වගාකව+පිටසක්වල_ජීවින්

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    වගාකව+පිටසක්වල_ජීවින්

    වගාකව හෙවත් crop circles මවන්නේ සක්වල
    ජීවින්ද??


    Flower%20of%20lifce%20crop%20circle.jpg




    පිට සක්වළ ජීවීන් පිළිබඳ විවිධ පුවත් අපට මේ දිනවල දී වාර්තා වේ. අපගේ ග‍්‍රහ ලොවින් පිටත විශ්වයේ කුමන හෝ ස්ථානයක සිටින ජීවීන් අපි පිටසක්වළ ජීවීන් ලෙස හැඳින්වීමට පුරුදු වී සිටිමු. පිටසක්වළින් පැමිණෙන බවට විශ්වාස කරන අද්භ®ත යානා විශේෂයන් පියාඹන පීරිසි ලෙස හඳුන්වයි. පියාඹන පීරිසි පැමිණීමත් සමඟ පෘථිවිය පුරාම අස්වාභාවික සිදුවීම් රැසක් වාර්තාවීමට පටන් ගෙන ඇත. එලෙස වාර්තා වූ සිද්ධීන් අතරින් තවමත් නිවැරදි විසඳුමක් ලබා ගත නොහැකි වූ සිද්ධියකි අස්වනු වෘත්ත හෙවත් “වගාකව.” මෙය ඉංග‍්‍රීසියෙන් CROP CIRCLE ලෙස හඳුන්වයි. අස්වනු වෘත්ත ලෙස හඳුන්වන්නේ සශ‍්‍රීක වගා භූමියක් තුළ එක රැයක් තුළ දී ඇතිවන විශාල සංකීර්ණ එහෙත් අද්භූත රටාවන්ය. මේවා අද්භූත රටාවන් ලෙස හඳුන්වන්නේ කිසිවකුගේ අනුදැනුමකින් තොරව ගොවි බිම් පුරා ඇති වී තිබෙන බැවිනි. ඉඟහිට හිමෙහි ද, කාන්තාර ප‍්‍රදේශවලදී ද හමුවන අතර මේවා වෘත්තාකාර හෝ මුදු හැඩයෙන් යුක්ත වේ. එබැවින් CIRCLESලෙස හඳුන්වයි.


    011_crop.jpg



    ඇමරිකාව, කැනඩාව, රුසියාව, බි‍්‍රතාන්‍යය, නවසීලන්තය, ඉන්දියාව, චීනය, ඕස්ටේ‍්‍රලියාව, ප‍්‍රංශය, ජර්මනිය, චිකොස්ලෝවෙකියාව, රුමේනියාව, බල්ගේරියාව, ස්පාඤ්ඤය, දකුණු අප‍්‍රිකාව, ඕලන්දය, නෝර්වේ ආදී රටවලින් ඉහත කී ආකාරයේ වගාකව පිළිබඳ වාර්තා වේ. අසල්වැසි ඉන්දියාව තුළින් ද මෙවැනි වගාකව 1500 ක් පමණ වාර්තා වී ඇත.මුල්ම වගා කවය පිළිබඳ වාර්තා වූයේ බි‍්‍රතාන්‍යයේ විල්ට්ෂයර් ප‍්‍රාන්තයේ වික්ටර් බෝන් ප‍්‍රදේශයෙන්ය. මෙවැනි ජ්‍යාමිතික රූපවලින් 80% ක් ම වාර්තා වී ඇත්තේ බි‍්‍රතාන්‍යයේ වගාවන් ආශ‍්‍රිතවය. මෙම අරුම පුදුම වගාකව වලට මුලින් අවධානයක් යොමු වූයේ 1980 වසරේ දී ය.

    මෙම වෘත්තවල විෂ්කම්භය අඩි දහයේ සිට අඩි සියයක් පමණ දක්වා විහිදේ. වෘත්ත ආකාරයට හෝ තරු රටා ආකාරයට හෝ වූ මෙවැනි හැඩතල නිමවීමට ගත වන්නේ පැය කිහිපයක් වීම සැමගේ විෂ්මයට හේතු වී ඇත. එහෙත් පුදුමයට කරුණක් වන්නේ අද වන තුරුත් මෙවැනි අස්වනු වෘත්ත ඇතිවන අයුරු කිසිවකු දැක නොමැතිවීමයි. ලොව නන් දෙසින් මේවා වාර්තා වන අතර පසුගිය වසර දහය ඇතුළත බි‍්‍රතාන්‍යයේ පමණක් මෙවැනි වෘත්තවල වැඩිවීමක් දක්නට ලැබේ. අස්වනු වෘත්ත පිළිබඳ ප‍්‍රථම ලිඛිත සාක්ෂිය වාර්තා වන්නේ 1678 වසරේදීය. එහි සඳහන් වූයේ අස්වැන්නට අධිපති දෙවියන් විසින් මෙවැනි හැඩතල අඳීමින් අස්වැන්න පාළු කරන බවයි.නමුත් මෙවැනි අස්වනු වෘත්ත නිරීක්ෂණය කළ විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි මෙහි දී වගාවට හානියක් සිදු නොවී ඇති බව පැහැදිලි වේ.

    CropCircle3.jpg


    වගාකවයන්ට හසු වූ භූමිවල අස්වැන්න අනෙක් ප‍්‍රදේශයේ අස්වැන්නට වඩා බෙහෙවින් වැඩි බව වාර්තා වේ. ධාන්‍ය ගස නැමී ඇඹරී ගිය ද තිරිඟු හෝ අනෙකුත් ධාන්‍යයන්ට ඉන් හානියක් සිදු වී නොමැති බව ද පරීක්ෂකයෝ පෙන්වා දෙති. එහෙත් මෙම ප‍්‍රදේශයන්ගේ චුම්භක ක්ෂේත‍්‍රය අනෙක් ප‍්‍රදේශයන්ට වඩා වෙනස් බව ද විද්‍යාඥයන් පෙන්වා දෙයි. තවද මෙම ප‍්‍රදේශයන්හි වගා කටයුතු කරනු ලබන ගොවි මහතුන් මෙවැනි සිදුවීම් වලින් අනතුරුව විවිධ රෝගාබාධයන්ට ලක් වී ඇති බව ද වාර්තා වේ. එනම් හිසේ කැක්කුම, නාසයේ ආබාධ, ඇස්වල ආබාධ ආදියට හසුවීමයි.වගාකව දුටු රතු ඉන්දියානුවෙක් පැවසුවේ ආදිකාලීන චාරිත‍්‍රවලට අනුව මේවා ශුද්ධවූත්, දිව්‍යමයවූත් ලකුණු බවය. අතීතයෙ මෙම සළකුණු ඉතා ගෞරවනීය ලෙස සැලකූ බව ද ඔහු පවසා ඇත. මෙවැනි ලකුණු පහළ වූ විට පුරාණ රතු ඉන්දියානුවන් දින ගණනාවක් පුරා උත්සව පවත්වා ඇත.වරක් හැම්ෂයර් ප‍්‍රදේශයේ වූ වගා කවයක් අක්කර 300 ක් පමණ පුරා ප‍්‍රදේශයක ව්‍යාප්ත වී තිබූ අතර එය දුටුවන් විශ්මයට පත් කළා මෙන්ම මන්මත් කළ බව ද වාර්තා වේ.කොලින් ඇන්ඩෘස් නම් පරීක්ෂකයා පසුගිය වසර 20 පමණ මුළුල්ලේ මෙවැනි වගාකව පිළිබඳ විවිධ පරීක්ෂණවල නියැලුණු පුද්ගලයෙකි. ඔහු පවසන පරිදි මේවා තුළ ජ්‍යාමිතික රූප බහුලව ඇත.


    eastfield-2008-crop-circle-air.jpg


    සමමිතිය පිළිබඳ පවසන ඇන්ඩෲස් මේවා යම් මිම්මකට සිදු කළ ඒවා බව ද සඳහන් කරයි. ඇන්ඩෘස් මෙම අරුම පුදුම වගාකව දිගින් දිගටම විශ්ලේෂණය කළ අතර, මේවායේ සමීප දසුන් මෙන්ම උඩු ගුවනේ ගොස් ඡායාරූප ද විශාල ප‍්‍රමාණයක් ඇත. වරක් ඇන්ඩෘස් වගා කවයක් ආශ‍්‍රිත කළ පරීක්ෂණයක දී ඒ අවට පිරිස් පවසා සිටියේ එම ප‍්‍රදේශයට පෙර දින රාති‍්‍රයේ දී එම ප‍්‍රදේශයේ ආලෝක ධාරාවක් ඇදී යනු දුටු බවයි. ඒ අනුව ඇන්ඩෘස් නිගමනය කළේ අස්වැන්නක් මත හඳුනා නොගත් ආලෝක ධාරාවක් ඇදීී යාමෙන් පසුව මෙවැනි වෘත්ත නිර්මාණය වන බවයි.එහෙත් තවත් විද්‍යාඥයින් පිරිසක් පවසන්නේ මේවා ගොවියන් විසින්ම සිදු කරන බවය. එහෙත් තම වගා බිමට පැන ඒවා විනාශ කිරීමට මෙම අවිහිංසක ගොවියන්ට ඇති උවමනාව කුමක්ද? තවද මෙවැනි සංකීර්ණවූත්, විශාලවූත් නිර්මාණ කිරීමට ඔවුනට හැකියාවක් තිබිය හැකි ද?
    මෙවැනි අස්වනු රටා හමුවන ප‍්‍රදේශ දැනට හඳුනාගෙන ඇත. එනම් මෙවැනි රටාවන් හමු වී ඇත්තේ භූගත ජලය බහුලවම ලැබෙන ස්ථාන, අධි ආරක්ෂිත කලාප ආශ‍්‍රිතව, පුජනීය ස්ථාන ආශ‍්‍රිතව ලෙස දක්වා ඇත.

    කෙසේ වෙතත් වරක් දෙවරක් නොව බොහො වාරයක් මෙසේ පෘථිවිය පුරාම පිහිටි භූමියෙන් මේවා වාර්තාවීමෙන් ඒ පිළිබඳව වූ ඇල්ම ද වැඩි වී ඇත. මේ පිළිබඳව වැඩි දෙනෙකුගේ මතය වන්නේ මේවා සක්වළ ජීවීන් විසින් පෘථිිවියේ නිර්මාණය කරන බවත්, ඉන් විශ්වය හරහා ගමන් කරන සක්වළ යානාවන්ට නොයෙක් පණිවුඩ නිකුත් කරන බවය. එසේ නම් කිසිවකුට නොදැනී නොපෙනී නිමේෂයක් තුළ දී ඔවුන් මෙසේ තම සංඥා නිර්මාණය කරන්නේ තම සන්නිවේදන කටයුතු සඳහාම ද?තවත් පිරිසක් පවසන්නේ මෙම වගා කව සක්වළ ජීවින්ගේ අක්ෂර සංඛේත බවයි. සිහිවටන ලෙස මේවා ඔවුන් පැමිණි ප‍්‍රදේශවල සටහන් කර යන බව මෙම පිරිස පවසයි. කෙසේ වුවද මේවා සක්වළ ජීවීන්ගේ නිර්මාණයක් බව පිළිගන්නා පිරිස 80% පමණ වේ.කරුණු එසේ වුවද, බර්මියුඩාවෙහි අභිරහස මෙන්ම වගාකවයන් හි අභිරහස ද තවම පෘථිවි තලයට ම රහසක් වී පවතී. යම් දිනක අප පිට සක්වළ ජීවීන් සමඟ ඍජු සබඳතාවක් ගොඩ නැඟූ දිනට මෙම වගාකව පිළිබඳව නිශ්චිත නිගමනයකට පැමිණිය හැකි වනු ඇත.



    crop_circles_01b.gif
    SedonaEvents_crop_circle_8.jpg

    crop-circles-014.jpg
    CropCircle-008.jpg
    (අන්තර්ජාලය ඇසුරින්)ශෂිකා ලක්මාලි පෙරේරා
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    හරියටම කියන්න අමරුයි මචන්
    සමහර පිටසක්වල ජිව්න් සම්බන්දව පරිශන කරන පිරිස් කියන විදියට ඔය වගාකව පොලවෙ සලකුන් කරලා පිටසක්වල ජිවින් පෘතුවි වැසියන්ට යම්කිසි පනිවිඩ දෙන බවයි පවසන්නෙ
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    හරියටම කියන්න අමරුයි මචන්
    සමහර පිටසක්වල ජිව්න් සම්බන්දව පරිශන කරන පිරිස් කියන විදියට ඔය වගාකව පොලවෙ සලකුන් කරලා පිටසක්වල ජිවින් පෘතුවි වැසියන්ට යම්කිසි පනිවිඩ දෙන බවයි පවසන්නෙ

    :yes: