රෝග 2

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    වකුගඩු රෝග ගැන ලිපි පෙළක් අරං එනවා කියලා your family doctor කණ්ඩායම පොරොන්දු උණු බව මතක ඇතිනේ.
    කලින් ලිපියෙන් වකුගඩුව ගැන පොඩි හැදින්වීමක් කළා.

    https://www.facebook.com/your.famil...4505347378843/702217980274244/?type=3&theater

    https://www.facebook.com/your.famil...4505347378843/698430527319656/?type=3&theater

    අපි අද ලිපි මාලාවේ දෙවන ලිපිය,වකුගඩුව අඩපණ වීම ගැන කතා කරන්න හිතුවා.

    වකුගඩු ක්‍රියාකාරිත්වය දුර්වල වීම kidney failure කියලා හදුන්වනවා.
    kidney failure වර්ග 2ක් තියනවා.

    1. acute kidney failure/AKI- මෙම තත්වය වකුගඩුවට කෙටිකාලීනව සිදු වන හානියක් නිසා ඇති වෙන වකුගඩු අඩපණ වීම.

    2.chronic kidney failure/CKD- වකුගඩුවට දීර්ඝ කාලීනව සිදුවන බලපෑමක් නිසා ඇතිවන තත්වයක්.

    මේ රෝග 2කම එකම ලිපියකින් හදුනවා දෙන්න අමාරු නිසා අද අපි acute kidney failure/AKI ගැන පැහැදිලි කර ගමු.

    acute kidney failure/AKI තත්වයට ගොදුරු වෙන රෝගියාට බොහෝවිට රෝගයට පෙර සාමාන්‍ය වකුගඩුවක් ඒ කියන්නේ කලින් වකුගඩු රෝග ලක්ෂණ නැති කෙනෙක්.සමහර වෙලාවට දියවැඩියාව,අධික රුධිර පීඩනය වගේ වකුගඩු රෝග වලට අත වනන තත්ත්ව තියෙන්නත් පුළුවන්.එහෙම රෝගීන්ට acute kidney failure/AKI නිසා වෙන වකුගඩු හානිය වැඩියි.

    acute kidney failure/AKI රෝග ලක්ෂණ

    අපි කලින් ලිපියෙන් පැහැදිලි කළා වකුගඩුවේ මුලික කාර්යභාරය තමයි බහිශ්‍රවිය කාර්ය කියලා.තව දුරටත් සරලවම කියනවා නම් ඇගේ රුධිරය පෙරීම, මුත්‍රා නිපදවීම,ශරීරයෙන් නිපදවන හා ශරීරයට එකතුවෙන(බෙහෙත්) අනවශ්‍ය විෂ සංඝටක ඉවත් කිරීම,ජල මට්ටම පවත්වාගෙන යාම වගේ දේවල්.
    සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක් දවසකට ලීටර් 1.5 ක් පමණ මුත්‍රා ප්‍රමාණයක් සිරුරෙන් බැහැර කරනවා.
    වකුගඩුව අක්‍රිය උනොත් මුත්‍රා නිපදවන්න නොහැකි වෙනවා.එතකොට ශරීරයේ ජල මට්ටම පාලනය බිදවටෙනවා.වැඩිපුර එකතු වෙන ජලය පිට කරන්න බැරි නිසා ඒවා පෙනහළු වලට හමට එකතු වෙනවා.
    එතකොට රෝගියාට හුස්ම ගන්න අමාරුයි.කැස්සක්,හතිය වගේ ඇති වෙන්නත් කැස්ස සමග ලේ පිට වෙන්නත් පුළුවන්.

    හමේ එකතු වෙන වතුර නිසා හම ඉදිමෙන්න පුළුවන්.විශේෂයෙන්ම ඇස් වටා,වළලුකර,බඩ වගේ තැන් තමයි ගොඩක්ම බලපෑමට ලක්වෙන්නේ.ඒ වගේ ශරීරයේ ඇතුලතිනුත් වතුර එකතු වෙන්න පුළුවන්(පෙනහළු කුහරය,ශ්‍රෝණි කුහරය,බඩ වගේ ස්ථාන).

    ශරීරයේ වතුර මට්ටම වැඩි උනාම හදවතට දරාගන්න අමාරු වෙනවා.මොකටද හදවත තමයි ශරීරය පුරා රුධිරය පොම්ප කරන්නේ.පොම්පයට දරන්න බැරි තරමේ පීඩනයක් දැනෙනකොට පොම්පය අක්‍රිය වෙනවා වගේ හදවතත් අක්‍රිය වෙන්න පටන් ගන්නවා acute kidney failure/AKI තතවයේදී.කලින් දුර්වල හදවතක් ඒ කියන්නේ heart attack,heart failure එහෙම තියන රෝගියෙක් නම් තත්ත්වය වඩාත් දරුණුයි.

    වකුගඩු මගින් ශරීරයේ ඇසිඩ් මට්ටමත් පාලනය කරනවා.acute kidney failure/AKI තත්වයේදී ශරීරයට විෂ,අහිතකර දේවල් පිට කරගන්නත් අපහසු වෙනවා.(යුරියා)
    ශරීරයේ ඇසිඩ්,යුරියා මට්ටම වැඩි උනොත් හුස්ම ගැනීමේ අපහසුතා,සිහි කල්පනාව අඩු වීම,රුධිර පට්ටිකා ක්‍රියාකාරිත්වය අඩු වෙලා අධික ලේ වහනය ඇති වෙනවා වගේම පොටසියම් මට්ටම වැඩි වීම නිසා හදවතේ ක්‍රියාකාරිත්වය දුර්වල වෙලා හදවතේ ගැස්ම/rhythm එක වෙනස් වෙන්නත් පුළුවන්.ඒ වගේ කෑම අරුචිය,වමනය ඇති වෙන්නත් පුළුවන්.

    acute kidney failure/AKI තත්වයට ගොදුරු උණු රෝගියෙක්ගේ ප්‍රතිශක්තිකරණය හරිම දුර්වලයි.එයාල ඉක්මනට විෂබීජ වලට ගොදුරු වෙනවා.

    අපි කතා කරපු රෝග ලක්ෂණ තමයි බොහෝ acute kidney failure/AKI රෝගීන්ගෙන් දකින්න ලැබෙන්නේ.

    මේ ලිපියෙන් acute kidney failure/AKI තත්වය හේතු වෙන්නේ මොනවද,ප්‍රතිකාර ක්‍රම වගේ දේවල් නම් සාකච්ජා කලේ නැහැ.ඒ ගැන ඉදිරි ලිපියකින් විස්තර කරන්නම්.
    අද ලිපිය වැදගත් කියලා හිතනවා නම් යහළුවන් අතරේ බෙදා ගන්න අමත
    ක කරන්න එපා.[/CENTE​
    R]​
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    තව ටිකක් අකුරු පොඩි කරමු ද? අකුරු ලොකු උනාමත් කියවන්න අමාරුයි.රෙප් ඉවරයි.පුළුවන් වුන ගමන් දෙන්නම්.
    Bump
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මචං, මෙහෙම post දාන එක නම් හොඳයි. එත්, පොඩ්ඩක් facts හරියට check කරලා දානවා නම් වඩාත් වටින්නේ.
    මොකද Acute Kidney Injury එකකදී, මුත්‍ර අඩු වෙන්නත් පුළුවන් නොවෙන්න්වත් පුළුවන් (oliguric and non-oliguric AKI)
    ගොඩක් අය හිතන්නේ, වකුගඩු තියෙන්නේ ඇගෙන් වතුර ඉවත් කරන්න කියල, එක එහෙමම නෙවෙයි. හරියටම බැලුවොත්, වකුගඩු වලින් කරන්නේ වතුර ඉවත් වෙන එක අඩු කරන එක.
    ඒක හොඳටම තේරෙනවා, මුල් අදියරයේදී, මිනිත්තුවකට මුත්‍රා මිලිලීටර 100-120 පමණ හැදුනත්, පැයකටම මුත්‍රා හැදෙන්නේ අසන්න වශයෙන් 75 -100ක් වගේ (විවිද හේතු මත මෙම අගයන් වෙනස්වන අතර අසන්න අගයන් තේරුම් ගැනීමේ පහසුවට යොදා ගන්න ලදී)
    එතකොට මේ මුත්‍රා ඕන වෙන්නේ වැඩිපුරම, අපේ ඇගේ ඇති/ හැදෙන ඇඟට අනවශ්‍ය ද්‍රව්‍ය අන්ගෙන් ඉවත් කරන්න. (වතුර වැඩි නම් වතුරද ඇතුළුව)
    එතකොට මේක කරන වකුගඩුවේ functional unit (ක්‍රියාකාරී ඒකකය) වන්නේ nephrons. එතකොට මේවට damage වෙන එක තමයි AKI එකකදී වෙන්නේ. (පැය හෝ දින කිහිපයක් ඇතුලත)
    ඉතින් මෙන්න මේ damage එක වෙන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා.
    1. pre-renal (වකුගඩුවට රුධිර සැපයුම අඩු වෙලා)
    2. Renal / intrinsic (කෙලින්ම වකුගඩුවට damage වෙලා )
    3. Post - renal (වකුගඩුවෙන් මුත්‍ර පිටවෙන මාර්ගය අවහිර වෙලා)
    ඉතින් මෙතන තියෙන දෙවෙනි ක්‍රමයේදී, ගොඩක් වෙලාවට වකුගඩුවේ වතුර ඉතුරු කර ගැනීම හරියට කරන්න වෙන්නේ නැහැ. ඉතින් මුත්‍රා වැඩිපුර යන්න ගන්නවා.එක නිසා තමයි මම මුලින්ම කිව්වේ හැම වෙලාවේම මුත්‍ර අඩු වෙන්නේ නැහැ කියල.

    මම එක කෙලින්ම නොකිය විතර කලේ, තේරුම් ගන්න පහසු වෙන්න. ඇත්තම කිව්වොත් වකුගඩු වල කාර්යයන් simple විදයට පැහැදිලි කරන්න බැරි තරම් සංකීර්ණයි. ඒ වගේම කාර්යයන් ප්‍රමාණය ඉතාම විශාලයි.
     
    මම දොස්තර කෙනෙක් නෙමේ.මේක copy paste එකක්.
    මම අහලා තියනවා නරක වෙච්ච වකුගඩුවක් හොද වෙනකොට වතුර ගොඩාක් අයින් වෙනවා කියලා.
    මි උණ හැදුනමත් මුල් අවස්ථාවේ වකුගඩු අමාරුව තිබුනත් මුත්‍රා යනවලු නේද.ඒ කියන්නේ බාගෙට වකුගඩුව නරක වේගෙන එනකොට වගේ මුත්‍රා වැඩිපුර යනවලු.මේක ලියපු මහත්තයා mass crowd එකකටනේ ලියලා තියෙන්නේ.පොදු ලක්ෂණ විතරක් දාන්න ඇති එක නිසා.