පහු ගිය දවස් ටිකෙ හැමොම වගා සංග්රාමෙක නිරත වෙලා හිටිය නිසා හැමෝටම තියෙන පොඩි ගැටලූවකට
දෙන්න පුලූවන් සරල විසදුමක් තමයි අද අරගෙන ආවේ.
තවන් දාපු පැල තවානෙන් ගලවල පාත්තියක හිටවපුවම හරි දාපු බීජ වලින් පොඩි පැල මතු වුනාම ඔවා කන්න එන ගොලූ බෙල්ලන් හමුදාවගෙන් පැල ගලවගන්න එක හරිම අමාරු වැඩක්.ගොඩක් වෙලාවට
පාත්තියෙන් පැල කිහිපයක් හරි ගොලූ බෙල්ලො බිල්ලට ගන්නවා.
මේකට කරන්න තියෙන්නේ අන්නාසි කොළයක් කපලා අරගෙන කොස් කොළ ඔටුන්න හදනවා වගේ රවුම්
කරලා ඉරට්ටක් ගහලා පැලේ වටේට තියෙන එක....අන්නාසි වෙනුවට වැටකෙයියා හෝ පන් කොළ ගන්න පුලුවන්.පොල් කොළ නන් භාවිතා කරලා නැ.නමුත් අවුලක් වෙන එකක් නෑ.