වගා කිරීම ගැන පොඩි හෙල්ප් එකක් මචන්ල

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    ගහකට දෙකකට දාන්නවත් පොල් පොහොර හොයාගන්න නැද්ද දැන්?
    පොර ගැන නම් දන්නේ නෑ. හැදෙන ගෙඩි දෙක තුනටත් රිලා හැත්ත කෙලිනවා. ගැට අන්නසියක් වත් තියන්නේ නෑ. සේරම කෙහෙල් බොඩ තලලා. අමුම කාල කන්නි ටිකක්. :lol: :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    මම කරනවා.

    1. අක්කරයකින් හාල් කොච්චර වගේ ගන්න පුලුවන්ද? ප්‍රදේශ විදියට කුරුණෑගල, අම්පාර, මතුගම වගේ පැති වල

    ලංකාවේ නං අක්කරයකට වී කිලෝ 1,700 ක් වගේ ගන්න පුළුවන් එක කන්නයකට.

    2. පොහොර ප්‍රශ්නෙ ව්සදිලාද නැත්තන් විසදගනින්මින් ඉන්නවද?

    පොහොර ගැටලුව විසදෙමින් පවතින්නේ.

    3. එහෙම නැත්තන් කට්ටිය කුඹුරු අත ඇරල වෙන වගාවල් වලට යන ට්‍රෙන්ඩ් එකක් තියෙනවද? ( බඩඉරිගු, උක්, කුරහන්...)

    කලින් වී වගාව ගැන මිනිසුන්ගේ උනන්දුව අඩු උනා. ඒත් දැන් නං ඒක මගහැරෙමින් පවතින්නේ.

    ලංකාවේ සමහර පළාත් වල යල මහ කන්න දෙකම වී වගාව කරනවා. සමහර පළාත් වල එක කන්නයක් කුඹුරු වල වී වගාව. ඉතිරි මාස වල ගෝවා, කරත, තක්කාලි, බෝංචි, අර්තාපල් වගේ වෙනින් බෝග වගා කරන්නේ.

    ඒ පළාත් වල වී වගා කරන්නේ විකිනීමට නෙමෙයි. තමුන්ගේ පරිභෝජනයට. අනෙකුත් වගා විකුණා තමයි අදායම ගන්නේ.

    අනික කුඹුරක මේ වගේ වී, අර්තාපල්, ගෝවා, බෝංචි වගේ දේවල් මාරුවෙන් මාරුවට හිටවද්දී අස්වැන්න වැඩියි.

    කොහොම උනත් අමතරව කියනවා නං ලංකාවේ සහ ඇමරිකාවේ වී වගාව සිදු කරන භුමි ප්‍රමාණයන් ආසන්න වශයෙන් සමානයි. ඒ උනාට ලංකාවේ යල මහා කන්න දෙකෙත් වී වගා කරලා ලබා ගන්න සම්පුර්ණ වාර්ෂික වී අස්වැන්න වගේ දෙගුණයක් ඇමරිකාව වාර්ෂිකව ලබා ගන්නවා විතරක් නෙමෙයි, ඒවා අපනයනය කරලා විශාල විදෙස් විනිමයක් හොයා ගන්නවා.

    ඒ නව තාක්ෂනය නිසා.
    ස්තූතියි මචන්. සෑහෙන විස්තරයක් දැනගත්ත.

    කුඹුරු වැඩ අවුලක් නෑ. කොයි පැත්තෙන්ද බලන්නේ. පොර ප්‍රශ්නෙ ලොකුවට බලපාන්නේ නෑ. පොල් එහෙමනම් ගන්න දෙයක් නෑ. අනිත් ඒවටත් හානිය වැඩි.
    රට වටේම මචන්. ඔය පැතිවලනෙ වගාව යන්නෙ ඒකයි ඒ පැති හයිලයිට් කරේ. එහෙම විශේශයක් නෑ හැම තැනම ගැන තමා අදහසක් ගන්න ඕනි.
    ------ Post added on Feb 23, 2023 at 7:27 PM

    පොර ගැන නම් දන්නේ නෑ. හැදෙන ගෙඩි දෙක තුනටත් රිලා හැත්ත කෙලිනවා. ගැට අන්නසියක් වත් තියන්නේ නෑ. සේරම කෙහෙල් බොඩ තලලා. අමුම කාල කන්නි ටිකක්. :lol: :lol:
    උන් නන් සෑහෙන වදයක් නේ දෙන්නෙ. දඩුලේන්නුත් පොල් ගස් වනසනවනෙ.
    ------ Post added on Feb 23, 2023 at 7:28 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මේ දවස්වල කුඹුරු වගාව කොහොමද?
    අවුලක් නැහැ

    1. අක්කරයකින් හාල් කොච්චර වගේ ගන්න පුලුවන්ද? ප්‍රදේශ විදියට කුරුණෑගල, අම්පාර, මතුගම වගේ පැති වල
    ගන්න පුලුවන් අස්වැන්න ප්‍රදේශය අනුව ගොඩක් වෙනස් වෙනවා. මම දැනට වැඩ කරන කුඹුර තියෙන්නෙ ටිකක් විතර මුහුදට ලඟ නිසා අස්වැන්නෙ පොඩි අඩුවක් තියනවා
    හොඳට කුඹුර හරිගියෝතින් වී කිලෝ 1200ක් 1500ක් වගේ තමයි මම අරගෙන තියෙන්නෙ
    හැබැයි මට මේකට ගොඩක්ම වෙලාව දාන්න විදියක් නැහැ ජොබ් එක ෆුල් ටයිම් කරන ගමන් කරන නිසා ෆ්‍රී ටයිම් එකේ අපිට කන්න විතරක් වී හදාගන්න එකට තමයි මම කුඹුරු වැඩ කරන්නෙ එහෙම නැතුව වී විකුනන්න බලාගෙන නෙමයි , තව මහන්සි වෙනවා නං මීට වඩා ගන්න පුලුවන් ඇති

    2. පොහොර ප්‍රශ්නෙ ව්සදිලාද නැත්තන් විසදගනින්මින් ඉන්නවද?
    ඔවු පෝර ගොවිජන සේවා එකේ ගන්න තියනවා , හැබැයි කලින්ට වඩා ටිකක් ගනන්
    යූරියා වලට 12000ක් විතර ගියා, රතු කුඩු වලටත් තව ඒ වගේම ගියා
    කැට පෝර හම්බුනේ නැහැ
    තෙල් බෙහෙත් වලටත් ඔය වගේම වියදං වෙනවා, මුලින් තණ කොල වලට ගහපු තෙල් එක ලීටරේ 13000ට ගිය කන්නෙ අරන් තිබුනු එකක් ගැහුවෙ. දැන් ඒක 19000ක්ද කොහෙද වෙනවා

    3. එහෙම නැත්තන් කට්ටිය කුඹුරු අත ඇරල වෙන වගාවල් වලට යන ට්‍රෙන්ඩ් එකක් තියෙනවද? ( බඩඉරිගු, උක්, කුරහන්...)
    නෑ
    වෙන ඒව කරොත් පෝර ගන්න විදියක් නැහැ. ගොවිජන සේවා එකෙන් පෝර දෙන්නෙ කුඹුරක වී වගා කරනවා නං විතරයි. කුපනිස ඇවිත් බලලා කුඹුර වැඩ කරනවා නං විතරයි පෝර වලට නම දාන්නෙත්.
     
    Last edited:

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,598
    3,155
    113
    මේ සරෙනම් අස්වැන්න අඩුවෙල තියෙන්නේ. පොහොර හා ලෙඩ. ඩීසල් ගණන් නිසා වියදම් වැඩි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මම මිරිස් පැලයක් හැදුවා. කූඹි ඇවිල්ලා උඩම තියෙන දළු අස්සෙ මල් පිපෙන තැන බිත්තර දාලා කුරු වෙලා ගියා. ගොවියො කොහොම කරනවද මන්දා. එපා වෙනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    අවුලක් නැහැ

    ගන්න පුලුවන් අස්වැන්න ප්‍රදේශය අනුව ගොඩක් වෙනස් වෙනවා. මම දැනට වැඩ කරන කුඹුර තියෙන්නෙ ටිකක් විතර මුහුදට ලඟ නිසා අස්වැන්නෙ පොඩි අඩුවක් තියනවා
    හොඳට කුඹුර හරිගියෝතින් වී කිලෝ 1200ක් 1500ක් වගේ තමයි මම අරගෙන තියෙන්නෙ
    හැබැයි මට මේකට ගොඩක්ම වෙලාව දාන්න විදියක් නැහැ ජොබ් එක ෆුල් ටයිම් කරන ගමන් කරන නිසා ෆ්‍රී ටයිම් එකේ අපිට කන්න විතරක් වී හදාගන්න එකට තමයි මම කුඹුරු වැඩ කරන්නෙ එහෙම නැතුව වී විකුනන්න බලාගෙන නෙමයි , තව මහන්සි වෙනවා නං මීට වඩා ගන්න පුලුවන් ඇති

    ඔවු පෝර ගොවිජන සේවා එකේ ගන්න තියනවා , හැබැයි කලින්ට වඩා ටිකක් ගනන්
    යූරියා වලට 12000ක් විතර ගියා, රතු කුඩු වලටත් තව ඒ වගේම ගියා
    කැට පෝර හම්බුනේ නැහැ
    තෙල් බෙහෙත් වලටත් ඔය වගේම වියදං වෙනවා, මුලින් තණ කොල වලට ගහපු තෙල් එක ලීටරේ 13000ට ගිය කන්නෙ අරන් තිබුනු එකක් ගැහුවෙ. දැන් ඒක 19000ක්ද කොහෙද වෙනවා

    නෑ
    වෙන ඒව කරොත් පෝර ගන්න විදියක් නැහැ. ගොවිජන සේවා එකෙන් පෝර දෙන්නෙ කුඹුරක වී වගා කරනවා නං විතරයි. කුපනිස ඇවිත් බලලා කුඹුර වැඩ කරනවා නං විතරයි පෝර වලට නම දාන්නෙත්.
    Thanks machan. detail reply ekata :love: :love:
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    මම මිරිස් පැලයක් හැදුවා. කූඹි ඇවිල්ලා උඩම තියෙන දළු අස්සෙ මල් පිපෙන තැන බිත්තර දාලා කුරු වෙලා ගියා. ගොවියො කොහොම කරනවද මන්දා. එපා වෙනවා
    කන්දේගම මහත්මයාගෙන් අහන්න; විසඳුම් කිහිපයක්ම දේවි https://www.youtube.com/channel/UC9FLG-1uDSCyLizP55MLQ8Q