වකුගඩු රෝගය නිසා 127 දෙනෙකු මරුට
මෙම වසරේ ගත වූ කාලයේ දී අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වකුගඩු රෝගී මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර කියා සිටියේ මේ දක්වා කාලයේ දී පුද්ගලයින් 127 දෙනෙකු වකුගඩු රෝගය හේතුවෙන් මිය ගොස් ඇති බවයි.
ඉකුත් වසරේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වූ වකුගඩු රෝගී මරණ සංඛ්‍යාව 296ක්.
ඉකුත් ජනවාරි මාසයේ සිට අපේ‍්‍රල් මාසය දක්වා වකුගඩු රෝගීන් දහතුන් දහස් හාරසිය පනස් එක් දෙනෙකු අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
මේකට බටහිර විද්‍යාවෙ විසඳුම් නෑ පෙරදිග වෙදකමේ විසඳුම් තියෙනව කියල දෙවියන්ගෙන් ලබාගත්තු ඖශධ වට්ටෝරුවක් පවා මිනිස්සුන්ට දීල වකුගඩු රෝගය සුව කරගනිමින් ආවෙ
යහපාලන ආණ්ඩුව පත් වෙලා ඒව සේරම නවත්තල දැම්ම මිථ්‍යාව පතුරුවනව කියල
දැන් ආතල් විද්‍යාණුකූලව මැරුණෑකි

