පොර ගැන නම් දන්නේ නෑ. හැදෙන ගෙඩි දෙක තුනටත් රිලා හැත්ත කෙලිනවා. ගැට අන්නසියක් වත් තියන්නේ නෑ. සේරම කෙහෙල් බොඩ තලලා. අමුම කාල කන්නි ටිකක්.ගහකට දෙකකට දාන්නවත් පොල් පොහොර හොයාගන්න නැද්ද දැන්?

පොර ගැන නම් දන්නේ නෑ. හැදෙන ගෙඩි දෙක තුනටත් රිලා හැත්ත කෙලිනවා. ගැට අන්නසියක් වත් තියන්නේ නෑ. සේරම කෙහෙල් බොඩ තලලා. අමුම කාල කන්නි ටිකක්.ගහකට දෙකකට දාන්නවත් පොල් පොහොර හොයාගන්න නැද්ද දැන්?

ස්තූතියි මචන්. සෑහෙන විස්තරයක් දැනගත්ත.මම කරනවා.
1. අක්කරයකින් හාල් කොච්චර වගේ ගන්න පුලුවන්ද? ප්‍රදේශ විදියට කුරුණෑගල, අම්පාර, මතුගම වගේ පැති වල
ලංකාවේ නං අක්කරයකට වී කිලෝ 1,700 ක් වගේ ගන්න පුළුවන් එක කන්නයකට.
2. පොහොර ප්‍රශ්නෙ ව්සදිලාද නැත්තන් විසදගනින්මින් ඉන්නවද?
පොහොර ගැටලුව විසදෙමින් පවතින්නේ.
3. එහෙම නැත්තන් කට්ටිය කුඹුරු අත ඇරල වෙන වගාවල් වලට යන ට්‍රෙන්ඩ් එකක් තියෙනවද? ( බඩඉරිගු, උක්, කුරහන්...)
කලින් වී වගාව ගැන මිනිසුන්ගේ උනන්දුව අඩු උනා. ඒත් දැන් නං ඒක මගහැරෙමින් පවතින්නේ.
ලංකාවේ සමහර පළාත් වල යල මහ කන්න දෙකම වී වගාව කරනවා. සමහර පළාත් වල එක කන්නයක් කුඹුරු වල වී වගාව. ඉතිරි මාස වල ගෝවා, කරත, තක්කාලි, බෝංචි, අර්තාපල් වගේ වෙනින් බෝග වගා කරන්නේ.
ඒ පළාත් වල වී වගා කරන්නේ විකිනීමට නෙමෙයි. තමුන්ගේ පරිභෝජනයට. අනෙකුත් වගා විකුණා තමයි අදායම ගන්නේ.
අනික කුඹුරක මේ වගේ වී, අර්තාපල්, ගෝවා, බෝංචි වගේ දේවල් මාරුවෙන් මාරුවට හිටවද්දී අස්වැන්න වැඩියි.
කොහොම උනත් අමතරව කියනවා නං ලංකාවේ සහ ඇමරිකාවේ වී වගාව සිදු කරන භුමි ප්‍රමාණයන් ආසන්න වශයෙන් සමානයි. ඒ උනාට ලංකාවේ යල මහා කන්න දෙකෙත් වී වගා කරලා ලබා ගන්න සම්පුර්ණ වාර්ෂික වී අස්වැන්න වගේ දෙගුණයක් ඇමරිකාව වාර්ෂිකව ලබා ගන්නවා විතරක් නෙමෙයි, ඒවා අපනයනය කරලා විශාල විදෙස් විනිමයක් හොයා ගන්නවා.
ඒ නව තාක්ෂනය නිසා.
රට වටේම මචන්. ඔය පැතිවලනෙ වගාව යන්නෙ ඒකයි ඒ පැති හයිලයිට් කරේ. එහෙම විශේශයක් නෑ හැම තැනම ගැන තමා අදහසක් ගන්න ඕනි.කුඹුරු වැඩ අවුලක් නෑ. කොයි පැත්තෙන්ද බලන්නේ. පොර ප්‍රශ්නෙ ලොකුවට බලපාන්නේ නෑ. පොල් එහෙමනම් ගන්න දෙයක් නෑ. අනිත් ඒවටත් හානිය වැඩි.
උන් නන් සෑහෙන වදයක් නේ දෙන්නෙ. දඩුලේන්නුත් පොල් ගස් වනසනවනෙ.පොර ගැන නම් දන්නේ නෑ. හැදෙන ගෙඩි දෙක තුනටත් රිලා හැත්ත කෙලිනවා. ගැට අන්නසියක් වත් තියන්නේ නෑ. සේරම කෙහෙල් බොඩ තලලා. අමුම කාල කන්නි ටිකක්.![]()
![]()
අවුලක් නැහැමේ දවස්වල කුඹුරු වගාව කොහොමද?
ගන්න පුලුවන් අස්වැන්න ප්‍රදේශය අනුව ගොඩක් වෙනස් වෙනවා. මම දැනට වැඩ කරන කුඹුර තියෙන්නෙ ටිකක් විතර මුහුදට ලඟ නිසා අස්වැන්නෙ පොඩි අඩුවක් තියනවා1. අක්කරයකින් හාල් කොච්චර වගේ ගන්න පුලුවන්ද? ප්‍රදේශ විදියට කුරුණෑගල, අම්පාර, මතුගම වගේ පැති වල
ඔවු පෝර ගොවිජන සේවා එකේ ගන්න තියනවා , හැබැයි කලින්ට වඩා ටිකක් ගනන්2. පොහොර ප්‍රශ්නෙ ව්සදිලාද නැත්තන් විසදගනින්මින් ඉන්නවද?
නෑ3. එහෙම නැත්තන් කට්ටිය කුඹුරු අත ඇරල වෙන වගාවල් වලට යන ට්‍රෙන්ඩ් එකක් තියෙනවද? ( බඩඉරිගු, උක්, කුරහන්...)
Thanks machan. detail reply ekataඅවුලක් නැහැ
ගන්න පුලුවන් අස්වැන්න ප්‍රදේශය අනුව ගොඩක් වෙනස් වෙනවා. මම දැනට වැඩ කරන කුඹුර තියෙන්නෙ ටිකක් විතර මුහුදට ලඟ නිසා අස්වැන්නෙ පොඩි අඩුවක් තියනවා
හොඳට කුඹුර හරිගියෝතින් වී කිලෝ 1200ක් 1500ක් වගේ තමයි මම අරගෙන තියෙන්නෙ
හැබැයි මට මේකට ගොඩක්ම වෙලාව දාන්න විදියක් නැහැ ජොබ් එක ෆුල් ටයිම් කරන ගමන් කරන නිසා ෆ්‍රී ටයිම් එකේ අපිට කන්න විතරක් වී හදාගන්න එකට තමයි මම කුඹුරු වැඩ කරන්නෙ එහෙම නැතුව වී විකුනන්න බලාගෙන නෙමයි , තව මහන්සි වෙනවා නං මීට වඩා ගන්න පුලුවන් ඇති
ඔවු පෝර ගොවිජන සේවා එකේ ගන්න තියනවා , හැබැයි කලින්ට වඩා ටිකක් ගනන්
යූරියා වලට 12000ක් විතර ගියා, රතු කුඩු වලටත් තව ඒ වගේම ගියා
කැට පෝර හම්බුනේ නැහැ
තෙල් බෙහෙත් වලටත් ඔය වගේම වියදං වෙනවා, මුලින් තණ කොල වලට ගහපු තෙල් එක ලීටරේ 13000ට ගිය කන්නෙ අරන් තිබුනු එකක් ගැහුවෙ. දැන් ඒක 19000ක්ද කොහෙද වෙනවා
නෑ
වෙන ඒව කරොත් පෝර ගන්න විදියක් නැහැ. ගොවිජන සේවා එකෙන් පෝර දෙන්නෙ කුඹුරක වී වගා කරනවා නං විතරයි. කුපනිස ඇවිත් බලලා කුඹුර වැඩ කරනවා නං විතරයි පෝර වලට නම දාන්නෙත්.

කන්දේගම මහත්මයාගෙන් අහන්න; විසඳුම් කිහිපයක්ම දේවි https://www.youtube.com/channel/UC9FLG-1uDSCyLizP55MLQ8Qමම මිරිස් පැලයක් හැදුවා. කූඹි ඇවිල්ලා උඩම තියෙන දළු අස්සෙ මල් පිපෙන තැන බිත්තර දාලා කුරු වෙලා ගියා. ගොවියො කොහොම කරනවද මන්දා. එපා වෙනවා